skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, January 1, 2011

විදූ සහ මම

ඔන්න හා හා පුරා කියලා නව වසරට වැඩ අල්ලන්න හිතාගෙන අපි ගියා "විදූ" බලන්න.
අපි කිව්වෙ, අම්මයි මමයි. තාත්තටත් එන්න විදිහක් නෑ, මහරගම පිළිකා රෝහලට ඒගොල්ලො බේත් දන් දෙන පුණ්‍ය කටයුත්තක්. අපි දෙන්නා ඉතින් බෙල්ලන්විල පන්සලුත් වැඳගෙනම චිත්තරපටිය බලන්න ගියා.
ඕකනෙ ඉතින් වල් පල් කියනවා කියන්න ආපු කාරණේ අමතක කරලා.

අවංකවම, විදූ හොඳ චිත්‍රපටියක්.
විදූ කරන දේවල් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, හැරී පොටර් වීරයින් වන ලෝකයේ ඔහු ඉතාම යථාර්ථවාදී වීරයෙක්.
විදූ ඔබේ වටිනාකම පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔබ එය ගොඩ නගා ඇතිදැයිද, ඔබ එය ගොඩ නඟා ගත්තේ කෙසේදැයි ද, ඔබගේ නියම වටිනාකම ඔබට ලැබී ඇති දැයි ද ප්‍රශ්න කරනවා.
මට වෙලාවකට හිතෙනවා, විදූ කියන්නෙ ලාංකීය සමාජයෙන් නිසි වටිනාකමක් ලබා නොදුන් හා, ලාංකීය සමාජය විසින් වටිනාකමක් හඳුනා නොගත්; හඳගමගේ පෙර සිනමා නිර්මාණ මතින් ගොඩ නැඟුණු අදහසක්ද කියලත්.
හඳගමගේ මුල් නිර්මාණ කිසිවක්, ජැක්සන් ඇන්තනීගේ අබා හෝ සෝමරත්න දිසානායකගේ සරෝජා හෝ සූරිය අරණ හෝ තරම් ආදායම් නොඉපයූ බව නිසැකයි.

කොහොම නමුත් ඒ අස්සේ මට වෙච්චි දේත් අහන්නකෝ.
ඔන්න ඉතින් මම ටිකට් දෙකක් ගත්තා. 2000 කොළයක් දුන්නා. ආයි මගෙන් කවුන්ටරේ මනුස්සය රු.100 කුත් ඉල්ල ගත්තා.
බැල්කනි ටිකට් එකක් රු.300. දැන් ඉතිරි කීයක් වෙන්න ඕනෙද ළමයිනේ?
1500 ක් හම්බ වෙන්න එපැයි :(
හම්බ උනේ රු.500. මගේ සිහි බුද්ධියේ හොඳ කමට රු.1000 කුත් තව ලැබෙන්න ඕනෙ කියල මතක් උනේ ගෙදරට කිට්ටු කරල..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
දැන් ඉතින් ආයි රීගල් එකට යන්නද?
රුපියලට දෙකට ලෝබ කරන ස්වප්නාට 1000 කොළයක් පිටින්ම අන්තර්ස්ධාන උනාම මොන තරන් විස්සෝපයක් ඇද්ද?
හපෝ.....යි :)
:( :D
Posted by ස්වප්නා at 20:18
වර්ගීකරණය: සමාජ සිද්ධි

13 විවේචන:

dinesh said...

බැල්කනි ටිකට් එකක් 300 යි...........!!!!!.international price නෙ.මෙහෙත් වෙන්නෙ 700ක් විතර.

හික්.......හික්.......අද නින්ද යන්නෙත් නැතිවෙයිද දන්නෙ නෑ අර 1000 සීන් එක හින්ද?

January 1, 2011 at 8:49 PM
සංජු said...

හපෝයි... ස්වප්නා ස්වප්නයෙන් ද චිත්තරපටිය බලන්න ගියෙත්????

January 1, 2011 at 9:13 PM
Butterfly thoughts said...

අනේ හපොයි! අවුරුද්දේ පළවෙනිදා රීගල් එක සංවර්ධනය කිරීමේ අරමුදලට පරිත්‍යාගයක් කරා කියල හිතා ගන්නකො.

January 1, 2011 at 9:38 PM
Anonymous said...

අපෝයි.... ස්වප්නා එච්චර ලොබද? :D විදූට දුන්නා කියලා හිත හදා ගන්න අක්කේ... ඇත්තටම විදු ඔච්චර හොදනම් මාත් යන්න ඕනි බලන්න...

January 1, 2011 at 10:19 PM
සංකල්ප said...

මුලින්ම ස්වප්නට සුබම සුබ නව වසරක් කියලා පතනවා.

මම නම් විදු බලලා නෑ. ඔයා කියපු කතා හින්දා බලන්න යන්න ඕනේ කියලා ආසාවක් ඇති උනා. රුපියල් දාහා ගැන දුක් වෙන්න එපා. දෙයක් යන්න තියේ නම් ඒක කොහොමහරි යනවා නේ.

January 1, 2011 at 11:16 PM
charmi said...

මෙහෙමයි ස්වප්නා....
මාත් පොඩි කඩයක් කරන්න හිතං ඉන්නවා....
පටන් ගත්තාම කියන්නං... හොඳ ළමයා වගේ ඇවිත් මොනවාහරි අරං යන්න හොඳේ...

January 2, 2011 at 12:05 AM
ස්වප්නා said...

@dinesh: රීගල්, සැවෝයි ඒ ගණන් තමයි. ආයිත් අහලා :) ඇස් පියවෙන්නෙත් නෑ හී හී :)

@සංජු: අනේ මන්දා අනේ. කොහොමත් මගේ ඔය සිහි කල්පනාවෙන් බැලන්ස් චෙක් නොකරන බග් එක තියනවා :(

@Janani: හ්ම් :( වෙන මොනා කරන්නද :( :D

@පොඩ්ඩ මල්ලි: අපතේ යනවට ලෝබයි. වියදම් කරන්න ලෝබ නෑ :) ඔව් ඔව් යන්න යන්න නොවැරදීම යන්න.

@මධුරංග: ඔබටත් එසේම වේවා !! http://sonduru-sihina.blogspot.com/2010/12/blog-post_29.html
විදූ බලන්න. ලස්සනයි ඇත්තටම මට නම්...

@charmi: හී හී .. එන්නං එන්නං :P

January 2, 2011 at 11:05 AM
Dinesh said...

"විදූ" චිත්‍රපටිය දැකල ඒ ගැන සතුටු වෙලා ආදාරයක් කරල ආවා කියල හිතා ගන්නකෝ... හරියට අපි වෙසක් කුඩු බලලා සතුටු වෙලා ඊළග පාරත් හොද නිර්මාණයක් කරන්න දිරියක් වෙනවා වගේ........

January 2, 2011 at 1:33 PM
ස්වප්නා said...

හිහ්.. එහෙම නෙවෙයි ළමයෝ.. අර ටිකට් කඩන්න හිටපු මනුස්සයා ජනවාරි පළවෙනිදා හොඳ රෑ කෑමක් කන්න ඇති කියල හිතලා සතුටු වෙන්න පුළුවන්. එයා සල්ලි බාර කරන්න ඕනෙ කැඩිච්ච ටිකට් ගාණටනෙ ;) :D

January 2, 2011 at 9:05 PM
``` Outsider``` said...

මේ ඔයා බඩු ගන්න අරවට මේවට යද්දි මාත් එන්නද?. මටත් ගනුදෙනුවක් හොයා ගන්න පුඵවන්. මොකද ගණන් බැරි වුණාට මට හොඳට සල්ලි ගණන් වරදින්නෙ නෑ.

January 3, 2011 at 9:10 AM
ස්වප්නා said...

හී හී. විහිළු නෙවෙයි අනේ. මතක් වෙනකොටත් මට හාර්ට් අටෑක් වගේ . :( :)

January 3, 2011 at 9:56 AM
Pathum Punchihewa said...

අපරාදේ අපේ නැහැනේ ෆිල්ම් හෝල් එකක් ස්වප්නාට ෆිල්ම් බලන්න එන්න කියන්න... තිබුනනන්ම් ඩිස්කවුන්ට් එකකුත් දෙනවා :D

January 3, 2011 at 4:18 PM
ස්වප්නා said...

:P

January 3, 2011 at 4:41 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio