Thursday, January 20, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
සුදා මොකක් හරි අමුතු ඇඳුමක් ඇන්දොත්, ඒ කියන්නෙ ඔය ගමනක් බිමනක් යන්න වගේ හොඳ සූට් එකක්
ඇන්දොත් එහෙම; අපේ වැට ගාවට ඇවිත්,
"මේක ලච්චනද?"
"මැචින් ද?"
"ඔයාට මෙහෙම එකක් නෑ නේද?"
"තියනවද?"
"නෑ නේ?"
"පුතාට තියනවා නේද?"
වගේ සුපුරුදු ප්රශ්න කෝටියක් අහනවා.
පහුගිය පෝය දවසෙ පන්සල් යන්න, සුදා සුදු අත් දිග ෂර්ට් එකකුයි සුදු කලිසමකිනුයි සැරසිල වැට ලඟට ඇවිල්ල,
අපේ තාත්තා එක්ක කතාවට වැටිලා තිබුණා.
අපේ තාත්තත් ඉතින් අමතර ප්රශ්න අහනවනෙ.
තාත්ත කියල සුදාට, "හරි ඉතින් මට ඔයා ඔය ඇඳුම දෙනවද? මට ඔයින් එකක් නෑ නෙ."
සුදත් ඉතින් සැදැහැ සිතින් හා කියල පන්චල් ගිහින් තියනවා.
පන්සල් ගිහින් කළුවර වැටිලා ආපු සුදාගෙන්, තාත්තා ඇහුවලු "සුදෝ, කෝ ඉතින් ඔය ඇඳුම දැන් මට දෙනවද?"
"ඈ??"
"මට ඔය සුදු ෂර්ට් එකයි, දික් කයිචමයි දෙනවද?"
"මොකක්ද.........??"
"ඔයා කිව්වෙ මට ඔය ඇඳුම දෙනව කියලා"
අපේ සුදා,
මල් හිනාවක් දාල,
මෙහෙම කිව්වලු:
"මම විහිළුවට කියන කතා ඔයා ගණන් ගන්න එපා අනේ"
Subscribe to:
Post Comments (Atom)
8 විවේචන:
අක්කා සුදාගෙ කතා සීරිස් එකක්ම ලිව්වද ? මම මේ කියවන්නේ පලවෙනි වතාවට. කවුද අක්කා සුදා කියන්නේ. ගෙවල් ලඟ පුතෙක් ද ?
ඔක්කෝටම කලින් සුදාව මීටරේට දා ගන්න එපායැ.ඉතිං එකේ ඉඳලම බැලුවා :)
මෙයා තුනේදි මෙහෙමනම් පහේදි ඉස්සරවෙලාම තුනේ පංතියට විතර ඇතුල් කලාට ප්රශ්නයක් නැති වෙයි.හික්.......
@ මධුරංග: http://sonduru-sihina.blogspot.com/2010/04/1.html
@ dinesh: හී හී කියලා වැඩක් නෑ :)
මාත් මේ සුදාගෙ කතාව කියෙව්වේ පළවෙනි පාරට..... අනිත් කොටස් ටිකත් කියවන්න ඔන.... හරිම ලස්සනයි.... කොල්ලා පොඩි උනාට හොදට මොලේ තියෙනවා වගේ...
ඔව්. ඇත්තටම කොල්ලා දක්ෂයි.
නියම කොඵ පැටියෙක්..
හී හී :)
මෙන්න අපෙ කාලෙ පොඩි එවුන් කිව්වලු.
උන් අපිට වඩා අඩි දහයක් විතර ඉඩිරියෙන් ඉන්නෙ.
මගෙ බ්ලොග් එක
www.pinthura.info
Post a Comment