skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, December 18, 2010

ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?


ගුරු ගීතය මම කියවන්න අසාවෙන් හිටපු පොතක්. ගුරු ගීතය කියවීමේ ආසාව "ඇහිපිල්ලමක් යට" නාට්‍යය නැරඹීමෙන් වඩාත් තීව්‍ර වුණා කිව්වොත් නිවැරදියි.
කොහොම නමුත් පොත කියෙව්වෙ අද :)
පොත කියවන් යනකොට අල්තීනායි ගැන කෙසේ වෙතත්, දුයිෂෙන් ගැන ඇතිවන්නෙ දරා ගන්න බැරි කණගාටුවක්. අල්තීනායි, "කාන්තාරයේ කුසුම" හි එන වාරිස් ට වඩා වාසනාවන්තයි.
මොකද අල්තීනායි ගැන බලන්න දුයිෂෙන් හිටපු නිසා.
ඒත් එක්කම මට මතක් උනේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ" කියන ගීය.
ගීතයේ, දුයිෂෙන් හා අල්තිනායි අතර පැවති හෙළි නොකල ප්‍රේමය වගේ සිදු වීමක් ඇතුළත් නොවුණාට, ඒ ගීයත් දුයිෂෙන්ලා වගේ පෙරහැරේ නොයන, කොටන් අදින අලි ගැන කියපු කතාවක් තමයි තියෙන්නෙ.
හදවතින්ම තමන්ගෙ සේවය කරලා, නිහඬව මිය යන මිනිසුන් ගැනත්, ඒ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න බැරිව ලත වෙන හෘද සාක්ෂියක් ඇති අල්තීනායිලා ගැනත් මට මෙහෙම හිතුණා.

ආදරණීය ගුරුතුමනි දුයිෂෙන්
ලියුම් බෙදනා ගං ගොඩේ
ඇවිත් ඇත අල්තීනයි අයිලට
තැබී මුල් ගල විදුහලේ

අකුරු දෙක තුන ගැට ගැසූ නුඹ
විද්වතුන් ලොව බිහි කළේ
නොදත් අකුරක් කියා දෙන්නට
නුඹට කොහොමද හැකි වුණේ

ඔබට පෙම් කල, ඔබත් පෙම් කල
නොකිව් පෙම් පුවතක් තියේ
ඈ රැගෙන දුම් රිය ඇදෙනකොට
කොහොමදෝ හිත වෑවුණේ

ඔබ ලඟින් හිඳ ඔබ පුදනු බැරි
අල්තිනායි අද වැළපෙතේ
ප්‍රේමයම නොව, අසීමිත වූ
භක්තියයි ඒ වැළපුණේ
Posted by ස්වප්නා at 15:28
වර්ගීකරණය: සිතුවිල්ලක්

15 විවේචන:

dinesh said...

ගුරු ගීතය කියවල නෑනෙ..........කැමිලස්ගේ "ගජමෑන්" නම් දිගටම බලල තියනවා.හි.....හි..
ලංකාවට ගියාම කියවන්න හිතාගෙන ඉන්න පොත් සෙට් එකට මේකත් දාගන්න ඕනෙ.

December 18, 2010 at 9:22 PM
Anonymous said...

හිතට වදින කවියක්.ලස්සනට ලියලා තියනවා.

December 18, 2010 at 11:45 PM
තරු අහස said...

මමද දුයිෂෙන් කෙනෙක් වන්නෙමි...මගේ අල්තීනාද දිනෙක ලොව ජය ගනු ඇත..ඒත් මා කිසි දිනෙක ඇයව නොදකිනු ඇත...එහෙත් මට දුකක් ඇත...ඒ දුක මට වෙදනා ගෙන නොඒ..ඇය සතුටින් සිටින බව මා දන්නා හෙයිනි..ඒ...

December 19, 2010 at 1:25 AM
Dinesh said...

ගුරු ගීතය... මම නම් මේ පොත කියවලා නැහැ... මේ විස්තරේ දැක්කමනම් හිතුනා හොද ඇති කියලා... වෙලාවක් ලැබුනොත් කියවලා බලන්නම්... බොහොම ස්තුතියි අක්කේ මේ ගැන අපිටත් කිව්වට...

December 19, 2010 at 3:49 AM
``` Outsider``` said...

පුංචි කාලෙ මේ පොත හත්අට වතාවක් විතර කියෙව්ව. මොකද ගෙයි හරියෙ තිබ්බෙ මේකත් එක්ක තව පොත් දෙක තුනක් විතරයි.
පොත පුංචි වුණත් කතාව හරිම සංවේදීබවක් සහිතයි.

December 19, 2010 at 9:08 AM
ස්වප්නා said...

@dinesh: නොවැරදීම කියවන්න

@situwillimandiya: ස්තුතියි :)

@ තරු අහස: හ්ම්ම්... මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන මිනිස්සු එහෙම තමා.

@Dinesh: කියවලා බලන්න. ඇත්තටම ලස්සන පොතක් .

@Outsider: ඔව්. ඒක ඇත්ත. ඒ පොතේ දුයිෂෙන් පුදුමාකාර විදිහේ හදවතක් තියන මනුස්සයෙක් !!

December 19, 2010 at 9:48 AM
Raven said...

ගුරුගීතය ගොඩක් කාලෙකට ඉහත කියෙවුවා. නැවත වතාවක් කියවන්න හිතන් ඉන්නවා.

පදපෙළ අපූරුයි.

December 19, 2010 at 10:35 AM
P. Wijekoon said...

හෙලි නොකලත් දුයිශෙන් ලඟ තිබුනෙ හිමි කර ගැනීමක් නොවූ සැබෑ ආදරය. ඇයගෙ යහපත වෙනුවෙන් ඔහු ජීවිතය අමතක කර කැපවුනා තමන් කරන දෙයින් ඇය අහිමි වන බව දැන දැනම. ස්වප්නක් වගේ ලස්සනයි කවිය.
මැණික්(සුළඟ)

December 19, 2010 at 11:01 AM
මකුළුවා..... said...

මම ආසාවෙන් කියවපු පොතක්....
ගුරු ගීතය කියෙව්වේ අ.පො.ස සා/පෙ විභාගය පටන් ගන්න කලින් දවසේ....එතනදී මට දැනුන විදිහට දුයි‍ෂෙන් තුළ ජීවත් වන ගුරුවරයා කියන භූමිකාව ඔහු තුල අල්තීනායි ගැන ඇතිවන යටපත් කරලා දානවා....අදටත් සමාජයේ දුය්ෂෙන් ලා ජීවත්වෙනවා...ඒ ව‍ගේම අල්තීනායිලත් ඉන්නවා...

(වාරිස් ගේ පොත මේ දවස්වල කියවනවා....)

December 19, 2010 at 3:19 PM
ස්වප්නා said...

@Raven: ස්තුතියි අගය කිරීමට :)
නැවත කියවන්න... එකම පොත උනත් කිහිප විටක් කියවනකොට, වෙනස් වෙනස් අර්ථ දැනෙන්න පටන් ගන්නවා..

@මැණික්: ස්තුතියි :) දවසකුත් මට කියලා තිබුණා ඔයා "ස්වප්නයක් වගේ ලස්සනයි කවිය" කියලා. හරිම සතුටු හිතෙන අගය කිරීමක් !!
දුයිෂෙන් ලඟ තියෙන්නෙ ආත්මාර්ථකාමී නොවූ ආදරයක්. මට හිතෙන්නෙ එහෙමයි.

@මකුළුවා: වාරිස්ගෙ පොත කියවන්න හරිම අමාරුයි. මට ඔලුවෙ කැක්කුමකුත් හැදුණා ඒක කියවලා.. වේදනාව බොහොම තියුණු විදිහට සටහන් වෙලා තියන පොතක් !!

December 19, 2010 at 10:18 PM
රවා said...

පැණ මඩි කඩිති වැව්තාඋල ගම්මානෙ..
පෙන්නා මග නොමග නොවැටි යන තාලෙ
සිප් කිරි පෙවු මුසිලයන් උඩුමහලෙ..
අපෙ ගුරුතුමා තාමත් යයි ඉස්කොලෙ..

December 20, 2010 at 3:36 AM
ස්වප්නා said...

රවා කාලෙකින් :) සතුටුයි ඇවිත් ගියාට :)

December 20, 2010 at 7:42 PM
ආගන්තුකයා said...

මමත් දුයිශෙන් කෙනෙක් වෙන්න උත්සහ කලා....මට වෙන්න බැරි උනා.. මොකද.....
මට අල්තිනායි කෙනෙක් හම්බ උනේ නෑ කවදාවත්ම...
හැබැයි මට ලේසියෙන්ම අල්තීනායි කෙනෙක් වෙන්න නම් පුලුවන් උන...මොකද මට දුයිශෙන්ල ගොඩ දෙනෙක් හම්බ උන නිසා....
පිලිගත්තත් නොපිලි ගත්තත් අපි හැමෝගෙම ජීවිත වල අල්තීනායි සැඟවිලා ඉන්නවා....මුල අමතක කරල පස්සෙ පසු තැවෙන.....
ඇත්තටම මේ අපේ කතාවයි....

December 24, 2010 at 8:08 PM
ස්වප්නා said...

:) ඔයා වාසනාවන්තයි.. මොකද ඔයාට තමන්ට දුයිෂෙන්ලා ගොඩක් මුණ ගැහුණු බවට හිතන්න පුළුවන් හිතක් තියනවා.
කාටවත් 100% දුයිෂෙන් කෙනෙක් වෙන්න පුළුවන්ද කියල කියන්න මම දන්නෙ නෑ. හැබැයි අවංකව උදව් කරන ගොඩක් අය මටත් මුණ ගැහිලා තියනවා. ඉතින් මමත් වාසනාවන්තයි :)

December 24, 2010 at 8:16 PM
Anonymous said...

මගේ ජීවිතයේ මං ආසාවෙන්ම කියවපු පොතක්.... හැම වචනයක්ම මට කට පාඩම්... ඒක කියෙව්වම් රැසියන් පොත් පිස්සුවකුත් හැදුනා.....මං බලන් ඉන්නේ දුය්ෂෙන් වගේ ගුරැවරියක් වෙන්න....

මගේ සයිට් එක

December 22, 2011 at 5:10 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio