මගේ කලින් නිර්මාණයක භාවිතා කළ පැදි ටිකක් ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා.
මේ නිර්මාණයේ පළමු කවිය ධම්ම පදයේ එන ගාථාවක්.
ගාථාව දේශනා කළේ බුදු රජාණන් වහන්සේ විසින්, සුන්දරී නන්දා තෙරණියන්ට.
තෙරණි ගී ගැන මීට කලින් මම ලිපියක් පළ කලා මතක ඇති නේද?
මම මේ කියන්නෙ මොකක්ද කියල නොතේරෙණ කෙනෙකුට අන්න ඒ ලිපිය බැලුවොත් අදහසක් ගන්න පුලුවන් වෙයි.
සුන්දරී නන්දාව කියන්නෙ ශාක්‍ය රාජ කුලයෙහි උපන් අතිශන්යින්ම රූමත් ( හැබැයි යසෝදරාව පරදන්න නම් බෑ ) ඒ වගේම බොහෝ සේ පෙර පින් ඇති කුමරියක්. හැබැයි සුන්දරී නන්දාව පැවිදි වෙන්නෙ ශ්‍රද්ධාවෙන් නෙවෙයි. පැවිදි වෙලා ඉන්න තමන්ගෙ නෑයො නිසා. මගේ නෑයො ඔක්කොමත් පැවිදි වෙච්ච නිසා මාත් පැවිදි වෙනවා කියන අදහසින් මිසක් නිර්වාණයක් ගැන අවබෝධයකින් නෙවෙයි. බුදු රජාණන් වහන්සේත්, යසෝදරාවත්, ප්‍රජාපතී ගෝතමියත්, රාහුල කුමාරයාත් ඇතුළු ඥාති පිරිස ගැන ස්නේහයෙන් තමයි මහණ වෙන්නෙ.
බුදු හාමුදුරුවෝ රූපයට ගරහතියි කියල බුදුන් හමුවට යන්නෙත් නෑ. බුදු රජාණන් වහන්සේ මේක දැනගෙන සියලු භික්ෂුණීන් අනුශාසනා සඳහා තමන් හමුවට එන්න ඕනෙයි කියල දන්වනවා. සුන්දරී නන්දාව තමන්ගේ වාරයේදී අන් භික්ෂුණියක් යවා මඟ හරිනවා. බුදුන් නැවත දන්වනවා, තමන්ගේ වාරයට වෙන කෙනෙක් එවන්න බෑ කියල. බුදු අණ ඉක්මවන්න බැරි නිසා තෙරණියන් බුදුන් හමුවට යනවා. බුදු රජාණන් වහන්සේ ඍධි බලයෙන් ඉතා රූප සම්පන්න ස්ත්‍රියක් මවා එය ජරාවට පත් වන අන්දම දක්වනවා.
අනිත්‍යය, දුක්ඛ ස්වභාවය මනසින් දකින සුන්දරී නන්දාවගේ සිත කම්මට්ඨාන ලබා ගැනීමට සුදුසු තත්වයට පත් වෙනවා. ඒ බව දුටු බුදු රජාණන් වහන්සේ මෙන්න මේ ගාථා දේශනා කරනවා.
නන්දාවනි බලනු මැනවි
ලෙඩින් පෙළී අපිරිසිඳුව
දුගඳ හමන කුණු කය දෙස
අසුබ ලෙසින් සිතනු මැනවි
සිතෙහි එකඟ බව දැඩි කර
සුසමාහිත කරනු මැනවි
යම් සේ වෙද මේ කුණු කය
ඔබ සිරුරත් එසේම වෙයි
යම් සේ වෙද ඔබේ සිරුර
මේ කුණු කය එසේම වෙයි
දුගඳ හමයි කුණු වී යයි
බාල දනන් හට ප්‍රිය වෙයි
මේ බව මේ ඇති ලෙසටම
සිහියට ගෙන සිතා බලව
රෑ දාව අනලස් වී
නැණ මෙහෙයා විමසා ලනු
විනිවිද දැක ඇති සැටියෙන්
බහල තිමිර බිඳ ලනු මැන
මේ දේශනය අනුසාරයෙන් ඥානය ලැබ නන්දාවන් සෝවාන් ඵලයෙහි පිහිටියා.
ඉහළ මාර්ග ඵලයකත සුදුසු කමටහන් සමඟ සම්බන්ධ කිරීමට බුදුන් වහන්සේ ධම්ම පදයෙහි එන මේ ගාථාව දේශනා කලා.
ඇට වලින් කළ නගරයකි
මසින් ලෙයින් ආලේපිතය
ජරාව මරණය මානය
වංචාව ද ඇතුළත වෙයි
දේශනාව අවසානයෙහිදී භික්ෂුණිය අර්හත් බව ලැබුවා.
උදාන වශයෙන් බුදුන්ගේ ගාථා ද සමඟ මේ ගාථා ගැයුවා.
ඉන්පසු මම නොපමාවම
සිතේ එකන්න්ඝ බව වඩවා
හරි දැක්මක් ලැබ ගත්තෙමි
මගේ කයේ හැටි සොබාව
පිටතින් ඇතුළතින් විලස
ඇති සැටියෙන් දැක ගත්තෙමි
කළකිරුනෙමි මගෙ කය ගැන
ඇතුළතින්ම විරාගීව
බැබළුණි සිත නොපමාවම
සිඳ ලූයෙමි බැමි සියල්ල
අති සන්සුන් බව ලැබුයෙමි
නිවී ගියෙමි නිවී ගියෙමි
ඒ සුන්දරී නන්දා තෙරණියන්ගේ ගීය යි.
උපුටා ගැන්ම: තෙරණී ගී - කුසුම් දිසානායක
Sunday, December 12, 2010
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
මෙයා තෙරී ගාථා ගැන විතරයි ලියන්නෙ. ඇයි ථෙර ගාථා ගැන ලියන්නෙ නැත්තෙ. එතැනත් ස්ත්‍රීවාදය.
කමක් නෑ ලියන්න. අමතක වෙලා තියෙන මේ දේවල් මතක් වෙන එකත් හොඳයි... :D
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති,බණත් අහන්නැති ඒ කාලේ.........
නිවන් දකින්නට පිං නැති වෙන්නැති ඒකයි තවමත් සංසාරේ............
මොනව කරන්නද ඉතින් මේ කුණු කයත් අරගෙන තව ආත්ම කීයක් ,කල්ප කීයක් යන්න වෙයිද?
(මහණ වෙන්නවත්ද කල්පනාව:D )
@ outsider: ථෙර ගාථා හම්බ උනොත් ලියන්නං :)
ස්ත්‍රියක් වෙලා ස්ත්‍රීවාදය කරන්නෙ නැත්තං වැඩක් තියනවද? ;)
හී හී :)
@dinesh: තාම නැතෝ !!
ලස්සනයි ස්වප්නා අක්කේ........ අපි නොදන්න දෙවල් ගැන දැනුවත් කරනවට අක්කට පින්.........
ඇත්තම කියන්න එපැයි මේ පෝස්ට් එක මම කෑම කන අතරේ මගේ අම්ම තමයි අද බැලුවේ !
එයා හොඳයි කියලා කීව !
ජයවේවා !!
අම්මාට ස්තුති කලා කියන්න :)
Post a Comment