ඇට වලින් කළ නගරයේ
මසින් ලෙයින් ආලේප යොදා
ජරාව මරණය මානය වංචා
සහිතව ජීවත් වන්නෝ වෙමු අපි
පිරුණු සිරුර හැඩ වැහැරී ගිය දින
මම ඇට කටු ගොඩකී ම සුපෙම්වත
ඔද තෙද බල නැතිවී ගිය දවසට
ඔබද දිරා පස් වෙයි මහ පොලොවට
විනීත වූ දැමිඳුරු වූ බුදු හිමි
ඇලුම් ජනිත කරනා දුක් දුර ලත
සියලු සෝක සිඳ, සදා සතුට දෙන
දිවිය ලබන්නට මට අවසර මැන
Wednesday, December 8, 2010
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
ලැමට නොවේ ළයටම මා පෙම් කළ
සුපෙම්වතිය නැත කිසිවක් නුඹම හැර
මා සිත් මඩල නොවේ කිසිදින කම්පිත
සතුටුයි නුඹ දකියි ලෝකය මා ඇළුම් කළ.....
විඳිනට ඇවැසි නම් නිරාමිස ඒ සතුට
යන්නට මගෙන් බාධාවක් නොමැත ප්රියේ
අට ලෝ දහම රියසක ලෙස යනෙන ලොවේ
සතුටට කඳුළු මගෙ නෙත් යුග තෙත්ව තියේ....
"සියලු සෝක සිඳ, සදා සතුට දෙන
දිවිය ලබන්නට මට අවසර මැන"
මටත් නම් වෙලාවකට එහෙම හිතෙනවා. ලස්සනයි.
මැණික්(සුළඟ)
නිරාමිස ඒ සුවය ලබන්නට අද මටත් අවැසි වී තිබෙනවා. එත් මට තිබෙන වගකීම් වලින් නිදහස් වෙන දවසකට.
ඕව නිකම් කීමට කිව්වට ගෑණු උදවිය කවුරුත් තියෙන ඒව අතහැරැල යන්නෙ නෑ.
ලස්සනයි කවිය...
Post a Comment