Sunday, December 5, 2010
නුඹ ...
නුඹ අහස මගේ
හිටිවන මා හිත
දෝර ගලා වැස
නිලට නිලේ පායයි
නුඹ පොලොව මගේ
කම්පා කර හද
හඬවා මා නෙත
හෙමින් හෙමින් ළං වෙයි
මහ මුහුද මගේ
රළ රැලි නංවා
මා බිය ගන්වා
නිසොල්මනේ හිනැහෙයි
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
12 විවේචන:
සමහර අය වගේ තමයි මතු පිටින් නපුරු පාට පෙන්නුවාට හිත ඇතුලෙන් හරිම අහිංසකයි ...
ලස්සන කවිය
ජයවේවා!!
ම්.............ලස්සනයි.හීනයක්ද???දැන් කවුද නුඹ.........
@හිස් අහස: ස්තුතියි :)
@dinesh: ඒක රහසක් ;)
හී හී. මේක මේ කැම්පස් යන කාලෙ, නිර්මාණ පුවරුවට දාන්න ලියපු එකක්
ම්..ඔන්න අක්කා බොරු කියනවද කොහේද?කාටද මේක ලිව්වෙ..ඔන්න මම නම් කාටවත් කියන්නෙ නෑ....ඇත්තටම ලස්සනයි පද ටික...
මට මතක් වුනේ "අහසත් පොළවත් නුඹමද මාහට...."
කියන ගීතය. ලස්සනයි පද වැල.
මැණික්(සුළඟ)
:) ස්තුතියි දෙන්නටම :)
හැමදේම ඇත්ත වෙන දවසක් එනකං මමත් මේ මඟ බලාන ඉන්නෙ :)
අපූරුයි..
නිර්මාණය ලස්සනයි...
මරු......
ලස්සනයි අක්කේ......
හැමෝටම ස්තුතියි :)
සතුටුයි ප්රශංසා නිසා :)
;)
Post a Comment