skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, December 3, 2010

කොච්චර හොඳද?


හැමදාම පුංචියට
ඉන්න ලැබෙනවානං

කල් යන්න කල් යන්න
දිවි බර වැඩි නොවෙනවානං

සතුටේ කෙළවරත්
දුකේ කෙළවරත්
හැමවිටම යා නොවෙනවානං

සුලඟේ පාවෙන
කොළයක සැහැල්ලුව
හැමදාම තියනවානං

අරණක සැනසුම
හිත ලඟ වැජඹෙනවානං

කොච්චර හොඳද ....
Posted by ස්වප්නා at 08:35
වර්ගීකරණය: සිතුවිල්ලක්

6 විවේචන:

``` Outsider``` said...

ස්වභාවික පරිණාමයට එරෙහි වෙන්න එපා..

ලස්සනයි අදහස...

December 3, 2010 at 9:51 AM
තරු අහස said...

හැමදාම පුංචි නොවුනට
ජීවිතේ ලස්සනයි....

කල් යන්න කල් යන්න
තව තවත් ලස්සනයි...

සතුටත් දුකත් ළඟදී
නොකම්පිත විය යුතුයි...

නොකම්පිත වී සුන්දරයි නම්
කොළයක සැහැල්ලුව
හැමදාම නුඹ ළඟයි....

December 3, 2010 at 1:11 PM
ස්වප්නා said...

ස්තුතියි දෙන්නාටම :)
ධනාත්මක චින්තනය කියන්නෙ ඔන්න ඕවට තමා :D

December 3, 2010 at 1:15 PM
හරී said...

සතුටේ කෙළවර දුකක්... දුකේ කෙළවර සතුටක්..

good idea!

December 3, 2010 at 1:52 PM
dinesh said...

අයියෝ....යාලු,ඔයා දැක්කෙ නෑනෙ...!!
තෙරණි ගී කියවල ඉවරද?අදහසනම් ලස්සනයි,හැමෝටම පොදු හින්ද හිතටත් සැනසුමයි..

December 4, 2010 at 5:37 AM
ස්වප්නා said...

නෑ. කියවලා ඉවර නෑ ... වරින් වර, ටිකින් ටික, නැවත නැවත කියවනවා :)

December 4, 2010 at 8:08 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio