skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, September 25, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

බලන්න මේ වචන ඔබ ලියන්නෙ මේ විදිහටද නැත්තන් මීට වෙනස් විදිහකටද කියල

121.) ප්‍රස්ථාව පිරුළු
122.) කනගාටුව
123.) ත්‍රිකුණාමලය
124.) වළඳනවා
125.) මොළකැටි
126.) පළඟැටියා
127.) කොළ කැඳ
128.) සූර්යයා
129.) කණ්ඩායම
130.) මුරණ්ඩු
131.) සමනොළ කන්ද
132.) සමනලයා
133.) නිලධාරීන්
134.) නියං කාලය
135.) ගාථාව
136.) ප්‍රශ්නය
137.) රේඛාව
138.) ශාලාව
139.) විස්මය
140.) විවිධ
Posted by ස්වප්නා at 15:20
වර්ගීකරණය: සාහිත්‍යය කලා

11 විවේචන:

Anonymous said...

සිංහල අක්ෂර වින්‍යාසය ගැන නම් කතා කරල වැඩක් නැහැ.මොකද මේක කාලයෙන් කාලයට වෙනස් වන නිසා.අපි පාසැල් අවදියේ ඉගෙන ගනිපු අක්ෂර වින්‍යාස දැන් වෙනස් වෙලා.ඉස්සර අපි ඉගෙන ගනිපු ඇතැම් වචන වල මුර්ධජ අක්ෂර වෙනුවට දැන් පාවිච්චි කරන්නෙ දන්තජ අක්ෂර.

September 25, 2010 at 4:35 PM
Unknown said...

දිගටම ලියමු.. ගොඩක් වැදගත්..ඔයා මේවා උපුටා ගැනීමක් නම් ඒ තැන ගැනත් සඳහනක් දාන්න.. කොහොම වුණත් හොඳ වැඩක්..

September 25, 2010 at 5:16 PM
ස්වප්නා said...

@ වැම්පයර්: උපුටා ගැනීමක් තමා...................... මම ඒක කලින් පෝස්ට් වල දැම්ම අනේ....... හැම ඒකේම දාන එකත් හොඳයි තමා. මීට පස්සෙ එහෙම කරන්නංකො.

@ සඳුන් නිලංක: ඔව්. ඒක එහෙම නිසා තමයි අපි අලුත් දැනුම කොයි වෙලෙත් තියා ගන්න ඕනෙ :) තාක්ෂණය උනත් බලන්න. වෙනස් වෙනවා. යාවත්කාලීන නොවීම අපේ වරදක් :)

September 26, 2010 at 10:59 AM
Anonymous said...

එල ලිපියක්

September 26, 2010 at 11:46 AM
Anonymous said...

යාවත්කාලීන වෙන්න ඕන තමයි.නොවෙන එක තමයි වැරැද්ද.ඒත් ඉතින් පැවරෙන වැඩ කන්දරාවෙ හැටියට හැමදෙයක් කෙරෙහිම අවධානය යොමුකරන්න අමාරුයි මට නම් හිතෙන විදියට.ඇයි සිංහල භාෂාවට සම්මතයක් නැත්තෙ?

September 26, 2010 at 2:37 PM
dinesh said...

අයියෝ...මම පරක්කු උනානෙ එන්න.තාම තුන වසරෙද.ඉක්මනට හතරට යමුකො.

September 26, 2010 at 4:41 PM
Anonymous said...

නියමයි අක්කේ,දිගටම ලියන්න.පොඩි පුරස්නයක් තියෙනවා
කිවුවා දා හරි කිව්වා ද හරි?

September 27, 2010 at 12:05 AM
ස්වප්නා said...

@සඳුන් නිලංක : සිංහලය කියන්නෙ ජීව භාෂාවක්. ජීව භාෂාවක් කියන එකේ තේරුම තමයි, මිනිසුන්ගේ සිතුම් පැතුම්, සංනිවේදන රටා, සමාජ විපර්යාස ආදිය ඉදිරියේ වෙනස් වීමට බඳුන් වෙමින්, සමාජ අවශ්‍යතා වලට අනුකූලව හැඩ ගැසෙන භාෂාවක් වීම.
සීගිරියේ කැටපත් පවුරේ ලියූ භාෂාවවත්, පළමු සිංහල නව කතාවේ ඇති භාෂා ශෛලියවත් අපි අද භාවිතා කරන්නෙ නෑ.
උත්තරේ ලැබුණද?

@dinesh: ඔව් අනේ :) තාම තුන වසරේ :)

@පුබුදුවා: හරියටම හොයලා කියන්නං :)

@ලාංකී‍ය බ්ලොග් කියවනය: තැන්කූ

September 27, 2010 at 1:30 PM
Unknown said...

හ්ම්...නියම වැඩක්...
දිගට ම ලියන්න...
මම දැකලා තියෙන්නෙ "ප්‍රශ්ණය" කියලා නේ...
ජයවේවා!!!

September 27, 2010 at 2:31 PM
Anonymous said...

අක්කි උත්තරේ නම් ලැබුන....හි හී

September 27, 2010 at 6:22 PM
dinesh said...

සිස්ටර්...ප්‍රශ්නයද,ප්‍රශ්ණයද?නැත්තන් කන්නාඩිය වාගෙද?

September 27, 2010 at 8:00 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ▼  September (17)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • රාජකාරිය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සිඟන්නී
      • හරිද? වැරදිද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කලකට පසුව ඔබ හමුවේ ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මෝඩ කට
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කණ්ණාඩිය කන්නාඩිය
      • ශාන්ත
      • දිනුම් පැරදුම්
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio