මම තවම ඔබ ලඟම
ඔබ ඈත ඈ අසල
තනිකමට පාළුවට
හිත හදා ගමි මෙහෙම
සුන්දරම සිහිවටන
හැර දමා දුරු කතර
යන්න හිත් දුන්නෙ මට
නුඹේ ඔය චපලකම
හැදු වැඩූ සෙනෙහසට
පිටුපානු බැරි කමට
මව්පියන් දුන් බසට
හිස නැවූවෙමු එලෙස
වෙනෙකුගේ සිහින තුළ
දිවි ගෙවමි කර බාන
මගේ මන්දිරය තුළ
ඔබයි රජු හැමදාම
Thursday, September 16, 2010
Subscribe to:
Post Comments (Atom)
1 විවේචන:
ඒක හරි අසාධාරයිනෙ වෙන කෙනෙක් හැමදාම රැවටිලා ඉන්න එක..
මේ රටේ මිනිස්සුන්ගෙ හැටිද මන්දා.. බොරු කාරයෝම තමයි හිත්වල රජවෙලා ඉන්නෙ..
Post a Comment