සිංහලයේ සමහර වචන තියනව, අපිටම විස්වාස නෑ මොකක්ද හරි අකුරු ගැලපුම කියල.
පොඩ්ඩ පොඩ්ඩ මතක තියාගමු. කිහිපයක් අද පළ කරන්නං.
ඔන්න මේ වචන තියෙන්නෙ 3 වසරේ ළමයින්ට ඉගෙන ගන්න නිර්දේශ කරපු ලැයිස්තුවක.
කොහොමද තම තමන්ගේ දැනීමේ තරම කියල බලා ගන්නකො.
1.) කලබල
2.) උගුල
3.) කම්මැළි
4.) පිහාටුව
5.) පලතුරු
6.) උදව්ව
7.) ළමයි
8.) පිරිසිදු
9.) රණ්ඩුව
10.) පිළිමය
11.) මව්බිම
12.) පළාත
13.) පොකුණ
14.) මුහුණ
15.) පේළිය
16.) කූඩලු
17.) වඳුරා
18.) බබළනවා
19.) දැනුණා
20.) ඇහුණා
අදට ඇති නෙ :)
Friday, September 10, 2010
Subscribe to:
Post Comments (Atom)
8 විවේචන:
මගෙ නම් දැනීම අන්තිමයි..."මම තුනේ පන්තියේ ලමයෙකු තරම් හපනෙකු නොවෙමි"....ස්තුතියි.....:)))
ෂා වැඩේ නියමයි. මාත් මේවගේ දෙයක් පල කරන්න හිටියෙ. සුභපැතුම්....
ස්තූතියි බෙදාහදා ගත්තට...
කොචිචර කළත් අපටත් වරදින වෙලාවල් අනන්තයි...
හෙමි හෙමිහිට ඉතිරියත් දාන්න සිස්...
@ Shadow: හී හී ටිකක් වැරදුනාට කමක් නෑ :)
@ sankalpana: මට මේ අදහස ආවෙ බිඟු නිවැරදි අක්ෂර වින්‍යාසයක් ගැන මගෙන් ප්‍රශ්නයක් අහපු වෙලාවක. දන්න දෙයක් බෙදා හදා ගත්ත තරමට හොඳයි නෙ :) ඔයත් පටන් ගන්න.
@sansarasidu හ්ම්ම් ඔව් :)
නියම වැඩක්, කමෙන්ට් කරලා නොකිව්වට කීප වතාවක්ම "නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු" පාඩම් ටික ප්‍රයෝජනවත් වුණා,
මේ පොත ගන්න තැනක් නැද්ද, මේ පාර පොත් ප්‍රදර්ශනේ තිබුණ අක්ෂර වින්‍යාසය පොත් නම් එච්චර ඇල්ලුවේ නෑ, පොත් ඉවරවෙලා නිසයි එච්චර හෙව්වෙ නැති නිසයි වෙන්න ඕනේ, හැබැයි මේ වගේ එකක් හම්බවුණෙත් නෑ,
ලොකුම උදව්වක්..
මේක මේ ප්‍රාථමික අධ්‍යාපනය කරන ගුරුවරුන්ට බස්නාහිර පලාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හම්බ වෙන ලිස්ට් එකක්.
90% විතර වචන දැනට බ්ලොග් එකේ දාල තියනවා
එහෙනම් ඒ පෝස්ට් ටික අච්චු ගහගත්තනං හරි,
පොතක් ගැන ඇහුවේ ටයිප් කරල තියෙන ටික අවතක්සේරු කරල
කියල හිතුවද දන්නෑ, එහෙම නෙවෙයි හොඳේ..
(අනික් අතට බස්නාහිර පළාතෙ ප්‍රාථමික අධ්‍යාපනය කරන ගුරුවරයෙක් හොයා ගත්තනං වැඩේ ගොඩ,)
බොහොම ස්තුතියි..
:D
Post a Comment