දමිළ බසින් ආපු නිසා
දමිළ අකුරු මග ගන්නා
කණ්ණාඩිය ලියපුවාම
වරදක් නෑ සිංහලයේ
සිංහල කම මුල් කරලා
බස් වහරට තැන දීලා
කන්නාඩිය ලියපුවාම
වරදක් නෑ සිංහලයේ
ණයනු නයනු දෙකම යොදා
කණ්නාඩිය ලියනු එපා
සිංහලයේ නීති රීති
නැති වෙනවා දුවේ පුතේ
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
3 විවේචන:
මෙහෙ නීති රීති නැති වෙලානම් ගොඩක් කල් දරුවො..
අපි රැක ගන්න උත්සාහ කරමු
අමුතුම එකක්,හොදයි හොදයි
Post a Comment