skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, September 7, 2010

ශාන්ත



සත් වසරක පළමු පෙම බිඳී නව වසරකට පසු අද මම විවා පත් වෙමි.
සුනිල්ගේත් මගේත් මංගල පින්තූරය මැදින් මට ඔහු පෙනී නොපෙනී යයි.
ඔහු ඇත්තටම ශාන්ත විය. මම එකල සා.පෙළ පංතියේ උගත්තෙමි. මා වයසින් එතරම් නොමේරුවද, ඔහු මට වඩා වසර පහ හයකින් වැඩුමල් වූද, එය ඉතා හොඳ යෝජනාවක් වූ බැවින්, ගෙදර අයගේද අනුමැතිය ඇතිව මම ඔහුට පොරොන්දු බස් දුනිමි.

පාසල් යුගයෙන් පසු මම නිමි ඇඳුම් ෆැක්ටේරියක වැඩට ගියෙමි. ශාන්ත මා සමඟ ඇවිදින්නට යාමට සවසට එයි.
අපි අනුන්ගේ ඕපාදූපත්, අනෙකුත් නොයෙක් වල් පල් කතාත් සාකච්ඡාවට බඳුන් කලෙමු. නමුත් ඔහු මගේ මිතුරියන්ගේ පෙම්වතුන්ට වඩා වෙනස් අයෙක් විය.
මම දිනක් බලා හිඳ බැරිම තැන, "අපි ෆිල්ම් එකක් බලන්න යමු" යි යෝජනා කලෙමි. ඔහු සිනාසී මා දෙස බැලූ ආකාරයෙන් ලැජ්ජාවට පත් මම, නැවත ඔවැන්නක් නොඅසමියි ඉටා ගතිමි. සිරීපාදේ වන්දනාවේ ගිය දින ඔහු යන්තන් මට හාද්දක් දුන්නේය.

කල් යත්ම අපේ ගෙදරින් "මේවා පිළිවෙලක් වෙන්න ඕනෑයි" කියන්නට පටන් ගැනිණ. මම ශාන්තට මෙය කියූ විට, ඔහු දෑස් ලොකු කර ,දැන්ම බඳින්න හදිස්සි මොකදැයි ඇසුවේය.
ඒකත් ඇත්තය. "විසි දෙකක් කියන්නේත් වයසක්ද" මම තනිවම කල්පනා කළෙමි.
මට සියල්ලටම වඩා කේන්ති පොඩි අක්කා සමඟය. ඈ මා කසාද බැන්ඳුවොත් හොඳ යැයි අම්මාට උල්පන්දම් දෙයි.
ඇගේ සැමියා හා ඈ පෙම්වතුන් කාලයේදී, හූ කියමින් සිනා සෙමින් රබර් වතු මද්දෙන් දිවූ හැටි මට මතකය. ඔවුහු හොඳ මිතුරෝ වූහ.
"මල විකාර. නැහැදිච්ච කම" යැයි මම සිතින් බැණීමි. එලෙස මා බැන්ණේ මගේ සිතේ ඈ කෙරෙහි උපන් කෝපයෙන්ද නැතිනම් මා කෙරෙහි උපන් කණගාටුවෙන්දැයි කීමට මට තවම සැක සහිතය.

කෙසේ වුවද ගෙදර අයගේ බලවත් ඉල්ලීම පිට මා ඔහුට කෙරූ කන් කෙඳිරිය නිසා, ඔහු දෙමාපියන් සමඟ චාරිත්‍රානුකූලවා අප නිවසට පැමිණියේය.
පසුව අපේ ගෙදරින්ද ඔහුගේ නිවසට යන ලදී.
එදින අපේ ගෙදර එක මළ ගෙයක් විණි. අහස මා හිස මත කඩා වැටිණි.
"මට එයා බඳින්න බෑ" ඔහු කියා ඇත.

ඔහුත් මාත් අතර සම්බන්ධය ඇති කලේ අපගේ මිතුරියකි. ඔහුට ඊට කලින් පෙම්වතියක සිට ඇත.
ගෙදර අය මීට විරුද්ධ වූ බැවින් ඈ රට හැර ගියාය. මගේ මිතුරිය මාව ඔහුට හඳුන්වා දී ඇත්තේ පළමු කී සම්බන්ධය කැඩීමට ඒ නිවැසියන්ගේ තිබූ අවශ්‍යතාවය සලකාය.
ඔහුද ඔහුගේ ගෙදර අය රැවටුවේය. ගෙදර ඇත්තෝ ඔහු රැවටුවෝය. අන්තිමට රැවටුනේ මාය.
ඔහුගේ පළමු පෙම දැන් නැවත මෙරට පැමිණ ඇත. ඔහු ඇගේ අත පතයි. මා නොපතයි.

මගේ මිතුරිය ගැන මට ඇත්තේ කෝපයකි. ශාන්ත ගැන මට ඇති හැඟීම, වංචාකාරයකු කෙරෙහි ඇතිවන කෝපයක්ද, බියගුල්ලෙකු කෙරෙහි ඇතිවන පිළිකුලක්ද, අසරණයකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක්ද කියා දැන ගැනීම ගැටළු සහගතය.
"ඔයා වොෂ් දැම්මද?" ඒ සුනිල්ය. ඔහු මට පෙම් කරන්නේද තියා, මා ඔහුට පෙම් කරන්නේද වත් මම නොදනිමි.
"මොකා උනත් අන්තිමට ඔච්චරයි" මම හිත හදා ගනිමි. "ඔහොම යනකොට ආදරේ වෙයි"
Posted by ස්වප්නා at 20:08
වර්ගීකරණය: පුංචි කතාවක්

7 විවේචන:

මාරයාගේ හෝරාව said...

ඔව් ඔව් ඔහොම යනකොට වෙයි...

September 7, 2010 at 8:55 PM
Amila Chathuranga said...

දුක ටිකක් තියෙනවා...හොඳයි....

September 7, 2010 at 10:20 PM
lemonade/ලේමනේරිස් said...

ආදරය මා දකින විදියට නම් අප හොඳින් විමසා බලා ගන්න වූ තීරණයක් (A well thought out decision which can be rationalized) . "love at first sight " වැනි මනෝ විකාර අපේ ඔල මොට්ටල ඔලු ගෙඩි ඇතුලට ඔබල තලලා මිරිකලා වක්කෙරුවේ, සදාදරණීය හොලිවුඩයයි. කාලයක් යනකොට තමන්ට හරියනවනම් ආදරය කියන දෙය ඇතිවෙනවා. ආදරය සහ ආකර්ෂණය කියන දෙක පටලව ගන්න එක තමයි අවුල.

September 8, 2010 at 3:20 AM
``` Outsider``` said...

තවත් එක ස්වප්නයක් නේද?

September 8, 2010 at 10:22 AM
ස්වප්නා said...

:) මේකෙ සාරාංශගත කතාව ඇත්ත. මම දන්න කෙනෙක්ගෙ විස්තරයක්. ඉතිරි ටික මට ඕනෙ විදිහට පිරෙව්වා

September 8, 2010 at 10:59 AM
ප්‍රාර්ථනා said...

මම හිතුවෙ ඔහොම කතා තියෙන්නේ moviesවල විතරයි කියලා. මම හරි ආසා කතාවක්.

September 8, 2010 at 1:33 PM
ස්වප්නා said...

:) ජීවිතේ සමහර දේවලුත් චිත්‍රපටි වල වගේ වෙන අවස්ථා තියනවා :)

September 8, 2010 at 1:48 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ▼  September (17)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • රාජකාරිය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සිඟන්නී
      • හරිද? වැරදිද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කලකට පසුව ඔබ හමුවේ ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මෝඩ කට
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කණ්ණාඩිය කන්නාඩිය
      • ශාන්ත
      • දිනුම් පැරදුම්
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio