skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, May 3, 2010

සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)

මේක ටිකක් පරණ කතාවක්. මට ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි වෙච්ච නිසා කියන්න බැරි උනා.

අපේ සුදාට හරි ඇබැද්දියක් වෙලා. මොන්තිචෝරියෙදි මෙයයි, මෙයා ප්‍රේමයෙන් බැදිල ඉන්න පොඩි කෙල්ලයි, ඒ කියන්නෙ, ඕතදී නංගියි ලිස්සන බෝට්ටුවෙ යන්න ගිහින් තියනවා. චුදා ඉස්සරහ, ඕතදී නංගි එයාගෙ පිටිපස්සෙ. කොහොමහරි ඕතදී නංගි අතින් පොඩි වැරදීමක් වෙලා , අය්යට පොඩි තල්ලුවක් දීලා. පොඩි එකා ලිස්සන බෝට්ටුවෙ උඩ ඉදන් කෙලින්ම බිමට. මුණින් අතට වැටිලා.

කොහොමහරි ඉතින් දැන් දොස්තර මාමා මුණ ගැහෙන්නත් ගියා කියමුකො. ඔන්න ඉතින් දොස්තර මාමා සුදාගෙ අත පය අල්ලනව, රිදෙනවද අහනවා. ඔය විදිහට පපුව අල්ලල ඇහුවලු, "පුතාගෙ පපුව රිදෙනවද" කියල. ඔන්න ඒ පාර මේක කියපිලු, "නෑ. පුතාගෙ නං පපුව ලිදෙන්නෙ නෑ. තීතගෙ නන් පපුව හෝච් ගෑව" කියල.........................

ඔන්න ඕකයි තත්වෙ. !!!
Posted by ස්වප්නා at 12:28
වර්ගීකරණය: රස කතාවක්

6 විවේචන:

Anonymous said...

හික් හික්.. සුදාට උණු දේ..

May 3, 2010 at 6:49 PM
``` Outsider``` said...

අනේ අනේ චුදා..

May 4, 2010 at 8:30 AM
ස්වප්නා said...

අනේ ඔව් .. දැන් අපිට එයාව අත් දෙකෙන් උස්සලා වඩා ගන්න එපා කියලා කියල තියෙන්නෙ. ඉල ඇට රිදෙන නිසා.

May 4, 2010 at 9:13 AM
Anonymous said...

පව් පොඩි එකා

May 14, 2010 at 7:04 PM
සංකල්ප said...

ඇත්තමයි සුදා දන්න දේවල් !!!

January 31, 2011 at 11:36 PM
ස්වප්නා said...

හී හී :)
ඒ උනාට කොල්ලව තුන් හතර වතාවක්ම දොස්තර ලඟට අරන් ගියා. මාස ගාණක් පරිස්සම් කලා. බයයි නෙ.

February 1, 2011 at 8:21 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ▼  May (5)
      • සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
      • සියයට සියයක්
      • ස් ටොප් සිමා උණ
      • නුඹ නෑ දන්නේ
      • සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio