skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, May 21, 2010

නුඹ නෑ දන්නේ


රෑ තරු අතරේ
තනි තරුවේ
නුඹව පෙනේ
හීන් හිනාවක
නෙත පැටලුනු බව
නුඹ නෑ දන්නේ

නෑ නුඹ නුදුරේ
මගෙ හීනේ
අහස් කොනේ
මියුරු කතාවක
හිත නැවතුනු බව
නුඹ නෑ දන්නේ

රෑ සද වතුරේ
නුඹේ සිනා
රැළි පෙරලේ
ඒ දිය තරමට
මා කැළඹුන බව
නුඹ නෑ දන්නේ


අවුරුදු බර ගණනක් පරණ සිතුවිල්ලක්.. කැම්පස් යද්දි..
බස් එකේ යනකොට විනාඩි පහෙන් ලියවුනා.
ඔය සිතුවිල්ලම ආයි පාරක් මට මේ ලගකදි මතුවුනා..
ඔහොම තමයි ජීවිතේ හැටි.. හ්ම්ම්ම්ම්
Posted by ස්වප්නා at 12:35
වර්ගීකරණය: සිතුවිල්ලක්

6 විවේචන:

``` Outsider``` said...

සරල ලස්සන පද ටිකක්.

ඒත් මොකද ආයිත් පාරක් එහෙම හිතුණෙ කිව්වනම්..

May 21, 2010 at 2:23 PM
දිල් said...

සරළ වූ තරමට පද ටික හිතට දැනෙනවා වැඩී...අපූරුයි

May 21, 2010 at 2:25 PM
ස්වප්නා said...

@ Outsider: එහෙම තමා අනේ
@ දිල් : තැන්කූ

May 21, 2010 at 3:17 PM
Pasan said...

රෑ තරු අතරේ
පායා ඇති මුත්
මට නොපෙනේනට
ඇයි ඉන්නේ

දහසක් තරු මැද
නුඹව සොයන මම
කෙලෙසද තුරුලට
දුව එන්නේ

May 21, 2010 at 4:33 PM
ගීත් (සහෘදයා) said...

සරළ වෙන තරමට හිතට වදිනවා කියලා මමත් විස්වාස කරනවා ස්වප්නා

May 22, 2010 at 11:59 AM
ස්වප්නා said...

හැමොටම ගොඩාක් ස්තුතියි අදහස් වලට :)

May 28, 2010 at 4:36 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ▼  May (5)
      • සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
      • සියයට සියයක්
      • ස් ටොප් සිමා උණ
      • නුඹ නෑ දන්නේ
      • සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio