සුදා කියන්නෙ අවුරුදු 3 ක පොඩි කොලු පැංචෙක් කියලා මම කියල තියනවනෙ ඕගොල්ලන්ට.
හැබැයි මේ කොල්ල කියන්නේ, පුත්තලම් බූරුවො හත් අට දෙනෙක්ගෙ වයස වෙච්චි මටවත් කියා ගන්න බැරි කතා.
මෙයා කොහොමටවත් කැමති නෑ, කිසිම හේතුවක් නිසාවත් පරදින්න.
අපේ තාත්තත් සුදා අවුස්සන්න බලා ගත්ත ගමන්.
අපේ තාත්ත ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපුහාම, තාත්තත් එක්ක මොකක් හරි පචයක් ගහන්න අපේ ගෙදරට පනින එක, සුදාගෙ රාජකාරියේ එක කොටසක්.
ඔන්න ඔය විදිහට මිනිහ දවසක් අපේ ගෙදර ආව.
තාත්ත ඉන්න ගමන් පටන් ගත්ත බොරුවක් කියන්න: මොකද සුදා අර ආච්චි දෙපාවෙ බැහැගෙන හිටියෙ?
සුදා: මොකක්ද?
තාත්ත: ඇයි මනුස්සයො ආච්චි දෙපාවෙ බැහැගෙන මාලු අල්ල අල්ල හිටියෙ ලොකු කූඩයකින්.
සුදා: ගගේද?
තාත්ත: ගගේ නෙවෙයි. බෝක්කුවෙ, දෙපාවෙ. අර මාලු ඇල්ලුවෙ.
සුදා: ආ.. අපි ඒ මාළු උදේ උයල කෑවා.
Saturday, May 29, 2010
Subscribe to:
Post Comments (Atom)
11 විවේචන:
පුත්තලම් බූරුවෙක්ගෙ වයස කීයද?
හික්ස්....
හික් හික්.........
ඔය ඇහුවෙ කතාවක් :@
මම දන්නෙත් නෑ හරියට. දන්න කෙනෙක් ව අල්ලගන්න බලාගෙන තමයි එහෙම ලිව්වෙ :P
හික්ස්... :D
සිරා :))
හී හී
ඔයා අහුවෙන්න එපා මෙයාලා මේ පුත්තලම් බූරුවෙක්ගේ වයස හොයන්නේ ඔයාගේ වයස හොයාගන්නයි:D:D
නියමයි නේ. චුදා හලි චෝයි
:D ඔව් අනේ. එයාව අන්දන එක බොරු වැඩක්.
අවුරුදු 10 යි.
:)
ඔව්.. ශිෂ්‍යත්වය කලා..
පහු කාලීනව සුදාගෙ හැකියාවන් මොට උනා, අනවශ්‍ය විදිහට ඉගෙනීමට තල්ලු කල නිසා... සහ නිදහස සීමා වීම, වැරදි ඉගැන්වීම් ක්‍රම වගේ දේවල් නිසා.. මොනව කරන්නද..
Post a Comment