අම්මල තාත්තලත් එක්ක හරි කරදරේ, හරි නීති, හැම දේම හොයනව කියල කොච්චර අපි ආඩපාලි කිව්වත්; අම්මල තාත්තලාගෙ අගේ තේරෙන්නෙ, එහෙම කරදර විදින්න නැති ළමයි දැක්කම.
අපි කට්ටියම ( ඒ කිව්වෙ අපේ රාජකාරි කරන තැන කට්ටිය ) , ඊයෙ ගියා ළමා නිවාසයකට දානයක් දෙන්න. එක කරන් යන්නෙ පන්සලකින්. බිගු ලග සාක්කි තියනව. පොඩිම කොළු පැටියගෙ ඉදල, ලොකු කොල්ලො දක්වා, ඉස්කෝල වයසෙ ළමයි 70 ක් එතන ඉන්නව. පව්.
මව් සෙනේ සුවද
කුණු ඇලේ දුගද
පරදවා හමා එන දින කෙදින ?
පිය සෙනේ බලය
මැසි මදුරු වදය
අභිබවා නැගී එන දින කෙදින ?
බුදු පැලක සෙවණ
දෙවන මෙත් සිසිල
ඔවුන් හෙට දිනවන්න දරති වෙර
ඔන්න ඉතින් අපි ළමා නිවාසෙන් එනකොටත් රෑ 8 ට කිට්ටුයි. අරයව ඩ්‍රොප් කරල, මෙයාව ඩ්‍රොප් කරල, මෙයාටත් ලිෆ්ට් එකක් දීල මම ගෙදර එනකොට රෑ 9 ට කිට්ටුයි. අපේ අම්ම පිළිමයක් වගේ ඉන්නව. "ඉලන්දාරියෙක් කියලද හිතා ගෙන ඉන්නෙ? "
Tuesday, April 27, 2010
Saturday, April 24, 2010
නිසි කලට විවාහ නොවීමේ විපාක.
අදත් මම සුපුරුදු පරිදි පරිප්පුවක් කෑවා. තනියම කල්පනා කර කර ඉන්න වෙලාවෙ, මට මෙන්න මේ වගෙ අදහස් ටිකක් පහල උනා.
නිසි කලට විවාහ නොවීමේ විපාක:
1.) දෙමව්පියන්ගේ මිතුරන්ගේ, පොඩි එවුන්ගේ උපන්දින උත්සව වලට සහබාගී වීමට සිදු වීම.
2.) පොතේ පතේ දැනුම පමණක් ඇති, සමාජය ගැන නොදන්නා අහිංසක මලක් ලෙස හදුනා ගැනීමට ලක් වීම.
3.) දෙමව්පියන්ගේ හිතවතුන්ගේ මලගමට, මගුලට ආදී මෙකී නොකී හැම කෙහෙල්මලකටම සහබාගී වීමට සිදු වීම. (ඒවාට එන්නෙද පොඩි එවුන් සහ, අපේ දෙමව්පියන් වගේම සෙට් එකක් පමණි.)
4.) "චූටි දූ මොකද කරන්නෙ?" යන පැනයට නිතර ලක් වීම සහ ඊට නිතරම හොද පිළිතුරක් දිය යුතු වීම.
5.) ලමා කාලයේත්, යොවුන් වියේත් වෙනසක් නොමැති වීම. (ඒ කාලෙත් ඔය ටිකම කලානෙ. තාම කරන්නෙත් ඒ ටිකමයි )
මට දැනට කල්පනාවට ආවෙ ඔච්චරයි. කාටවත් මේ වගේ ප්‍රශ්න නැද්ද?

Thursday, April 22, 2010
අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
දිවිය දැවිණැයි සිතුණු දවසෙක
ඉහිරි විසිරුණු දිය කදුර ඔබ
මගේ දෑසින් නුදුටු වන තීරේ
පලා යන්නට සිතුණු මොහොතක
දෑත් සිර කල බැමි කඩා බිද
පැතුම් දොරගුළු විවර කල අරුමේ
කල්පනාවක හුදකලාවක
ගැලුණු සිත නිදි ගැට කඩා හැර
ඔබේ හඩ මට ගෙනේ ආලෝකේ
නෙතට කදුලක් උනන වරකට
මද සිනා පිරි, මුදු කතා ඇති
නමුදු ළග නැති ඔබ සිතට ගොඩ වේ
ඉහිරි විසිරුණු දිය කදුර ඔබ
මගේ දෑසින් නුදුටු වන තීරේ
පලා යන්නට සිතුණු මොහොතක
දෑත් සිර කල බැමි කඩා බිද
පැතුම් දොරගුළු විවර කල අරුමේ
කල්පනාවක හුදකලාවක
ගැලුණු සිත නිදි ගැට කඩා හැර
ඔබේ හඩ මට ගෙනේ ආලෝකේ
නෙතට කදුලක් උනන වරකට
මද සිනා පිරි, මුදු කතා ඇති
නමුදු ළග නැති ඔබ සිතට ගොඩ වේ
Wednesday, April 21, 2010
මම මා නිසා
කෙනෙකුගේ ඉවසීමේ සීමාව ගෙන පැහැදිලි අර්ථකථනයක් දෙන්න තරම් නං මම පොහොසත් නෑ. මේ නිර්මාණය කියවල බලන්න. මොකද හිතෙන්නෙ?
please please oh please love me for who I am !!
ගිනි මද්දහනේ කරකුටු පොලොවේ
ඇවිදින්න ඉගෙන ගත්තා ඇති දැන්
කිසි කලක නොදුටු හමු නොවූ
පිටස්තරයා හින්දා දුක් වින්දා ඇති දැන්
don't let them know your dreams.. They'll laugh at you
නිල් අහස පුරා වැහි බිංදු පුරා
මගෙ හීන දේදුන්න පායාලා
හිනැහෙන්න එපා මායාව කියා
දේදුන්න මගේ හෙට දවස වෙලා
why does everybody want to change me? Am I a bug of the nature?
හුදකලා වලා සේ පාවීලා
යමි හිතුවක්කාරී සිතැගි පුරා
මට හැගෙන දැනෙන ජීවිතය
සොරා ගත් නව දිවියක් මට එපා එපා
Is marriage, making a doll of your choice, out of selected candidate?

Subscribe to:
Posts (Atom)