skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, October 27, 2013

සමනල සංධ්වනිය බලන්න !!!



අපි අද සමනල සංධ්වනිය බැලුවා.
හරිම ලස්සනයි.. හරිම පුංචි සිද්ධියක් ලස්සනට ගොතලා, හිතට වේදනාව දනවන්න හැකි, සිත්තමක් හදලා...
සම්පූර්ණ චිත්‍රපටියම පසුබිම් සංගීතයෙන් පිරිලා.. ඇත්තටම සිම්ෆනි එකක් තමයි..

චිත්‍රපටි ශාලාවෙන් එලියට ඇවිල්ලත් මම ගල් ගැහිලා උන්නා..තාර්කික මොලයෙන් හිතුවොත් මහ මෝඩ කමක්, අර දේව්දාස් බැලුවාම හිතෙනව වගේ.. ඒ උනාට ආදරයට කවුද අනේ තර්ක කරන්නෙ... ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියනව වගේ, මේකයි කියල හේතුවක් කියන්න බැරි, සම්බන්ධයක් හිතා ගන්න බැරි ඒ ආදරය, හිතේ හිර වුනාම තියන වේදනාව, හිතට දැනෙන හිස් කම; ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවාමත් අපිට දැනෙනවා...

ගොඩ කාලෙකින් මේ පැත්තෙ නාවත්, කොහොම හරි අකුරු ටිකක් කොටලා යන්නම ඕනෙයි කියල හිතුණා...

කොහොම වෙතත් සැවොයි - 2 වගේ ශාලාවක ඕක බලපු එක ගැන නම්, මම සෑහෙන්න කණගාටු වෙනවා..ලොකු ටී.වී. එකක ඩී.වී.ඩී. එකක් දාල බැලුව වගේ.. අපරාදෙ.. :(

කොහොම නමුත් වෙලාවක් යොදාගෙන බලන්න යන්න වටින නිර්මාණයක් !!!
Posted by ස්වප්නා at 23:15
වර්ගීකරණය: සාහිත්‍යය කලා

11 විවේචන:

සංකල්ප said...

සමනල සංධ්වනිය බලලා හරි මෙහාට ආපු එකම මදෑ..
සෑහෙන කාලෙකින් නිලූශා අක්කව දැක්කේ

October 28, 2013 at 9:30 AM
පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

100% ක් එකඟයි.
මමත් කාලෙකින් බලපු සුන්දර සිනමා සිත්තමක්

October 28, 2013 at 9:45 AM
Unknown said...

අපරාදෙ ෆිල්ම් හෝල් එකෙන් එලියට ඇවිල්ලාත් ගල් ගැහිල හිටියනම් ඔයාට තිබ්බෙ “සීතා මං ආවා“ බලන්න යන්න.. හි හි..

ඔත්තුවට ස්තූති! පුලුවන් වෙලාවක යන්න ඕන බලන්න.

October 28, 2013 at 9:48 AM
සඳා said...

ඔව් ගොඩාක් වෙලාවට ආදරය තේරුම් ගන්න අමාරුයි. පිටින් සහ පටු විදිහට බලන අයට විකාරයක් තේරුමක් නැති දෙයක් වගේ පෙනුනට ආදරේ හරි පුදුමයි. ඒක හැමවෙලාවෙම අයිතිකරගැනීමම නෙවේ. ඒ වගේම වයසට ගියා කියල කාලය ගත උනා කියල ආදරේ වයසට යන්නෙවත් ඈත් වෙන්නෙවත් නෑ.ඒක හොඳටම තහවුරු කරන චිත්‍රපටයක් තමයි සමනළ සංධ්වනිය

October 28, 2013 at 12:03 PM
Amila Chathuranga said...

සැවොයි 2 ඒ තරං අජූතද? දැනගත්ත එකත් හොදයි..

October 28, 2013 at 6:09 PM
ස්වප්නා said...

@ මධුරංග : මාව මතක තිබ්බට ස්තුතියි :) මම හිතා ගෙන හිටියෙ දැන් කාටවත් මතක නැතිව ඇතියි කියල.. එන්නෙම නැති නිසා මේ පැත්තෙ :)

@ සඳා : ම්ම්ම්... හ්ම්ම්.. ඔව්..

@ අමිල : ඔව් අනේ.. මට හෝල් එක ඇතුලට ගියාම, අනේ අපොයි කියල හිතුනා :(

October 29, 2013 at 7:57 AM
සංකල්ප said...

ඔන්න මට නං ඔයාව මතකයි.. ඔයාට මාව මතකද අක්කේ ???

October 31, 2013 at 4:38 PM
ස්වප්නා said...

:D

November 1, 2013 at 4:56 AM
තිස්ස දොඩන්ගොඩ said...

සිහින හොරු අරංද?
අවුරුද්දකුත් වෙන්න එනව

August 22, 2014 at 10:35 AM
තිස්ස දොඩන්ගොඩ said...

අවුරුදු දෙකක් වෙන්න එනවා...
ජීවිතේ ගොඩක් වෙනස් වෙලත් ඇති...

හැකිනම් ලියන්න ඉඳ හිට වත්

May 13, 2015 at 3:38 PM
ස්වප්නා said...

කාලය එච්චර ඉක්මනට ගිහින්. දැනුනෙත් නෑ... ලියන්න ඕනි.. ආයි පටන් ගන්න ඕනි...

June 24, 2015 at 8:55 AM

Post a Comment

« Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ▼  2013 (3)
    • ▼  October (1)
      • සමනල සංධ්වනිය බලන්න !!!
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio