skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 20, 2013

හයියෝ... මට එපා ... වෙලා


ලක්ස තුනක් වියදං කල මෝඩ කම
දැන් වැටහෙතේ මේකේ නෑ ගැලවිල්ල
අනේ අපොයි මා දන්නා තරම දැන
ඒ මුදලින් කෑවා නං බඩට ඇත

කොහොම කලත් බග් මිස හොඳ නමක් නැත
බලාපොරොත්තුව සුන් වෙයි විටෙන් විට
දත් මිටි කකා කෙරුවත් මේ ලියවිල්ල
තාමත් වැඩ කලේ නැත අද දවසටම

වැරැද්ද හොයා ගන්නට තාමත් බැරිය
එම්. එස්. සී. එකම හැරුමට සිතේ මට
නිවාඩු පාඩුවේ ඉන්නට ඇති දවස
මේ මඟුලකට යට කෙරුමට සිදුව ඇත


Posted by ස්වප්නා at 16:21

3 විවේචන:

Anonymous said...

අපෝ මේ exception දැක්කත් එපා වෙනවාය
ජාවා හදපු කෙනාගේ පවුලම සිහිවෙනවාය
දන්නා තරමින් Array එකේ 4 වන Element එක නැති හැඩය
එහෙම කිව්වත් වරද සෙවීම ලේසි නැතිය ..............

බග් නැති සොෆ්ට්වෙයාර් කොහෙද ලොවේ
ඉන්නට නිවාඩුව තව කල් ඇතිනේ ......
"බුකු"වත් බැරි බැරි ගාතේ එල කවියක් ලිව්වේ
චව් චව් නොවී, දැන්වත් එම්. එස්. සී. එක ගොඩ දාන්නේ ......

July 21, 2013 at 9:53 AM
dinesh said...

තව ටිකක් ට්‍රයි කරල බලමු.ඔයාට පුලුවන්.

July 23, 2013 at 7:45 PM
දයානන්ද රත්නායක said...

යමක් අල්ලා ගැනීම හෝ බැඳ තබා ගැනිම එයින් මිදෙන්නට පහසු නොවේ. ඒ නිසා පටන් ගත් දේ අකමැත්තෙන් වුවද අවසන් කල යුතුමය.

July 24, 2013 at 1:15 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ▼  2013 (3)
    • ►  October (1)
    • ▼  July (1)
      • හයියෝ... මට එපා ... වෙලා
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio