Wednesday, February 6, 2013
සීතල හිම රටේ ....
හිම පියලි වැහි වැටෙන
උණුසුමක් නොම දැනෙන
සීතලම හිම රටක
තනිවෙන්න වෙලා මට
උදෑසන කුරුලු හඬ
නැගෙන හිරු හස රැල්ල
ඇත්තෙ ඇති නැති තරම
නමුදු නැත අලසබව
පා තබමි මාවතේ
දෑස් දිව යයි ඔහේ
පුලුන් කැටි වැටේමැයි
අතු බියෙන් නොසැලෙතේ
දෙපා මගෙ නතර වේ
තනිව හිනැහෙමි ඔහේ
මේ හිමේ, මඳ නලේ
තුහින මුව සිප ගතේ
පහන් කණු මත රැඳී
පලිඟු බිඳෙතෙයි වැටී
මා රැවටුනා සකී
මිදුනු දිය, දිය වෙතී
නැවුම් සුළඟින් පෙරී
හුස්ම ළය පුරවතී
හද පිරූ ඔබ නැතී
අඩුව ඇත, නැත පිරී
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
බොහොම ලස්සන කවියක්... ඔබගේ හැඟීම් බොහොම සාර්ථකව දනවලා තියනවා..
සීත හිම දිය වේවි
කඳුලු බිඳු වියැකේවි
නැවුම් හිරු කිරණ ගෙන
වසන්තය යලි ඒවි
ගොඩක් ලස්සනයි දිගටම ලියන්න. මම දිගටම බලනවා.
නන්නාදුනන රටක, නන්නාදුනන මිනිසුන් අතර, හුදකලා වුනාම තමවි දැනෙන්නේ හුදකලාවත් කලාවක් කියලා. එතකොට තමයි අඳුනන කෙනෙක් ඇහැ ගැහෙන මානෙක ඉන්නවද කියල බලන්නේ
පිට රටක තනියම ඉන්න උනාම ඇඩෙන්න වගේ...
මටත් වෙලා තියෙනවා...
//පහන් කණු මත රැඳී//
:) :) :)
හරි වැඩක් නේ - විඩෙන් විඩේ මතක් කරන්න ඕනේ මොනව හරි ලියන්න!
Post a Comment