පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසා
පෝය නිවාඩුව තව තව අයිස් උනා
බොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවා
ඔබේ මුහුණු බලලා යන්නට ආවා
යකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයි
දාහක් ප්රශ්න එක පාරට වැටෙන හැටියි
හිතුවම විටෙකදී ගිහි ගෙය හරිනු හිතෙයි
කාලය විදුලියේ වේගෙට වඩා දුවයි
සිහින ජීවිතය ගොඩ නැඟු තරමටම
සිහින දකිමි තවමත් මම පෙර විලස
ඉපැරණි සිහිනෙකී මම ඔබ හමු වීම
සතුටකි විටෙක ඔබ හමුවන්නට ඒම
සතුටින් ඔබේ කාලය ගත වෙයි සිතමී
දුක් කරදර හමුවේ නොවැටෙනු යෙහෙකී
යන එන විටදී මා හමු වූවොත් මෙහෙදී
දොඩමළු වෙන්න අමතක නොම වෙයි පතමී
Monday, October 29, 2012
Subscribe to:
Post Comments (Atom)
10 විවේචන:
සෑහෙන කාලෙකට පස්සේ...
අම්මෝ......කොච්චර කාලෙකින්ද යාළු දැක්කෙ.සිංහල පාඩමෙන් පස්සෙ මමත් මේ ආවමයිද කොහෙද :)
නිවාඩු දවසක වටිනාකම වැඩියෙන්ම දැනෙන්න ගත්තේ රස්සාවකට ගියාට පස්සේ....... :)
Hello..................w සප්නා.......
ලස්සන කවි පෙල අක්කේ..
හම්මේ දැන් මේ පැත්තේ ලිය වෙන්නෙම නෑනේ මුකුත්...
කාලෙකින් මේ පැත්ත මතක් වුන එක ලොකු දෙයක්... ඒත් මීට වඩා අලුත් ආරන්චි කියන්නට දැන් කාලය හරි වගෙයි...
ජීවිතේ එහෙම තමයි වේගයෙන් වෙනස් වෙමින් ගතවෙනවා. කවියෙන් කිව්වත් අපූරුයි.
ස්තුතියි හැමෝටම :)
:) ලස්සනයි...
ලස්සනයි.කවියක් යනු ලිපියක් වගේ නෙමෙයි.කොහොම ඇමුණුවත් කලාවක් ඇත.
මනසින් දිවියට
Post a Comment