Friday, February 24, 2012
බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවිය
අහසක් උනා නම් ඔබ මහ පොළොවක් වී
කරනා කියන දේ නිතරම ඇස ගැටෙතී
ඇහැ පිය ගැසෙන සැණයෙන් ම'වෙතින් ඉගිලී
සැඟවෙන ලොවේ රස කිමදැයි නොදන්නෙමී
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
17 විවේචන:
මම පොළවක් වුනා නම් නුඹගේ අහස යට
නුඹට අනුව නිතරම මම හැඩ ගැසෙමී
සිතුවත් සෙවණ ලෙස නුඹ ලග රැදෙමි කියා
මගේ ඉරණම මම ඈතට අරන් ගියා
කවිකම් කරන්නට නම් නැත මම රුසියා
හැකි හැම වෙර යොදා උඩ කවියක් ලිව්වා
නුඹේ කවියේ ඇති හැඩ නම් ගොඩක් වටී
පිළිතුරු ලෙස මෙය මා නුඹ වෙත එවමී.
කවි කම කරන්නට බැරි යැයි කට කියුවා
නුඹෙ කවි කමේ හැඩ මම කවියෙන් දුටුවා
කලකට පසුව එක කවි පදයක් ලීවා
පිළිතුරු දෙන්ට ආ එක ගැන තුති වේවා
හිස් අහසට දෙන මේ දෙස් තැවිලි
උහුලන් ඉන්නේ කොහොමද ඔය කිරිල්ලි
මොර වැස්සකට මා සෝදා දමන්නී
සැඟවී ඉන්නට හෙවනක් මම හොයන්නෙමි
අහසට දුක සතුට සෙනෙහස දැනුණාම
දෝරේ ගලා යන බව සැබවෙකි මිතුර
අහසක ආදරය නොදැනම කලබලව
දුවන්ට යාම නොව ඉවසිල්ලයි හොඳම
අහස පොලොව හටගන්නේ හිත තුලමයි
කරන කියන දේ ඇත්තෙත් හිත ලඟමයි
ඇසිපිය ගැසෙන ක්ෂණයක් ක්ෂණයක් ගානෙයි
වෙනස් වෙලා සැඟවෙන්නේ හැම දේමයි...
ලොවේ රසය නැත ලෝකය අපට රසයි
රස නැති තැන මුලු ලොකෙම අපට දුකයි
දුක රස දෙකම ඇත්තේ ලොව තුලම නෙවෙයි
මට ගත් හැම දේම නැතිවීලා යනවා තමයි
මට කවියෙන් උත්තර දෙන්ඩ බෑ නෙ.
පොළවක් උනොත් කතරක් සේ දැවෙන මෙමා
දිවි ඇති තුරා අහසට හිමි කඳුළු තමා
නුවණින් බලා මා හට දුන මැනවි සමා
නොකියම නුඹෙන් ඈතට ඉගිලුනෙමි මෙමා
අදයි දැක්කේ මේ බ්ලොග් එක :)
බිඳුනු හිතක් ඇති බව නුඹ කීවාම.....
ඉහ මොල රත්වෙලා දුවගෙන ආවේය....
ඇත්තක් උනානම් මේ මල සංගදිය.....
කපුවා කපෝතියි අහලා තියෙනවද....?
:O ah
@ හේම ජයන්ත කොළඹගේ :
ඇත්තයි දනිමි ඔබ කියනා බුදු දහම
පෙමකට යට වු දා හිත නොම වෙද සසල
දෑතින් බදා ගත් හදවත එකවරම
නොපැකිල විසි කරන්නේ කොහොමද සැණින
@ මධුරංග:
අයියෝ.... ට්රයි කරලා බලන්නකෝ..
@ සයුරි:
අදහන්නට බැරිය ඔබගේ ඉල්ලීම
සමාව නොදෙන්නෙද පෙම් කල මා හදින
පව් පිං පල දෙන්ට කල් යල් ආ කලට
මට දුන් ගින්න ඔබ නොදවාවිද සබඳ
@ අභීත:
ඇත්තක් උනත් කපුවෝ මේ සංගදිය
නුඹ අත වරද නැත නොබියව හිඳිනු සොඳ
ඇත්තක් උනොත් කවදා හෝ මේ කවිය
මගෙ මළ ගමට නුඹටත් ආ හැක එදින
සුදාගේ සුදු සිහින ලියන්නේ නැද්ද ? මම් කාලෙකින් සුදු සිහිනයක් කියෙව්වේ නෑ.
ප.ලි. - තව ටික කාලෙකින් තව සුදෙක් ගැන ලියයි මහිතේ.හික්ස් :)
:P
ඔබ නම් අහස මම පොලොවක් වී ඉන්නම්
නිල්වන් සෙවන යට වැතිරී සැනහෙන්නම්
සද වතුරෙන් මගෙ ලොව නහවනවා නම්
සැඩ හෙන අකුණු මහ වැසි ඉවසා ගන්නම්
සඳ එළියද තරු පොකුරුද ඔබට තමා
හිත නොබිඳින තුරු මහ වැසි වේය පමා
සැඩ සුළඟද තද අකුණුද ඔබට නොපා
උදයට පිණි ඔබෙ පවසට ගෙනෙමි මෙමා
Post a Comment