දුකේදී පිහිටට වඩින්නේ
දෙවිවරුය මිනිසුන් වෙතේ
අපේ කඳුලට තැවෙන දෙවිවරු
මව්පියොයි, වෙනකෙකු නොවේ
කොහේ කොතනක බෙල සිඳුන දා
දෙමාපිය පාමුල වැටී
දෑත් දුන් විට යළි නැගෙන්නට
මව් ගුණය ලොව බැබළවී
හිතේ සවි දී, අප පෙරට ලී
ඔබේ ගත සවි යයි බිඳී
පුතුන් හට ඇති පෙම දිරිය වී
පියවරුන් සවි තිර වෙතී
අපේ ලෝකය එකළු කෙරුමට
ඔබේ වීරිය දන්නෙමූ
ඔබට නොපෙනී, ඔබට නොදැනී
දිවා රෑ ඔබ නමඳිමූ
Friday, February 10, 2012
Subscribe to:
Post Comments (Atom)
8 විවේචන:
ඇත්ත අක්කේ.. අපේ ජීවිත වල සාර්ථකත්වය ගැන කවුරු හරි හිතනවනම් ඒ අපේ දෙමවුපියන්ම තමයි..
නැති බැරි මොහොතක පිහිටට එන්නේ
මවුනි පියාණෙනි ඔබ පමණයි...
බුදුන් ළඟට අපගේ දුක දන්නේ
මවුනි පියාණෙනි ඔබ දෙපළයි...
ලස්සන කවි පංතියක් !
ඒක නෙමෙයි දැන් අක්කට හොදෙයි ??
අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි කියලා කියනවනේ. නැති කාලෙක මතක් කරකර අඬනවට වඩා හොඳම දේ දැන් පුළුවන් තරම් සලකන එකයි. එයාලා නැත්තම් අද අපි මෙතන නැහැනේ.
ප.ලි: දැන් අක්කට සනීප ද? පැණි හඳ ඉවරද?
හැමෝටම ස්තුතියි ප්රතිචාර වලට.
ඔව් අනේ. පැණි හඳ නං යන්තං ඉවරයි.
දැන් අම්මලාගෙ ගෙදරට වෙලා ඉන්නවා, වැඩිය මහන්සි වෙන එක අගුණයිලු නෙ
අක්කට සනීපනම් එච්චරයි...
අම්මලා තාත්තලා ගැන තව මොනවා කියන්නද??
රිකවර් වෙලා කියා සිතේ !!!
ඔව්. තාම අන්තිම රිපෝට්ස් බලලා නෑ. ඒත් හොඳ ඇති කියල හිතෙනවා :)
Post a Comment