වේලි වේලි ඉඳලා ලැබුණු වතුර පොද
තොලේ ලාන්නට නෑනේ මගේ පින
රටටම නොකිව්වත් ජයටම කෑ මඟුල
කොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපල
හරියට පැහැය තිබුණත් මගෙ සම සොබන
දැන් නං කහය හෙපටයිටිස් කියති වෙද
ඇඳ මස්තකේ ගෙවනා කම්මැලි දිවිය
නිම වෙන දිනය එනකං ඉමි ඇඟිලි ගැන
හිමි එයි රෝහලට ගෙදරට එනව වගේ
පිළිගමි, සිඹින්නට බැරි පිය මුව ඔහුගේ
සිනහවෙන් ගෙවමු මේ දුක් බර කාලේ
ඉස්පිරිතාලෙ දැන් අපෙ පැණි හඳ වාගේ
Thursday, February 2, 2012
Subscribe to:
Post Comments (Atom)
11 විවේචන:
දුක තමයි රංජනී...
අක්කේ මොකද උනේ? ඉක්මනින්ම සනීප වෙලා ගෙදර යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
හ්ම්ම් ...... ඉක්මනට යන්නකෝ ..
මල හත් වලාමේ.. මේ මොනවා වෙලාද? ඉක්මනට සුව වේවා නැගණිය....
මදැයි අජා මහත්තයාටයි නිලූෂා නෝනටයි වෙච්ච හදියක් !!!
ඉක්මනට හොද වෙන්ට අක්කා.
හප්පේ මේ මොකද මේ....
අනේ අප්පේ දරුවෝ :-(
ඉක්මණින් සුවපත් වෙලා එන්ට ලැබේවා...
අනේ දෙයියනේ.....
ඉක්මනට සුව වෙන්ට අක්කා...බුදු සරණයි...
ටයිෆොයිඩ්... ටයිෆොයිඩ්...
සොරි වෙන්නෝන මගේ කොමෙන්ටුවට. මේක ඇත්තම සිද්ධියක් කියල මම දන්නෑ.
-රාජ්
හෆෝයි වෙච්ච දෙයක්... ඉක්මනට හොඳ වෙයි!
Post a Comment