Tuesday, December 13, 2011
මං ආදරෙයි !!
පරණ කන් දෙකට
එකම එක වතාවක්වත් නොකියපු
"මං ආදරෙයි!!!"
අලුත් අඟට
කී වතාවක් නං කියන්න ඇද්ද?
අලුත් අඟේ
පැටලෙන්න කලින්
එකම එක වතාවක්වත්
පරණ කන් දෙකට
"මං ආදරෙයි!!!"
කියන්න හිතුණා...
මං ආ..................................දරෙයි
අම්මේ ! තාත්තේ !
Subscribe to:
Post Comments (Atom)
28 විවේචන:
හරිම අපුරුයි බොහොම සරලව ලස්සනට ලිව්වා නෙද එ ආදරෙ ගොඩක් අයට අමතකවෙන... පරණ කන් දෙකටත් අලුත් අඟටත් සුභපැතුම් :D
ලස්සනයි !!!!
අළුත් අඟටත් කවුරුත්, ඔයා කියන්න කලින් ආදරෙයි කියලා නැතුව ඇති මගේ හිතේ....
කමෙන්ට් එකේ ඉතිරි ටික බලධරයා විසින් කපා හරින ලදී.....
හලේ සංසාරේ.... දැන් නන් හීන ලෝකයක් මවනවා ඇති නේ.. හි හී.... :-D
" අළුත් අඟේ
පැටලෙන්න කලින්.."
ඒ කියන්නේ අපිට සුභ ආරංචියක් ලගදීම් දැනගන්න ලැබෙයි වගේ..
අඟයි කන් දෙකයි ෂේප් එකේ තියා ගන්න. දෙකම ඕනේ නේ. දැන් ඔය අඟ තමන්ගේම වෙලා වෙන්ටෑ. කලින් පෝස්ට් වලත් කියලා තිබුනා නේ.
ටීචර් කාලෙකින් දැක්කේ. සුදාගේ සුදු සිහින නැද්ද ?
දැනට: හැමෝටම ස්තුතියි සුබ පැතුම් වලටත්, ප්රතිචාර වලටත් :)
නිවාඩු පාඩුවේ ලියන්නං
ah :O .... ?....?....#...*......:]...?...@...ah.....
සෑහෙන බිසී ඇති එහෙනම් මේ දවස් වල.සුභ පැතුම් ඔයාට.
ඔයාලට මගෙනුත් සුබ පැතුම්...:D
නව යුගදිවියට ආසිරි පතමි...අභීයා තමයි පාර කිව්වෙ
අනේ ලස්සනම ලස්සන අදහසක්...............
සුභ විවාහ දිවියකට ඔයාටත්,අයියටත් සුභ පැතුම් අක්කේ!
සුභ පැතුම්. මං මුලින්ම බ්ලොග් එකේ කියවපු ලිපි අතර ඔයාගෙ එකත් තිබුණා. ඒත් පහුගිය කාලේ මට ඔයාව හොයා ගන්න බැරි වුනා.
කමක් නෑ හොදම දවසේ මට එන්න ලැබුණනේ.
සුභ මංගලම්.
ප්රීතිමත් විවාහ දිවියකට ආසිරි..
අලුත් අඟට දිගටම ආදරෙන් ඉන්න..
ලස්සනම ලස්සන අදහසක්... !!!!!!
බැන්ඳා කියල කපු මහත්තය කියල තිබුන මෙහාට එන පාර... ඔන්න සුභ පතන්න ආවෙ..
ජය මංගලම්.... !!!
අභීත අයියගේ පෝස්ට් එකක් දැකලා මේ පැත්තට ආවේ. මම මීට කලිනුත් මේ පැත්තේ ඇවිත් තියනවා.
එහෙනම් ඉතින් ජය සිරි මංගලම් කිව්වා.....!
ස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට ......
:D
අභියාගේ පෝස්ට් එක දිගේ ආවෙ...! ඔබ දෙපලට සුභ මංගලම්....!
සුභ මංගලම් අක්කා....!
අළුත් අඟටයි අක්කටයි සුභ මංගලම් අක්කා........!!!!
ඇත්තටම ගොඩාක් අය කියනවා වගේ අදනම් මම මෙහේ ආවේ අභි අයියාගේ පොස්ට් එක හරහා....
සුභම සුභම මංගලම් අක්කාටයි අයියාටයි...
(මම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් දාලා තියන විදිහ පොඩ්ඩක් බැලුවා..ටික ටික ලියන ඒවා අඩුවෙලා... ඒ ඉතින් මනමාල අයියා හම්බ උනාට පස්සෙනේ නේද?
දැන් ඉතින් දෙන්නා එක වහලක් යටනේ...
දෙන්නම එකතු වෙලා ලියමු එහෙමනම්... ජය වේවා)
සුභ මංගලම්
අභියාගේ පෝස්ට් එක දිගේ ආවෙ...!
ඔන්න් මමත් සුභ මංගලම් කිව්වා.. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..!!!
හෆොය් මෙච්චර කාලයක් දැනං හිටියේ නෑ..ලියන්නේ කවුද කියල දැන් නං මාට්ටු. ඒකත් අභීතය හින්දා...
ඔන්න සුභ පැතුම්!!!
ස්තුතියි කට්ටියටම :)
Post a Comment