හැඬුම් නැඟ එද ඔබට
අනුන් නෙත කඳුලකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
ඔබේ පත, බෙදේවිද
අනුන් කුසගින්නකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
දෙපා වාරුව දෙන්න
සැරයටිය වුවොත් ඔබ
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
අරමුණුව කන වැටෙන
බස් අහිමි වුව ඔබට
හදට හද විවර වන
ඔබේ ලොව නැත නිහඬ
Monday, January 31, 2011
Saturday, January 29, 2011
හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න අද වචන. බලන්න නොපැහැදිලි තැනක් තියනවද කියලා.
441.) රාත්‍රිය
442.) ක්‍රියාපද
443.) තූර්ය වාදනය
444.) ක්‍රීඩාව
445.) හිරු මඬල
446.) විද්‍යාලය
447.) වෛද්‍යවරයා
448.) වෛරය
449.) විද්‍යාව
450.) මාතෘ භූමිය
451.) මාතෘකාව
452.) වෘකයා
453.) පරීක්ෂණය
454.) ලක්ෂණ
455.) දුෂ්කරතාව
456.) ශබ්දය
457.) චීත්ත
458.) ප්‍රාසාදය
459.) සංග්‍රාමය
460.) ව්‍යායාමය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි

Tuesday, January 25, 2011
කවියා එන තුරු
Saturday, January 22, 2011
CSMA සහ විනීත වීම

කැම්පස් යනකොට "Computer Networks" කියන්නෙ මම ආසම කරපු විෂයයක්. විශේෂ හැකියාවක් තිබුණාට නං නෙවෙයි.
මම කැමතියි. එච්චරයි :)
දැන් මේ හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න කියල කරන්න ගත්තු විද්‍යාපති උපාධියෙත් ඔය කොටසක් තියනවා "Data Communication Networks" කියල. අද පාඩමේ කියල දුන්නෙ "Carrier Sense Multiple Access Protocol" එක ගැන.
හරි හරී. පොඩ්ඩක් ඉන්නකෝ. කොම්පියුටර් නොදන්න අයටත් තේරෙන විදිහට කියන්නං.
දැන් මේ අපි තොරතුරු ලබා ගන්න, තොරතුරු ලබා දෙන්න අන්තර්ජාලය, දුරකතන පාවිච්චි කරනවනෙ.
ඕවැයි අපි එහා මෙහා යවන දත්ත යන්නෙ සිග්නල් විදිහට. එතකොට ප්‍රවාහන මාධ්‍යයක් හැකි තරම් කාර්යක්ෂම ලෙස
භාවිතා කරන්නේ කොහොමද කියන විධි හොයා ගෙන යද්දි තමයි අපට මේ නිර්ණායක හමු වෙන්නෙ.
මම මේ කවදාවත් නැතුව "networks" පාඩමක් කියල දෙන්න යනව නෙවෙයි. අද පාඩම අපේ ජීවිතයට කොයි තරම් සම්බන්ධ ද කියල හිතුණ නිසා ලියවෙන්නක්.
CSMA Protocol එකේ ප්‍රධාන නියමය: කතා කිරීමට පළමු සවන් දෙන්න යන්නයි.
යම් දත්ත යවන්නෙක්, තමන්ගේ දත්ත යවන්න කලින් එම ප්‍රවාහන මාධ්‍යයේ වෙන කෙනෙක් දත්ත දැනට යවනවාදැයි බලන්න ඕනි. එහෙම යවනවා නම් එයා තමන්ගෙ දත්ත යවන්නෙ නෑ. හැබැයි මේ මාධ්‍යය නිදහස් වනතුරු මෙයා බලන් ඉන්නවා. හරි කෑදරයි. ඉඩක් ලැබිච්ච හැටියෙ දත්ත, ප්‍රවාහන මාධ්‍යයට නිදහස් කරනවා.
මූලික අවස්ථා වලදීට වඩා මෙහි දත්ත සුරැකිව ගමන් කිරීමේ සම්භාවිතාව වැඩි.
ඊලඟ අවස්ථාව බලමුකො: මේ අව්ස්ථාවේදී "Data Transmitting Station" එකක් එතරම්ම කෑදර වන්නේ නෑ. කවුරු හරි දත්ත යවනවා කියල පේනවනං පැත්තකට වෙලා ඉන්නවා. ආයි ටික වෙලාවකින් ඇවිත් බලනවා තාමත් බිසී ද කියල. මාධ්‍යය නිදහස් නම් විතරක් transmit කරනවා.
මේ අවස්ථාවේදී ප්‍රථිපල අරිට වඩා වැඩී.
ඊලඟ වැඩි දියුණු කිරීම බලමුකො: මේ අවස්ථාවේදී Data Transmitting Station එකක් කොහොමට්වත් කෑදර නෑ. අර මතු කී ආකාරයෙනුත් හැසිරිලා, තමන්ට දත්ත යැවීමට අවස්ථාව ලැබුණාමත් යම් කිසි සම්භාවිතාවකින් තමයි දත්ත යවන්නෙ. හිතන්නකො කාසියක් උඩ දාල මෙයා බලනවා කියලා.
හිස වැටුනොත් transmit කරනවා. අගය වැටුනොත් transmit කරන්නෙ නෑ.
ඊටත් පස්සෙ අවස්ථාව: මේ ඉහත මුළු හැසිරීමත් එක්කම, කතා කරද්දීත් සවන් දෙන්න.
එතකොට මෙයා දත්ත යවද්දි තව කෙනෙක් යවන්න පටන් ගත්තොත්, දෙදෙනාම දත්ත යැවීම නතර කරනවා. මොකද දැනටමත් මේ දත්ත හානි වී ඇති නිසා.
පොදු මාධ්‍යයක එකවර සුරැකිව යන්න හැක්කේ එක් අයකුට පමණයි.
මේ අවසාන ක්‍රම වේදයට එනකොට මාධ්‍යයේ දත්ත සුරැකිව ගමන් කිරීමේ සම්භාවිතාව 100% කට ලං වෙන තරම් ඉහළ යනවා.
හරි.
ටෙක්නිකල් කතාව ඉවරයි.
දැන් හිතන්න අපි පාරේ වාහනයක් ධාවනය කරනකොට ඇති වන තත්වයක් මේකත් එකම නෙවෙයිද?
අපේ පාර්ලිමේන්තුවේ කතා කරන කොට ඇති වන තත්වය මීට සමාන නොවෙයිද?
අනික් අය ගැන බලන්න වෙන නිසා, අනික් අයට ඉඩ දෙන නිසා, තමන්ගේ ගමන චුට්ටක් පරක්කු වෙන්න පුලුවන්. එහෙම වෙනවා.
හැබැයි අපි සමාජයක් විදිහට ගත්තම, අපි හැමෝම වැඩි වේගයකින් ඉදිරියට යනවා.
බොරුද මං කියන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ.
Friday, January 21, 2011
ටීක් ටීක්
ටීක්..
මිනිත්තු කිහිපයක නිහැඬියාවකි.
ටීක්..
නැවතත් මිනිත්තු කිහිපයකට පසු
ටීක්..
මෙය මහා කන්දොස්කිරියාවකි. කන්තෝරුවේ වැඩ ගොඩ මැද හෙම්බත්ව සිටි මම දෑස් පියා යම් සහනයක් ගන්නට තැනුවා පමණි.
කන්තෝරුවේ සිටින, වැඩ පටලවා ගැනීමට ප්‍රසිද්ධ පියන් කෙනෙකු ලවා මට එදින වැඩ කිහිපයක්ම කරවා ගැනීමට සිදු විය. අපේක්ෂිත පරිදි, එක වැඩය දෙක තුන වූයෙන් මම කෝපයටත්, මහන්සියටත් පත් වීමි.
සද්දය එන්නේ ජංගම දුරකතනයෙන් වාගේය. ඔව්. එයම තමා.
"දැන් මේක අරගෙන කී දවසද.. "
කලින් සතියේ ඔරලෝසුව කැඩිණි. ෆෝන් එක නිසා වෙලාව බලා ගැනීමට දෙයක් නොමැති වීමේ අපහසුතාව මඟ හැරී යයි. දැන් ඒකත් ලෙඩ දෙන්නට පටන් ගෙනය.
කාර් එකේ ඔටෝ වයින්ඩින් ක්‍රියා විරහිතය. වීදුරුව ඇරිච්ච ගමන්ය. බාස් කෙනෙකුට පෙන්නන්නෙමැයි අකලංක කීවද ඔහුටත් ඉස්පාසුවක් නොමැතිය.
කරදර..
ටික් ටික් සද්දය ටිකින් ටික මගේ නුරුස්නා ස්වභාවය වැඩි කලේය. තදින් දෑස් පියා ගත් මම යළි ඇස් ඇරියේ අප රැගෙන ආ වාහනය ගේ අසල නැවැත්වූවාටත් පසුවය.
කන්තෝරු යාමටත් ඒමටත් බස් වල එල්ලී යාම මම නතර කලේ, පළමු වැටුප් වර්ධකය ලැබූ දා සිටය. මා බැඳුණු ප්‍රවාහන සේවය වැඩි අය කිරීමක්ද නොකලෙන් එය මට දරා ගත හැකි වියදමක්ද විය.
ගෙට ගොඩ වන විටම මගේ කොළු පැටියා දුව ආවේය. අපට මොන ප්‍රශ්න තිබුණද පොඩි එකාට ඒවා අදාල නැත.
මා ගෙදර එන විට අම්මාද ඉන්නේ කොළුවා මට බාර දීමට ඉවසිල්ලක් නොමැතිවය. දඟ කාරයකු වූ පුතු බලා ගැනීම ඇත්ත වශයෙන්ම අම්මාගේ වයසට අසීරු කරුණකි.
මම ඇඳුම් උනා තබා මුහුණ සෝදා උයමන පටන් ගනිමි.
මේ කොල්ලාගේ දැඟලිල්ලේ ඉවරයක් නැත. කුස්සියේ තබා ඇති කුඩා ලී පෙට්ටගම උඩ නැඟ බිමට පැනීම ඔහුට වීර ක්‍රියාවකි.
"එපා කිව්ව නේද මම දැන් සැරයක්?" මම ගොරවමි.
මේකාට ගණනක් නැත. "එපා !!"
තුන පහ ඉවර වී ඇත. තුන පහ බිඳක් නොදමා හොද්දක් කන්නේ කෙසේද?
මම තුන පහ හදන්නට කොත්තමල්ලි ටිකක් බැද්දෙමි.
"මම දැන් ආවොත් දෙනව දෙකක්.. තේරුණාද?"
මගේ බැනුම්ද සෙල්ලමට ගත් පුතු කොත්තමල්ලි බැද බැද ඉන්නා මගේ තට්ටම විකීය. ගවුම පසාරු කරගෙන වැදුණු දත් පහරින්, මට තරු විසි විණි.
නිරායාසයෙන්ම මගේ අතින්, හැරී දිව යන පුතුගේ පිටට පහරක් එල්ල විණි. මෙතුවක් වේලා තාච්චියේ දමා කොත්තමල්ලි කවළම් කළ හැන්ද අතේ රැඳී තිබිණි.
මගේ රන් පුතුගේ පිට රත් පැහැ ගැන්වී ඇත. මගේ ප්‍රාණය හඬන්නට ගත්තේය. දරුවාගේ පිට වතුරට අල්ලමින් මමද හඬන්නට වීමි.
"අකලංක ..." හඬනු මිස මට වචන නොයේ.
ගෙදර එන ගමනේ සිටි අකලංක විනාඩි 10ක් යන විට මා ලඟය.
"අනේ... " මම සිදු වූ සියල්ල කීමි.
"පුතා ලෑස්ති කරන්න." ඔහු දරුවා රැගෙන දොස්තර හමුවට ගියේය. මට යා නොහැකිය. මට වෙන කිසිවකුට තබා, මටමවත් මුහුණ දිය නොහැකිය.
පැයක් ඉක්ම ගියේ කල්පයක් ඉක්ම යන විලසිනි. අකලංකත් පුතුත් පැමිණියේ මට සිනා සෙමිනි.
"අම්මා හරි චණ්ඩියා නේද පුතේ?.. ඒ උනාට පොඩ්ඩට අඬනවා.. "
දරුවාගේ පිටෙන් අල්ලක පමණ පදාසයක් පිළිස්සුම් තුවාල වලට අලවන බෙහෙත් සැරහුම් වලින් වසා තිබිණි.
පුතු බදා හඬනු මිස, අන් කුමක් මම් කරම්ද?
"ඔහොම බේත් ටික දාන් ගියාම හරි යයි.."
අකලංකගේ දෙනෙත් සැමදා මෙන්ම අදත් ඒ ආදරයෙන්, කරුණාවෙන් බබළයි.
මගේ හිස අත ගෑ ඔහු, නාන්නට ගියේය.
නිවාඩුවක් දැමූ මම පසුදා ගෙදර නතර වීමි.
පසු දින වාහනයේ කන්තෝරු යන ගමනේදී, මට යාබද අසුනේ සිටි මිතුරිය, "මේ... ඔයාගෙ ෆෝන් එකේ සද්දෙ ගෙදරදිත් ආවද?" ඇසුවාය.
මට වූ හදි අස්සේ මට ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම මතකව තිබුණි. කෙසේ වුවත් ගෙදරදී මට අමුත්තක් නොදැනුණු බවද මට සිහි විය.
"ඒක තමයි අනේ.. හරි වැඩේ කියන්නෙ ගෙදරදි නං සද්දෙ තිබුණෙ නෑ තමා"
"ඒක මේ අපේ ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකෙන් ඇවිත් තියෙන්නෙ. ඔයා බැස්සට පස්සෙත් සද්දෙ එක දිගට තිබුණ. මට හිනත් එක්ක වෙච්ච වැඩේට"
මගේ හිස තෝන්තු වන සෙයක් මට දැනිණ. මම කිසිත් නොකියා හිස රඳවනයට වාරු වීමි.

Thursday, January 20, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )

සුදා මොකක් හරි අමුතු ඇඳුමක් ඇන්දොත්, ඒ කියන්නෙ ඔය ගමනක් බිමනක් යන්න වගේ හොඳ සූට් එකක්
ඇන්දොත් එහෙම; අපේ වැට ගාවට ඇවිත්,
"මේක ලච්චනද?"
"මැචින් ද?"
"ඔයාට මෙහෙම එකක් නෑ නේද?"
"තියනවද?"
"නෑ නේ?"
"පුතාට තියනවා නේද?"
වගේ සුපුරුදු ප්‍රශ්න කෝටියක් අහනවා.
පහුගිය පෝය දවසෙ පන්සල් යන්න, සුදා සුදු අත් දිග ෂර්ට් එකකුයි සුදු කලිසමකිනුයි සැරසිල වැට ලඟට ඇවිල්ල,
අපේ තාත්තා එක්ක කතාවට වැටිලා තිබුණා.
අපේ තාත්තත් ඉතින් අමතර ප්‍රශ්න අහනවනෙ.
තාත්ත කියල සුදාට, "හරි ඉතින් මට ඔයා ඔය ඇඳුම දෙනවද? මට ඔයින් එකක් නෑ නෙ."
සුදත් ඉතින් සැදැහැ සිතින් හා කියල පන්චල් ගිහින් තියනවා.
පන්සල් ගිහින් කළුවර වැටිලා ආපු සුදාගෙන්, තාත්තා ඇහුවලු "සුදෝ, කෝ ඉතින් ඔය ඇඳුම දැන් මට දෙනවද?"
"ඈ??"
"මට ඔය සුදු ෂර්ට් එකයි, දික් කයිචමයි දෙනවද?"
"මොකක්ද.........??"
"ඔයා කිව්වෙ මට ඔය ඇඳුම දෙනව කියලා"
අපේ සුදා,
මල් හිනාවක් දාල,
මෙහෙම කිව්වලු:
"මම විහිළුවට කියන කතා ඔයා ගණන් ගන්න එපා අනේ"
Wednesday, January 19, 2011
සුන්දරම පැතුම්
Tuesday, January 18, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
"මිශ්‍රණය" කියන වචනේ "ණ" යනු භාවිතය පැහැදිලි කරන්න හැකි කාටද?
421.) දේශගුණය
422.) පෙරළනවා
423.) භාවනාව
424.) මාතෘකාව
425.) ලේකම්
426.) සුළැඟිල්ල
427.) හෙවණැල්ල
428.) රාජධානිය
429.) මිශ්‍රණය
430.) ස්වාභාවික
431.) රණකාමී
432.) කුණුකසළ
434.) ආස්වාදය
435.) ක්ෂීරපායී
436.) කොණ්ඩය
437.) කොට්ඨාසය
438.) දර්පණය
439.) පුෂ්ටිමත්
440.) පෘෂ්ඨය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
421.) දේශගුණය
422.) පෙරළනවා
423.) භාවනාව
424.) මාතෘකාව
425.) ලේකම්
426.) සුළැඟිල්ල
427.) හෙවණැල්ල
428.) රාජධානිය
429.) මිශ්‍රණය
430.) ස්වාභාවික
431.) රණකාමී
432.) කුණුකසළ
434.) ආස්වාදය
435.) ක්ෂීරපායී
436.) කොණ්ඩය
437.) කොට්ඨාසය
438.) දර්පණය
439.) පුෂ්ටිමත්
440.) පෘෂ්ඨය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Monday, January 17, 2011
නෝරා
අම්මාත් තාත්තාත් නෝරා දුටු විගස තුෂ්නිම්භූත වූහ. මෙය අප බලපොරොත්තු වූ ප්‍රතිචාරයයි. එ නිසා පෙර කතා ගත් පරිදිම කිසිවක් සිදු නොවූ විලස හැසිරීමට යොහාන් නුත් මමත් අමතක නොකළෙමු.
යොහාන් මට හමු වූයේ මීට අවුරුදු 1 1/2 කට පමණ පෙර රාජකාරී කටයුත්තක් සඳහා ඇස්කර් පැමිණි අවස්ථාවේදීය. ඒ මාගේ දෙවැනි නෝර්වේ සංචාරය වූයෙන් ඇස්කර් සිට තනිවම උවමනා එපා කම් සඳහා ඔස්ලෝ යාමටත්, යළි ඇස්කර් නවාතැනට ඒමටත් හුරු වී සිටියෙමි. කෙසේ වුවද පණ්ඩිත කම වැඩිවී ඔස්ලෝ සිට ඇස්කර් දක්වා එන මිනිත්තු විස්සට මට නින්ද ගියේය. මා ගමන් කලේ කියවීම් මැදිරියක් තුළ වූ නිසා එය කිසිදු හඬක් නොනැඟි තැනක් විය. රැස්වීම් වල බහු බූත සියල්ල පරිගණකයට පමණක් නොව ඔලුවටත් ඔබා ගත් බැවින් නින්ද යාම ඉක්මන් වන්නට ඇත. යළි ඇහැරෙන විට ඇස්කර් ස්ටේෂම පසු වී තිබූ අතර මම බිය පත් වීමි. ඊළඟ ස්ටේෂමෙන් බැස අනෙක් අතට යළි ඇස්කර් වෙත දුම් රිය ටිකට් පතක් ලබා ගැනීම පිළිබඳ කල්පනා කිරීම වෙනුවට; මා ඉදිරිපස වාඩි වී පොතක ඇලී හුන් මිනිසාට කතා කිරීමට සිතුණේ මන්දැයි අසා දැනුදු යොහාන් මට සරදම් කරයි.
නෝවීජියානු මිනිස්සු කොහොමටත් අනෙක් බටහිර රටවල මිනිසුන්ට වඩා සුහදශීලීය. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපලේදී සුද්දන්ගේ අවඥාසහගත බැල්මට හසු වී කෝපයට පත් වෙන ඔබ, ඔස්ලෝ හී සුහද සිනාවෙන් පුදුමයට පත් වෙයි. මම ඒ විශ්වාසය ඇතුව ඔහු ඇමතීමි. මා බියපත් වී සිටි ආකාරය ඔහුට හොඳින්ම දැනුණා විය යුතුය. මා මගේ විස්තර කෙටියෙන් ඔහුට කීවෙමි.
කොහොමටත් ලංකාවේ මෙන් නොව එහිදී මිනිසුන්ට අමුතුවෙන් බිය විය වුතු නැත. නෝර්වේ වලදී මහ රාත්‍රීයේදීත් කඩ වීදී ගානේ ඇවිදීමේදී හිතේ ඇති වන නිදහස් හැඟීම මම කිසි දිනක ලංකාවේදී අත් විඳ නොඇත්තෙමි. ඔහු මා සමඟ ආපසු ඇස්කර් දක්වා ආවේය. මා නැවතී සිටියේ ඇස්කර් ස්ටේෂමේ සිට හූවක දුරිනි. තේකක් බී යාමට මා කළ ඉල්ලීම ඔහුට අහක දමන්නට බැරි විය. ලංකා තේ ඔහුට ප්‍රණීත බීමක් විය. මම ගෙදරින් ගෙනා කැවුම්ද ඔහුට රැගෙන යාමට සකසා දුනිමි.
ඊලඟ සති අන්තයේ මා ඇහැ ඇරියේ සීනුව නාද වෙන හඬිනි. වයස අවුරුදු 10 ක පමණ කෙළි පොඩ්ඩක සමඟ ඔහු මා බැලීමට පැමිණ සිටියේය. දුරකතන අංකයක් වත් නොදත් බැවින් මා කොහේ හෝ පිටත් වීමට පෙර මා බැලීමට පැමිණියේ යැයිද, ඔහුගේ දියණිය මා හමු වීමට පෙරැත්ත කලා යයිද යොහාන් හිනැහෙමින් පැවසුවේය. කැවුම් ඉතා මිහිරි බව නෝරා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කීවාය. එදා මුළු දවසම අපි පාර්ක් ගානේ ඇවිදිමින්, කමින් බොමින් සෙල්ලමින් ගත කළෙමු. නෝරා මා හා බොහෝ මිතුරු වූවාය.
ඇගේ මව නොමැති අඩුපාඩුව ඇයට තදින් දැනී ඇති සෙයකි. නෝරා ගේ මවත් යොහාන් නුත් නීතියෙන් විවාහ නොවූවෝය. විවාහ වීම එහි අනිවාර්ය නොවේ. ඔබට රිසි පරිදි ජීවත් විය හැක. නෝරාගේ වගකීම් යොහාන් මත දමා ඇගේ මව පසු කාලීනව වෙන මිනිසකු සමඟ සරණයෙහි බැඳුණාය. ඔය යොහාන් කී හැටියට මා දන්නා කරුණුය. කෙසේ වුවත් ඒවායේ ඇත්ත නැත්ත මට වැදගත් නැත.
නෝරා මා කෙරෙහි තිබූ ඇල්ම පසු කළෙක අප දෙදෙනා අතර බැඳීමක් ඇති කරන්නට සමත් විය.
මාස තුනක නියමිත කාලය අවසන මට නෝර්වේ හැර ඒම මහත් දුකක් විය. අවසන අපි තීරණයකට පැමිණීමු.
"අපේ සංස්කෘතීන් දෙක ගොඩක් වෙනස්. මොනව වෙයිද?" යොහාන් පිළිවිසූ විට "එහෙම හිතුවොත් ඉතින් අපිටත් වෙන්නෙ නොරිකොටයි දෙවොන්දරාටයි වෙච්ච දේම තමයි" කීමි. අපේ අපි ගැන කතාව එදිනට එතැනින් හමාර විය. මට දෙවොන්දරා සං ගැනත් නොරිකො සං ගැනත් සම්පූර්ණ කතාව ඔහුට කීමට සිදු විය. එය අප දෙදෙනා බෙහෙවින්ම ගැලපුණු එක් අවස්ථාවක් විය. මම කතා කීමෙහි හපනෙකු වීමි. ඔහු කතා ඇසීමෙහි ලෝලියෙකු විය.
නීතියෙන් විවාහ නොවී තමන්ට ඕනෑ හැටියකට වාසය කිරීමේ අයිතිය ඇති රටක සිට, ඔහු අපගේ සදාචාරය පිළිබඳ සංකල්ප වලට ගරු කරමින්, ලාංකීය අපට නොමනා යැයි හැඟෙන කිසිවකට මගෙන් ඉල්ලීම් නොකිරීම; ඔහු කෙරේ වූ මාගේ ආලය තවත් වැඩි දියුණු කරවන්නක් විය.
මම ලංකාවට පැමිණි පසු නෝරා හෝ යොහාන්ගේ අතීතය ගැන කිසිවක් හෝ අම්මාටත් තාත්තාටත් නොකියා ඉතිරි හරිය කීවෙමි. මට යොහාන් නැති කර ගන්නට වේදැයි මා තුළ බියක් පැවතියේය. "අවුරුදු 35 තිස්සෙ ලංකාවෙන් හොයා ගන්න බැරි වෙච්ච මිනිහ ඔය පිට රටකින් හොයා ගෙන තියෙන්නෙ" අම්මා අවලාද ස්වරයෙන් කීවාය.
කෙසේ නමුත් මම මගේ මතයේම සිටියෙමි. අවසන යොහාන් විත් දෙමව්පියන් මුණ ගැසිය යුතු යැයි තීන්දු විය. නෝරා ගැන හෝ අතීත සිද්ධි කිසිවක් හෝ ඔවුන්ට නොකියන ලෙස මම යොහාන්ට ඉගැන්වීමි. මට වඩා වසරකින් පමණක් වැඩුමහල් වූ හයේ හතරේ පුරුෂයාට අවසන දෙමව්පියෝ කැමැත්ත දුන්හ. විවාහය ලියාපදිංචි කොට යොහාන් නැවත සිය රට ගියේය. "සුද්දෙක් බැඳගන්නව පෙන්නන්න නෑයෝ ගෙන්නන්න ඕනේ නෑ" යි යනු අප හැමෝගේම තීරණය වූයෙන් ලියාපදිංචිය විතරක් වුව අපට සෑහේ. උත්සව නැත.
ඉන් ටික කලකට පසු මමද නෝර්වේ බලා පිටත් වීමි. අපේ කූඩුවට හතර වැන්නකුගේ පැමිණීමෙන් පසු අම්මාටත් තාත්තාටත් එන්නට දන්වා හැරීමු. කොළු පොඩ්ඩා දැකීමේ ආසාවෙන් ඔවුහුද පියාඹා ආවෝය.
නෝරා ගැන කිසිවක් අප මෙතුවක් නොකියූ බැවින් ඇය දැකීම ඔවුන්ට අනපේක්ෂිත සිද්ධියක් වන බව අපි දැන සිටියෙමු.
නෝරා කොහේ හෝ ඒ ටික කාලයට නවත්වමු දැයි යොහාන් මගෙන් ඇසීය. "ඕන නෑ. අපි එක පවුලක්." යොහාන් මා සිප ගත්තේ කඳුළු දිළිසුණු දෑසිනි.
"මේ කවුදැයි" අම්මා ඇසුවේ නැත. ගෙදර පින්තූර, නෝරාගේ හැසිරීම මේ සියල්ලෙන් ඇය සියල්ල තේරුම් ගත්තාය.
"එතකොට උඹ බැන්දෙ කලින් කසාද බැඳපු මිනිහෙක්?"
"නෑ. එයා බැඳලා ඉඳලා නෑ. ළමයගෙ වගකීම එයා බාරගෙන තිබුණා"
තාත්තා මුවින් නොබැණ මුත් අප කෙරෙහි අප්‍රසන්නව සිටියාදැයි මම නොදනිමි. අම්මා කෝපව අප සමඟ කතා නොකර සිටියාය. ලංකාවේ වූවා නම් ඇය ආ පයින්ම ගෙදර යන බව මම දනිමි. ඒත් පසුව එන බවත් මම හොඳාකාරවම දනිමි.
සතියක ඇවෑමෙන් අම්මාත් තාත්තාත් හවස් වරුවේ පිටතට යන්නට හරි බරි ගැසෙනු මම දුටිමි. මගේ හිත අවුලට පත් විය.
"ලඟදීම යන්නද දන්නෑ කල්පනාව".
නෝරා උඩ පනිමින් ගී ගයමින් පැමිණියාය.
"හරි. යං" සිංහලෙන් කීවාය.
අම්මා දකුණතිනුත්, තාත්තා වමතිනුත් අල්ලා ගත් ඈ "පාර්ක් යනවා" යි මා දෙස හැරී බලා කීවාය.

Sunday, January 16, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
කාටහරි මතකද ඇයි අපි හරි වචනය "ගැටලු" මිසක් "ගැටළු" නොවෙයි කියල කිව්වෙ කියලා?
401.) ගඩොල් කැට
402.) මාලිගාව
403.) ශතවර්ෂ
404.) දිශාව
405.) ශාසනය
406.) වංශය \ වංසය
407.) පිරිවෙණ \ පිරිවෙන
408.) අකුළනවා
409.) අත්‍යවශ්‍ය
410.) කිණිහිර
411.) හානිකර
412.) කරණම
413.) හස්තිරාජයා
414.) කොලරාව
415.) ගැටලු
416.) ජලාශය
417.) ප්‍රශංසනීය
418.) බරපතළ
419.) පුලුස්සනවා
420.) පණිවුඩය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
401.) ගඩොල් කැට
402.) මාලිගාව
403.) ශතවර්ෂ
404.) දිශාව
405.) ශාසනය
406.) වංශය \ වංසය
407.) පිරිවෙණ \ පිරිවෙන
408.) අකුළනවා
409.) අත්‍යවශ්‍ය
410.) කිණිහිර
411.) හානිකර
412.) කරණම
413.) හස්තිරාජයා
414.) කොලරාව
415.) ගැටලු
416.) ජලාශය
417.) ප්‍රශංසනීය
418.) බරපතළ
419.) පුලුස්සනවා
420.) පණිවුඩය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, January 15, 2011
මුහුණ දීම හා පළා යාම
"සියළු දේ නොරිස්සීමට හේතුව මටම හිතා ගත නොහැකිය. හැමදා ඔලුවට වැටෙන කුණු කන්දල් තොගය නිසා, ඒවා හිසේ පැත්තට ටික ටික ගොඩ ගැසීම නිසාද මට මේ හැටි ගෙදර මිනිසුන් ගැන අපුලක් දැනෙන්නේදැයි සිතේ.
ගිහි ජීවිතය මහා විකාරයකි. අන්තිමට ගහපු බෙරේකුත් නැත. බෙරේ පලුවකුත් නැත"
ඛේමා සිය දිනපොත වසා දැමුවාය. මීට පැයකට පමණ පෙර නිදන්නට ඇඳට ගිය ඇයට නින්ද නොආවේය. අවසන, දිනපොතේ කුරුටු ගෑමේ සිතිවිල්ල ආයෙන් ලියන මේසයට පැමිණියාය.
ඛේමා සුරූපී, දක්ෂ යුවතියක වූවාය. පිනෙහි කැමති, සැහැල්ලු දිවි පෙවෙතට බර ඇය වගකීම් නොරිස්සුවාය. වියපත් වෙන්න වෙන්න විවාහ වීමට දෙමව්පියන් කරන ඇවටිලිත්, නෑදෑ හිත මිතුරන්ගේ දහසක් ප්‍රශ්නත් ඇයට මහා හිස රදයක් විය.
"මේ ගෑණු ළමයගෙන් කිසි වැඩක් නෑ" ඇගේ මව නිතර කියූවකි.
"ගෙදර කියන්නෙ රෙදියි, වළනුයි" ඛේමා සමහර දිනෙක වියරුවෙන් මෙන් කෑ ගැසුවාය.
ඇගේ මේ විවාහ ජීවිතය පිළිබඳ අපුල ඇයටම විසඳා ගත නොහැකි අභිරහසක් විය.
ගිහි ජීවිතය ගැන මෙතරම් කළකිරීමක් කවදා කෙසේ සිතට ඇතුළු වීදැයි ඛේමාට මතක නැත.
මතක ඇති කාලයේ සිට ඇගේ දෙමාපියෝ රණ්ඩු සරුවල් කර ගැනීමෙහි අති දක්ෂයෝ වූහ. ඔවුන්ට මිල මුදලින් ඒ හැටි අඩු පාඩුවක් නොවුණද ගෙදර බොහෝ කටයුතු වලදී ඇගේ දෙමව්පියෝ මනා ලෙස එකිනෙකා කෙරෙහි හිත රිදවා ගැනීම් කර ගත් හ.
පියා සියල්ල දත් අති පණ්ඩිතයකු වූයෙන් ඔහු සමඟ කතා බහ කවදත් ඇයටත්, සොහොයුරියටත් අප්‍රසන්න විය.
මව කුකුල් කේන්ති කාරියක වූවාය. පොඩ්ඩ බැරිවූ තැන, යකා ආරූඪ කර ගැනීමෙහි දක්ෂ ඇය කෙරේද දැන් ඛේමා තුළ ඇත්තේ කළකිරීමකි.
නින්දට ගිය ඇය තීරණයක් ගත්තාය. මිතුරියක විසින් ඇයට හඳුන්වා දෙනු ලැබූ ආරාමය ඛේමාට සිහි විය.
"මම යනවා සතියකට.. නිවාඩු දාල තියෙන්නෙ" ඇගේ දැන්වීමෙන් ගෙදර සියල්ලෝ කලබලයට පත් වූහ. කෙසේ නමුදු සතියක් ආරාමයෙහි භාවනා කිරීමට අව්සන කැමැත්ත ලැබිණි.
ආරාමය නිහඬ නිසංසල සිතට සුව දෙන තැනක් විය. වන ගත පෙදෙසක් යැයි හැඟෙන තරමටම එය ගසින් වැලින් පෝෂිතය. කළු ගලින් හා වැල්ලෙන් නිමවූ සක්මන් මළු ඔස්සේ කුටි වලට යන මාර්ගය වැටී තිබුණි.
සුළු ආහාරයකින් යැපෙන සිව් වනක් පිරිසම එහි වූහ.
පිරිමින්ගේ ආශ්‍රමය දෙසට ගැහැණුන්ට යා නොහැකිය. කෙසේ වතුදු ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දීමටද, කමටහන් ලබා ගැනීමටද උපාසිකාවන්ට පොදු ධර්ම ශාලාවට යා හැකිය.
දහම් දෙසීමට එන එක් හිමි නමක් ඛේමාගේ සිත ඇද ගති. ඇගේ සිත තුළ පවතින කළකිරීම වටහා ගත් හිමියෝ ඇයට සුදුසු කමටහන් ලබා දුන්හ. ස්වාමීන් වහන්සේ ලබා දුන් අරමුණු කෙරෙහි වලට වඩා ඛේමාගේ සිත ඇදී ගියේ, උන්වහන්සේගේ ධර්ම කථිකත්වයටය. පැහැදිලිව දෙසන ගැඹුරු දහම් කරුණු තේරුම් ගැනීමට ඈ සමත් වූවාය. නමුත් එතුමන් කෙරෙහි ඇති වූ ඇල්ම ඉවත් කර ගැනීමට ඇයට නොහැකි විය.
පොරොන්දු සතිය අවසානයෙහි ඈ රැගෙන යාමට පැමිණි දෙමාපියන්ට හා සහෝදරියට සිදු වූයේ අකරතැබ්බයකි.
ඛේමා කුටියේ දොර නොහැර ඔවුන්ට ආපසු යාමට බල කළාය. කිසිවකුට ඇය නම්මා ගත නොහැකි විය.
මසක ඇවෑමෙන් ගෙදර ඇත්තෝ උත්සාහය අත් හළහ. ඛේමා දැන් මෙහෙණියකි. වසර දෙකක් මෙහෙණියකව රැඳීමෙන් අනතුරුව ඇයට උපසම්පදා භාවය ලබා ගත හැක.
එසේ වතුදු බලා පොරොත්තු වූ සුවය ලැබිණි දැයි ඇයට ප්‍රශ්නයකි.
"මේ ජීවිතය නිස්කලංකය. රෙදි සහ වළං මෙහි තව දුරටත් නොමැත. එහෙත් මම ප්‍රේමය කෙසේ දැයි නොදනිමි. රති සුවය කෙසේදැයි නොදනිමි. මා ආරාමයෙහි නතර වූයේ මා කෙරෙහි ඇල්මෙන්ද, වෙනකෙකු කෙරෙහි ඇල්මෙන්දැයි මට නොහැඟේ.
රෙදි සහ වළං වලින් යුක්ත වුවද, හොඳ සැමියකු හා දරු මල්ලන්ගෙන් පිරුණු විට ගිහි ජීවිතය තුළ මෙතරම් හුදකලාවක් නොදැනෙනු ඇත" මෙහෙණියෝ සිය දින පොතේ ලියූහ.

Thursday, January 13, 2011
සතුටේ බැරුවා ...

ලිපියකී පණිවිඩය දැවටුණු
බියෙන් සැකයෙන් විවර කෙරවුණු
හිත හදා ගෙන හොරෙන් කියවුණු
ලකුණු නම් ඇත මෙවර අඩු නොවු
උණ හදා ගෙන ගොහින් ලියවපු
ලකුණු සයකින් අඩුව පැරදුණු
පළපුරුද්දෙන් වැරදි අඳුරපු
මෙදා ලකුණෙන් වුණයි සමතෙකු
දුකේදී සනසන්නට හිටි අය
නැවත වෙර ගන්නට පතපු අය
මෙකී කිව්, මා නොකිව් හැම අය
වෙත ලියෙව්වෙමි මගේ හිත තුට
Sunday, January 9, 2011
පරණ ගෙදරක නුහුරු බව ලැබ
Friday, January 7, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
බලන්න අද වචන වල අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවද කියලා..
381.) ඉපනැලි
382.) ඉරනවා
383.) ඉළ ඇට
384.) ඓතිහාසික
385.) කම්මුල
386.) කෙළෙහි ගුණ
387.) තැනිතලාව
388.) තීක්ෂණ
389.) තිළිණය
390.) තොණ්ඩුව
391.) ත්‍රිකෝණය
392.) ථූපය
393.) දඟලනවා
394.) දමිළ
395.) දශකය
396.) දේපළ
397.) දෝෂාරෝපණය
398.) නවීන
399.) නිරූපණය
400.) කැලැන්ඩරය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
381.) ඉපනැලි
382.) ඉරනවා
383.) ඉළ ඇට
384.) ඓතිහාසික
385.) කම්මුල
386.) කෙළෙහි ගුණ
387.) තැනිතලාව
388.) තීක්ෂණ
389.) තිළිණය
390.) තොණ්ඩුව
391.) ත්‍රිකෝණය
392.) ථූපය
393.) දඟලනවා
394.) දමිළ
395.) දශකය
396.) දේපළ
397.) දෝෂාරෝපණය
398.) නවීන
399.) නිරූපණය
400.) කැලැන්ඩරය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Thursday, January 6, 2011
ඔබ සිටියා නම් ...
Wednesday, January 5, 2011
විසිරිලා විසිරිලා විසිරිලා
Monday, January 3, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න 2011 වසරේ පළමු පාඩම :)
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)
361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)
361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, January 1, 2011
විදූ සහ මම
ඔන්න හා හා පුරා කියලා නව වසරට වැඩ අල්ලන්න හිතාගෙන අපි ගියා "විදූ" බලන්න.
අපි කිව්වෙ, අම්මයි මමයි. තාත්තටත් එන්න විදිහක් නෑ, මහරගම පිළිකා රෝහලට ඒගොල්ලො බේත් දන් දෙන පුණ්‍ය කටයුත්තක්. අපි දෙන්නා ඉතින් බෙල්ලන්විල පන්සලුත් වැඳගෙනම චිත්තරපටිය බලන්න ගියා.
ඕකනෙ ඉතින් වල් පල් කියනවා කියන්න ආපු කාරණේ අමතක කරලා.
අවංකවම, විදූ හොඳ චිත්‍රපටියක්.
විදූ කරන දේවල් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, හැරී පොටර් වීරයින් වන ලෝකයේ ඔහු ඉතාම යථාර්ථවාදී වීරයෙක්.
විදූ ඔබේ වටිනාකම පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔබ එය ගොඩ නගා ඇතිදැයිද, ඔබ එය ගොඩ නඟා ගත්තේ කෙසේදැයි ද, ඔබගේ නියම වටිනාකම ඔබට ලැබී ඇති දැයි ද ප්‍රශ්න කරනවා.
මට වෙලාවකට හිතෙනවා, විදූ කියන්නෙ ලාංකීය සමාජයෙන් නිසි වටිනාකමක් ලබා නොදුන් හා, ලාංකීය සමාජය විසින් වටිනාකමක් හඳුනා නොගත්; හඳගමගේ පෙර සිනමා නිර්මාණ මතින් ගොඩ නැඟුණු අදහසක්ද කියලත්.
හඳගමගේ මුල් නිර්මාණ කිසිවක්, ජැක්සන් ඇන්තනීගේ අබා හෝ සෝමරත්න දිසානායකගේ සරෝජා හෝ සූරිය අරණ හෝ තරම් ආදායම් නොඉපයූ බව නිසැකයි.
කොහොම නමුත් ඒ අස්සේ මට වෙච්චි දේත් අහන්නකෝ.
ඔන්න ඉතින් මම ටිකට් දෙකක් ගත්තා. 2000 කොළයක් දුන්නා. ආයි මගෙන් කවුන්ටරේ මනුස්සය රු.100 කුත් ඉල්ල ගත්තා.
බැල්කනි ටිකට් එකක් රු.300. දැන් ඉතිරි කීයක් වෙන්න ඕනෙද ළමයිනේ?
1500 ක් හම්බ වෙන්න එපැයි :(
හම්බ උනේ රු.500. මගේ සිහි බුද්ධියේ හොඳ කමට රු.1000 කුත් තව ලැබෙන්න ඕනෙ කියල මතක් උනේ ගෙදරට කිට්ටු කරල..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
දැන් ඉතින් ආයි රීගල් එකට යන්නද?
රුපියලට දෙකට ලෝබ කරන ස්වප්නාට 1000 කොළයක් පිටින්ම අන්තර්ස්ධාන උනාම මොන තරන් විස්සෝපයක් ඇද්ද?
හපෝ.....යි :)
:( :D

වෘත්ත චලිතය
කාලයක සිට නින්ද නොයෑමේ තත්වයකින් පෙළුනෙමි. ඇඳුම් මසන්නට, කොට්ට උර වලට මල් මහන්නට ඇති පුරුද්ද නිසා, රෑ නිදි වරන්නේ කුමටදැයි අසූ විට, අම්මාට දෙන්නට පිළිතුරක් මා සතු විය.
එනමුදු, "ඔය හැටි නිදි මරං මහන්න ඔය ළමය රස්සාවට ඕක කරනවාද" යි ඇසූ විට මම නිරුත්තර වෙමි. "අනේ මන්ද අම්මේ, නින්ද යන්නෙ නෑ" යි කීමට මට සිත් නොදේ. ඒ, එම පිළිතුර ඇගේ නින්ද මීළඟට සොරා ගනු ඇති බැවිනි.
ඔහු මට හමු වුයේ මගේ පළමු පත්වීම ලද පාසලේදීය. අපි ඉතා කුළුපග මිතුරන් වීමු.
ඔහුගේ දෑස් තුළින් මා දකින මම පුදුමයට පත් වීමි. මා හා හිනැහෙන ඒ ඇස් දිදුළයි.
මුවින් නොදෙඩූ කතාවක් දෑසින් පවසන විට කෙතරම් සුන්දරද...
මම ඔහුට පෙම් බැඳීමි. කිසි දිනක නොබිනූ පෙම හිත තුළ දළු ලා වැඩෙන්නට වැඩෙන්නට මා තවත් අපහසුතාවයට පත් වීම පමණි සිදු වූයේ.
"මම ඔයාට දෙයක් කියන්න තියනවා"
"මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ"
"අපිට අද හවසට පොඩ්ඩක් මුණ ගැහෙන්න බැරිද?"
කියා ඇරඹී, "මම ඔයාට කැමති", "ආදරෙයි", "මට ඔයා ඕනෙ" කියන තුරු මම බලා හුනිමි.
කිසිදු දිනක ඔහු අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේය.
"මොන විකාරයක් ද" මිතුරියෝ කීහ. "මගේ එයා ගැන එහෙම අදහසක් නෑ.. එයා මට හොඳ යාළුවෙක් විතරයි"
මම හැඬීමි. "අවුරුදු 2 කටත් වැඩිය ඉතින් කැමති නං නාහ ඉන්නෙත් නෑනෙ" හිතවත් ගුරුවරු කීහ. "මගෙත් එක්ක එල්ලි එල්ලි ඔච්චර කියවන්න ආවෙ මොන කෙහෙල්මලකටද" .. පාන්දර දෙකට දෙමව්පියෝ මා පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගෙන ගියහ.
"ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා" මම කීමි. දොස්තරටද එය ඇත්තය.
"පපුවෙ මැද හරියෙන්ද රිදෙන්නෙ? පැත්තකින්ද?"
"උදේට කන්නෙ කීයටද?"
"දවල්ට?"
"රෑට?"
"ම්ම්ම්ම් බලන්නකො මේ කාල අතර තියන ගැප් එක"
"මුළු දවසෙම ටික ටික කන්න.. හොඳ වෙනකන්"
මම හිස වැනීමි.
සතියක් ලෙඩ නිවාඩු දමා ගෙදර නැවති මම යළි පාසලට ගියේ ඔහු නොදකිමී තිර අදිටනිනි.
"ඔයාට කොහොමද?"
"ලැජ්ජාවක් නැතිව කතා කරන්න එන හැටි" මට ඔහු රිදවන්ට බැරිය. නැවත හඬන්නටද බැරිය.
මාරු වීම් අවස්ථා ආ මොහොතේම මම වෙනත් පාසලක් ඉල්ලීමි.
අප වෙන් වන දිනය පැමිණියේය. මට එය මහත් ඇස්වැසිල්ලකි.
මින්පසු මට ඔහු නොපෙනේ. මුණ නොගැසේ. කොපමණ හොඳද? දුටු විට ඇති වන ලතැවිල්ල, නොදුටු කල කල් යත්ම පහව යනු ඇත.
අප වෙන්වී දැනට වසර පහකි.
"මෙයාට දැන් මම පරස්තා හොයන එක නවත්තල තියෙන්නෙ. බඳිනව නං බැඳපුදෙන්, නැත්තන් ඔහෙ හිටියාවෙ" අම්මා ඇගේ උත්සාහය අතහැර දැම්මේ යෝජිත තරුණයින් දහ පහලොස් දෙනෙකුන් පමණ සමඟම මගේ සාම කතා අසාර්ථක වූවාට පසුවය.
පාසල් නිවාඩු කාලය හමාර වීමට ආසන්නය. නව වසරේ, නව ගුරු මාරු සමඟ ඔහුගේ නමද අපේ පාසලේ ලැයිස්තුවට ඇතුළත්ය.
මට හැඬුම් ඒ. ඔහුද තවමත් අවිවාහක බව මම දනිමි.
"ආයි එයාට මාව නටවන්න දෙන්නෙ නෑ මම.. හහ්"
"අනේ.. මාව ආයි අසරණ කරන්න එපා.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.."
"එයා එයාගෙ ආදරේ අඳුරගෙන ඇත්තෙ දැන් නං.."
".........."
"මට ඔයාට දෙයක් කියන්න තියනවායි කියයිද? ..."

Subscribe to:
Posts (Atom)