skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, November 1, 2010

අලුත යාළු වුණු ජෝඩුවක්




පි:
මහ වැස්සක තෙමී හදවත බර වීද
රෑ සඳ එළිය හිත ගාවම නැවතීද
ගැ:
වැස්සක් වී වැටී සඳ එළියක් සේම
හිත ගාවට වෙලා දැන් හිනැහෙනවාද

පි:
තනියම හිනා වෙන්නට ඔය නෙත් දෙකට
රෑ තරු ඇවිත් රහසින්වත් කීවාද
ගැ;
තරු කැට කඩා වැටෙනා අහසක් සේම
දෙනුවන් රවටලා හෙමිහිට නොදැනීම

පි:
ගහ කොළ වල එතෙන මුදු පවනක් සේම
මගෙ හිත වෙළා නුඹ පමණයි හැමදාම
ගැ:
රෑ සිහිනෙන් ඇවිත් මඳ සුළඟක් සේම
හීන හැබෑ වන දා පවසනවාද
Posted by ස්වප්නා at 19:25
වර්ගීකරණය: සිතුවිල්ලක්

15 විවේචන:

හිස් අහස said...

මටම හදාපු පද වැල් ටික . ආදරේට මමත් ලඟදී තමයි එකතු උනේ . බොක්කටම වැදුනා .

ජයවේවා !!

November 1, 2010 at 7:56 PM
ගීත් (සහෘදයා) said...

ආ....හා.. සිංහල මැඩම් මේකනම් මාරයි ආහ්......මාරයි කියන්නේ වැඩක් නැ කියලා...මට කමල් අද්දරාච්චි මහත්තයයි නීලා වික්ර මසිංහ මහත්මියයි ගායනා කරන තුන්සිත දැහැන්ගත වෙනා සිතිවිලි සසල කරවනා සිංදුවේ රෑප මැවුනා මේක කියවද්දි.

November 1, 2010 at 8:21 PM
sahan ළියනගෙරත්ගමයා said...

මේකට තනුවක් දාල කියමුකෝ අප්පා............එක නේ අක්කා

November 1, 2010 at 8:28 PM
Buddhi said...

ස්වප්නගේ අවකාශයට මම අදයි අවේ......
නියමයි! සුබ පැතුම්....!

November 1, 2010 at 9:59 PM
ඉලංදාරියා said...

lassanayi harima ..

nawum bawak thiyanwa..

November 1, 2010 at 10:40 PM
Dinesh said...

හරිම ලස්සනයි අක්කෙ..... සොදුරුයි.....

November 2, 2010 at 2:19 AM
ස්වප්නා said...

ස්තුතියි හැමෝටම.
උදෙන්ම ප්‍රතිචාර ටික කියවල ලොකු සතුටක් ලැබුණා.

ඔව් අනේ තනුවක් දාල ගයන්න තියනව නං මාත් ආසයි. :) ඒත් ඉතින් අපි ආස හැම දේම වෙන්නෙ නෑ නෙ.

අනික ඇත්තම කියනව නං ඔය මම මේ දවස් වල කරපු නිර්මාණයක් නෙවෙයි.
බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ඕනි කියල හිතිල, මගේ කුරුටු ගෑ ගී පොත බැලුවා.
එතකොට තමයි මේක හම්බ උනේ. හැබැයි මට ඔය පෙළ අද ඊයෙ ලිව්ව වගේ තාමත් කට පාඩම් :)
මම ලියපු දිනේ බැලුවා.
අවුරුද්ද 2002.

අවුරුදු 8 කට කලින් ලියපු දෙයකට "නැවුම් බවක් තියනව" කියල ප්‍රතිචාරයක් ලැබුණාම, රචකයාට කොච්චර සතුටක් ඇති වෙනවද :)
හැබැයි මේක මම පළ කළේ, මම දැන් කොච්චර නාකි වෙලාද කියල දුකින් :) ප්‍රතිචාර හොඳ නිසා සතුටුයි :)

අර "අරුමය" නිර්මාණය මතකද?
http://sonduru-sihina.blogspot.com/2010/10/blog-post_19.html

ඒක 2003 එකක්.
කාලය දුවනව. අපි එක තැන :(

November 2, 2010 at 8:30 AM
``` Outsider``` said...

පරණ ඒව ලස්සනයි.

නාකි වෙලා කියල හිතන්නෙ මොකද අවුරුදු 50 ක් 60 ක් වුණා කියන්නෙ වයසක්ද? :D

November 2, 2010 at 8:42 AM
ස්වප්නා said...

:P

November 2, 2010 at 8:44 AM
Vipul Pathiraja said...

:D

November 2, 2010 at 10:31 PM
Anonymous said...

මම අදයි ඔයාගේ blog එක බැළුවේ... හරි සියුම්.. මම කැමතියි.. ඒ පද වලටයි, අර්ථයටයි. නියමයි..

November 3, 2010 at 2:13 PM
ආගන්තුකයා said...

මගේ බාසාවෙන් කියනවනම් මැක්සා... සහෝදරී... ඇත්තටම මේකට ලස්සන තනුවක් ආවනම් නියමයි..
අත්දැකීම් එක්ක හදවතේ සංවෙදී කම අඩු වෙනව මම දන්න විදිහට ගොඩක් අයගෙ....
ඒත් ස්වප්නා ඒ ගොඩේ නැති එකට සන්තෝසයි...
අර කුරුටු ගෑ ගී පොත තව ටිකක් අවුස්සල බැලුවනම් හොදයි නේද.....?

November 5, 2010 at 3:28 PM
ස්වප්නා said...

ගොඩාක් ස්තුතියි අගය කිරීමට.
ඒ පොතේ ඒවම දැම්මොත් කට්ටිය මාත් එක්ක තරහ වෙයි, පරණ රචනාම දානව කියල :)
ඉඳල හිටල කවලමේ පළ කරන්නං.

November 5, 2010 at 4:55 PM
Lahiru Siriwardhana said...

කාලය කොච්චර දිවිවත් අපි අපේ මතකයන් එක්ක හැමදාම ඉදිවී

November 6, 2010 at 11:28 PM
ස්වප්නා said...

හ්ම්ම් :)

November 7, 2010 at 9:01 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ▼  November (9)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අකීකරු හිමියනේ
      • වාසනාවේ කවි කොළය
      • අමාවක සඳ
      • වෙරළ ඔබ සිහිනෙකී
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අලුත යාළු වුණු ජෝඩුවක්
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio