දහසක් කෙල්ලෝ
දහසක් කොල්ලෝ
අහක බලා හිදිති
පෙනි පෙනී පිටු අතරේ
Sunday, July 11, 2010
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
11 විවේචන:
ජීවිත වෙන්දේසියේ දමා ඇති මේ දැන්වීම් දුටු විට අද විවාහය යනු තවත් එක් හවුල් ව්‍යාපාරයක්ම පමණක් ලෙස හැඟී යයි...
වයස 20ක්වත් නොපෙනේ,එහෙත් 67කි...
විවාහ වී නොමැත,එහෙත් නීතියෙන් වෙන්ව ඇත....
කෝටියක බූදලය,එහෙත් කකුලේ පොඩි කොරයකි...
ලාංකිකයෙකි , ඇමරිකාවේ PR ඇත,එහෙත් සිංහල නොදනී...
මෙවන් දහසක් උන්නත්,
අහක බලා ඉඳිනු මිස,
වෙන කුමක් කරන්නද!!!
සිතිවිලි අහසට පොළොව මෙන් උනත් වත්කම් තර කරගෙන විවිධාකාර කොන්දේසි මැද වරිගය සතුටු කරණවාට වඩා මටනම් "නුපුරුදු එලියට වඩා සුපුරුදු අදුරමයැ හොද".
යෞවනය උගසට විකිනෙන හැටි මම දකින්නෙ මංගල යෝජනා තීරය තුලින්...
ඕක තනිකර බිස්නස් එකක් වගේ... උපාදිය... රස්සාව... දෑවද්ද... කුලය... වෙන්දේසි කරනවා තරුන ජීවිත
මල් 7තේ ඇඩ් එකක්. ෆන්ම තමයි. පින්තූරය උඩ
ක්ලික් කරලා ලොකු කරලා බලපල්ලා
මම විවහා නොවී ඉන්නවා, මෙහෙම පත්තරෙකට දාන්නෙ නැහැ ඇඩ් එකක්. එක සැපැයි.. මමත් කියෙව්වා මෙ ඇඩ් එක, මු තාම තනිකඩයෙක් වෙන්න ඇති, දඹානෙ පැත්තෙන් මෙවගෙ කෙල්ලෙක් හොයාගත්ත හැකියි, එත් ඉතින් කොහෙන්ද එ පැත්තට පත්තර...?
ගොඩාක් අය හිතෙ තියන දුක, තනිකම, පාලුව මකාගෙන ජිවිත ගමනට සහකාරයෙක් හොයනවා එකටත් නානාප්‍රකාර කොන්දෙසි දාලා, අපි එ වචනවලින් පොඩි සිනාහවක් මුවට නගා ගත්තත් එයාලට මෙ දෙයින් ජිවිතයම පිරෙනවා.
කමෙන්ට්ස් දාපු ඔක්කෝටම ස්තුතියි.
අද මගෙ මූඩ් එක,
අහන් ඉන්න. අහගෙන ඉන්න.
මගෙ හිත මොනවද.... මුමුණනවා ... වෙලා :)
වෙන මොනාත් ඔලුවට එන්නෙ නෑ.... :D
ඔව්. තනිකර බිස්නස් වගේ තමයි. හැබැයි එහෙම නැති අයත් කලාතුරකින් හම්බ වෙනවා.
මේක ගැන දැන් මොනාද නගෝ හිතෙන්නේ....
කාලය මැව් වෙනසක අරුමේ ද?
යකාගෙ හැටියටලුනෙ විමානෙ :D
අම්මල තාත්තල දුවලව වැඩිම ලංසුවට පත්තරේ දාල විකුණන රටේ අපිත් ඉන්නෙ
Post a Comment