skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, May 29, 2010

සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)

සුදා කියන්නෙ අවුරුදු 3 ක පොඩි කොලු පැංචෙක් කියලා මම කියල තියනවනෙ ඕගොල්ලන්ට.
හැබැයි මේ කොල්ල කියන්නේ, පුත්තලම් බූරුවො හත් අට දෙනෙක්ගෙ වයස වෙච්චි මටවත් කියා ගන්න බැරි කතා.
මෙයා කොහොමටවත් කැමති නෑ, කිසිම හේතුවක් නිසාවත් පරදින්න.
අපේ තාත්තත් සුදා අවුස්සන්න බලා ගත්ත ගමන්.
අපේ තාත්ත ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපුහාම, තාත්තත් එක්ක මොකක් හරි පචයක් ගහන්න අපේ ගෙදරට පනින එක, සුදාගෙ රාජකාරියේ එක කොටසක්.

ඔන්න ඔය විදිහට මිනිහ දවසක් අපේ ගෙදර ආව.
තාත්ත ඉන්න ගමන් පටන් ගත්ත බොරුවක් කියන්න: මොකද සුදා අර ආච්චි දෙපාවෙ බැහැගෙන හිටියෙ?
සුදා: මොකක්ද?
තාත්ත: ඇයි මනුස්සයො ආච්චි දෙපාවෙ බැහැගෙන මාලු අල්ල අල්ල හිටියෙ ලොකු කූඩයකින්.
සුදා: ගගේද?
තාත්ත: ගගේ නෙවෙයි. බෝක්කුවෙ, දෙපාවෙ. අර මාලු ඇල්ලුවෙ.
සුදා: ආ.. අපි ඒ මාළු උදේ උයල කෑවා.
Posted by ස්වප්නා at 15:42 11 විවේචන
වර්ගීකරණය: රස කතාවක්

සියයට සියයක්


සිඩ්නි ශෙල්ඩන් කියන ගත් කතුවරයා ලියන පොත් කියවනකොට ඒවාට ඇබ්බැහි වෙනවාය යන කතාව මම අහලා තිබුණට, මම ඔහු විසින් රචිත පොත් කියවලා තිබුනෙ නෑ.
මට තෑග්ගක් විදිහට ලැබිච්ච , "THE BEST LAID PLANS" ඔන්න මම කියවන්න ගත්ත.
ලෙස්ලී කියන ගෑනු ලමයා, එයාගෙ රාජකාරි සථානයේ යාළුවන්ට කිව්වයි කියල; ඔය පොතේ තියන, පොඩි කතාවක් මේක.

Three men came across a female genie who promised to grant each one a wish. The first man said "I wish I were twenty-five percent smarter." The genie blinked, and the man said, "Hey, I feel smarter already."

The second man said, "I wish I were fifty percent smarter." The genie blinked, and the man exclaimed, "Thats wonderful! I think I know things now that I didn't know before."

The third man said, "I'd like to be one hundred percent smarter."

So the genie blinked, and the man changed in to a woman.

හික් හික්

මොකද කියන්නෙ ? ;)
Posted by ස්වප්නා at 14:28 3 විවේචන
වර්ගීකරණය: රස කතාවක්

Friday, May 28, 2010

ස් ටොප් සිමා උණ

ස්වප්නා මලාද
බලන්න ඇහැක් ඇරිය
එකෙක් ඉන්නවාද
හොයා ගන්නට හැකිද

පරණ ණයක් ගෙවිලා
නැතිව ඇත ඉතිරි වීලා
ටොප් සිමා කියනා
විබාගය මට තිබුනා

භීතිකාවක් වූවා
කෙල්ලට උනත් හැදුනා
මැරෙන්නට මෙන්න කියලා
පණ ගැහි ගොඩට ආවා

පැය තුනයි සුද්ද දෙන්නේ
රටක පැන එහි ඇත්තේ
මේවාට ලියන්නේ
පිස්සුදැයි හිතෙන්නේ

දෙය්යනේ කියලා
ඔයින්ම ගොඩයි පතලා
ඔලුව මගෙ අත ගා
ආච්චිත් අසිරි පැතුවා

දැන් ඉතින් ලිව්වා
මගේ දේ මම කෙරුවා
අනේ කරුණාකරලා
පාස් කොරපන් ණය ගෙවෙන්ටා
Posted by ස්වප්නා at 17:33 9 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Friday, May 21, 2010

නුඹ නෑ දන්නේ


රෑ තරු අතරේ
තනි තරුවේ
නුඹව පෙනේ
හීන් හිනාවක
නෙත පැටලුනු බව
නුඹ නෑ දන්නේ

නෑ නුඹ නුදුරේ
මගෙ හීනේ
අහස් කොනේ
මියුරු කතාවක
හිත නැවතුනු බව
නුඹ නෑ දන්නේ

රෑ සද වතුරේ
නුඹේ සිනා
රැළි පෙරලේ
ඒ දිය තරමට
මා කැළඹුන බව
නුඹ නෑ දන්නේ


අවුරුදු බර ගණනක් පරණ සිතුවිල්ලක්.. කැම්පස් යද්දි..
බස් එකේ යනකොට විනාඩි පහෙන් ලියවුනා.
ඔය සිතුවිල්ලම ආයි පාරක් මට මේ ලගකදි මතුවුනා..
ඔහොම තමයි ජීවිතේ හැටි.. හ්ම්ම්ම්ම්
Posted by ස්වප්නා at 12:35 6 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Monday, May 3, 2010

සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)

මේක ටිකක් පරණ කතාවක්. මට ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි වෙච්ච නිසා කියන්න බැරි උනා.

අපේ සුදාට හරි ඇබැද්දියක් වෙලා. මොන්තිචෝරියෙදි මෙයයි, මෙයා ප්‍රේමයෙන් බැදිල ඉන්න පොඩි කෙල්ලයි, ඒ කියන්නෙ, ඕතදී නංගියි ලිස්සන බෝට්ටුවෙ යන්න ගිහින් තියනවා. චුදා ඉස්සරහ, ඕතදී නංගි එයාගෙ පිටිපස්සෙ. කොහොමහරි ඕතදී නංගි අතින් පොඩි වැරදීමක් වෙලා , අය්යට පොඩි තල්ලුවක් දීලා. පොඩි එකා ලිස්සන බෝට්ටුවෙ උඩ ඉදන් කෙලින්ම බිමට. මුණින් අතට වැටිලා.

කොහොමහරි ඉතින් දැන් දොස්තර මාමා මුණ ගැහෙන්නත් ගියා කියමුකො. ඔන්න ඉතින් දොස්තර මාමා සුදාගෙ අත පය අල්ලනව, රිදෙනවද අහනවා. ඔය විදිහට පපුව අල්ලල ඇහුවලු, "පුතාගෙ පපුව රිදෙනවද" කියල. ඔන්න ඒ පාර මේක කියපිලු, "නෑ. පුතාගෙ නං පපුව ලිදෙන්නෙ නෑ. තීතගෙ නන් පපුව හෝච් ගෑව" කියල.........................

ඔන්න ඕකයි තත්වෙ. !!!
Posted by ස්වප්නා at 12:28 6 විවේචන
වර්ගීකරණය: රස කතාවක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ▼  May (5)
      • සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
      • සියයට සියයක්
      • ස් ටොප් සිමා උණ
      • නුඹ නෑ දන්නේ
      • සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio