දුකේදී පිහිටට වඩින්නේ
දෙවිවරුය මිනිසුන් වෙතේ
අපේ කඳුලට තැවෙන දෙවිවරු
මව්පියොයි, වෙනකෙකු නොවේ
කොහේ කොතනක බෙල සිඳුන දා
දෙමාපිය පාමුල වැටී
දෑත් දුන් විට යළි නැගෙන්නට
මව් ගුණය ලොව බැබළවී
හිතේ සවි දී, අප පෙරට ලී
ඔබේ ගත සවි යයි බිඳී
පුතුන් හට ඇති පෙම දිරිය වී
පියවරුන් සවි තිර වෙතී
අපේ ලෝකය එකළු කෙරුමට
ඔබේ වීරිය දන්නෙමූ
ඔබට නොපෙනී, ඔබට නොදැනී
දිවා රෑ ඔබ නමඳිමූ
Friday, February 10, 2012
Thursday, February 2, 2012
ඉස්පිරිතාලයේ අපෙ පැණි හඳ කාලේ
වේලි වේලි ඉඳලා ලැබුණු වතුර පොද
තොලේ ලාන්නට නෑනේ මගේ පින
රටටම නොකිව්වත් ජයටම කෑ මඟුල
කොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපල
හරියට පැහැය තිබුණත් මගෙ සම සොබන
දැන් නං කහය හෙපටයිටිස් කියති වෙද
ඇඳ මස්තකේ ගෙවනා කම්මැලි දිවිය
නිම වෙන දිනය එනකං ඉමි ඇඟිලි ගැන
හිමි එයි රෝහලට ගෙදරට එනව වගේ
පිළිගමි, සිඹින්නට බැරි පිය මුව ඔහුගේ
සිනහවෙන් ගෙවමු මේ දුක් බර කාලේ
ඉස්පිරිතාලෙ දැන් අපෙ පැණි හඳ වාගේ
තොලේ ලාන්නට නෑනේ මගේ පින
රටටම නොකිව්වත් ජයටම කෑ මඟුල
කොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපල
හරියට පැහැය තිබුණත් මගෙ සම සොබන
දැන් නං කහය හෙපටයිටිස් කියති වෙද
ඇඳ මස්තකේ ගෙවනා කම්මැලි දිවිය
නිම වෙන දිනය එනකං ඉමි ඇඟිලි ගැන
හිමි එයි රෝහලට ගෙදරට එනව වගේ
පිළිගමි, සිඹින්නට බැරි පිය මුව ඔහුගේ
සිනහවෙන් ගෙවමු මේ දුක් බර කාලේ
ඉස්පිරිතාලෙ දැන් අපෙ පැණි හඳ වාගේ
Friday, December 30, 2011
අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්...
මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හා
ඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දා
සංසාරේ පැතු ආලේ හිමි හන්දා
හිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා
පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නා
සංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා
මගේ හිතේ සැප දුක දත් හිමි හින්දා
මීරිය දිවිය මී පැණි වන් රස වන්නා
කොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේ
ඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ
ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේ
පතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ
ඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දා
සංසාරේ පැතු ආලේ හිමි හන්දා
හිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා
පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නා
සංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා
මගේ හිතේ සැප දුක දත් හිමි හින්දා
මීරිය දිවිය මී පැණි වන් රස වන්නා
කොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේ
ඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ
ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේ
පතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ
Tuesday, December 13, 2011
මං ආදරෙයි !!
Subscribe to:
Posts (Atom)

