
අතේ ඇති තුට්ටුව ගෙවා
විභාගයකට සැට් උණා
පංති ගිය කාලය ගෙවා
මහන්සිය අපතේ ගියා
අනුන්ගේ බිස්නස් දිහා
බලා ඉගෙනුම මුල් වෙලා
හදන පේපර් එක මෙදා
ගොඩ යන්න මට බැරි උණා
පනහකින් විසි පහ පතා
ගෙවූ කාලය නිම උණා
හයක් තව ඇත මදි වෙලා
මෙදා සිහිනය බොද වුණා
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)