skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, October 27, 2013

සමනල සංධ්වනිය බලන්න !!!



අපි අද සමනල සංධ්වනිය බැලුවා.
හරිම ලස්සනයි.. හරිම පුංචි සිද්ධියක් ලස්සනට ගොතලා, හිතට වේදනාව දනවන්න හැකි, සිත්තමක් හදලා...
සම්පූර්ණ චිත්‍රපටියම පසුබිම් සංගීතයෙන් පිරිලා.. ඇත්තටම සිම්ෆනි එකක් තමයි..

චිත්‍රපටි ශාලාවෙන් එලියට ඇවිල්ලත් මම ගල් ගැහිලා උන්නා..තාර්කික මොලයෙන් හිතුවොත් මහ මෝඩ කමක්, අර දේව්දාස් බැලුවාම හිතෙනව වගේ.. ඒ උනාට ආදරයට කවුද අනේ තර්ක කරන්නෙ... ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියනව වගේ, මේකයි කියල හේතුවක් කියන්න බැරි, සම්බන්ධයක් හිතා ගන්න බැරි ඒ ආදරය, හිතේ හිර වුනාම තියන වේදනාව, හිතට දැනෙන හිස් කම; ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවාමත් අපිට දැනෙනවා...

ගොඩ කාලෙකින් මේ පැත්තෙ නාවත්, කොහොම හරි අකුරු ටිකක් කොටලා යන්නම ඕනෙයි කියල හිතුණා...

කොහොම වෙතත් සැවොයි - 2 වගේ ශාලාවක ඕක බලපු එක ගැන නම්, මම සෑහෙන්න කණගාටු වෙනවා..ලොකු ටී.වී. එකක ඩී.වී.ඩී. එකක් දාල බැලුව වගේ.. අපරාදෙ.. :(

කොහොම නමුත් වෙලාවක් යොදාගෙන බලන්න යන්න වටින නිර්මාණයක් !!!
Posted by ස්වප්නා at 23:15 11 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ▼  2013 (3)
    • ▼  October (1)
      • සමනල සංධ්වනිය බලන්න !!!
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio