වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ.
කොහොම කොහොම හරි මගේ මහත්තැන්, පංති ඉවර වෙලා මාව එක්කන් යන්න එනකං මම ඉතින් කොරන්නේ වඳුරු පැටිය වගේ ඔහේ වට පිටාවේ වෙන එකෝක දේවල් බලන් ඉන්න එක තමයි.
ගිය සෙනසුරාදාත් ඔන්න ඉතින් මහත්තැන් එනකං කියල මම කැම්පස් එකේ ගේට්ටුව ලඟම තියන බංකුවක වාඩි වෙලා උන්නා.
කොලඹ විශ්ව විද්‍යාලයේ, කලා පීඨය පැත්තට වෙන්න තියන ගේට්ටුව ඉස්සරහම නොවෑ පාර පනින්න පහසු වෙන්න හදල තියන මාර්ග සංඥා ලාම්පුත් සවි කරලා ථියෙන්නෙ. කවුරුත් දන්නවනෙ, තමන්ට පාර මාරු වෙන්න ඕනෑ උනාම අර සංඥා කණුව ලඟට ගිහින් බොත්තම තද කරන්නයි තියෙන්නෙ. එතකොට ටික වෙලාවකින් වාහන යාම නවත්තන්න රතු පාට වැටිලා, පාර හරහා යන්න කොළ පාට වැටෙනවා.
ඔන්න ඉතින් පාර මාරු වෙන්න ගෑණු දරුවො තුන් දෙනෙක් ආව. පච මල්ල හලන ගමන්, එක ගෑනු ළමයෙක් අනේ අර කණුව බදාගෙන, සරුවාංගයම සලිත කර කර, එක අතකින් අර බොත්තම එක දිගට ඔබාගෙන ඔබාගෙන ගිය කැත කමට මට හිනත් ගියා.
අනේ ඉතින් මෙව්වා පොදු දේපළ නේද. කොල වැටෙනකංම ඔය බොත්තම තද කරන්න ඕනි නැති විත්තිය එතනින් මීට කලින් පාර මාරු වෙච්ච ඕනි කෙනෙක් දන්නවා ඇති. ඒ පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලය අපි පොඩ්ඩක් ඉවසීමෙන් ලබා දීම විතරයි කළ යුත්තේ. ඔය විදිහට පොදු දේපළ පරිහරණය කලාම, ඉක්මනින්ම අබලන් වෙන මේ පද්ධති නැවත සකස් කරන්නට යන්නෙත් අපේ සල්ලිම තමයි.
උගත් කමයි, සාමාන්‍ය දැනීමයි දෙකම මේ ළමයින්ට තියනව නං කොච්චර හොඳද? නේද?
Monday, April 2, 2012
Subscribe to:
Post Comments (Atom)
10 විවේචන:
හපෝයි මට නම් ඔය කනුවටයි කනුව හදපු එකාටයි ටයිමර් එක හදපු එකාටයි දෙකක් අනින්නමයි හිතෙන්නේ ඔතනින් පාර මාරු වෙද්දි...
බරට බරේ ලැප්ටොප් එකකුයි තව බෑග් එකක් පිටේයි එල්ලං දවසක් ඔතනින් පාර පැනලා යනකොට පාර මැද්දෙදි දැක්කා තව තප්පර 5ක් තියෙන්නේ කියලා... දැං මට ෂුවර් මම එහා පැත්තට නොපැන්නොත් වාහන එලවන එවුං මාව යටකරගෙන යන එක යනවමයි.... හවස පහට විතර තද වෙච්චි ඈයොනේ පාරේ යන්නේ... ඉතිං මම දුවන්න ගත්තා.එතකොටම ගැලවුනේ නැතැයි සෙරප්පුව.ආපහු හැරිලා සෙරප්පුව අතට ගන්නකොට වෙලාව ඉවරයි... සත පහකට මාව ගනන් ගන්නේ නැතිව වාහන කාරයෝ මගේ දෙපැත්තෙන් ගියා කඩාගෙන.. දසමයක් එහෙ මෙහෙ උනානම් තාර පාරේ රොටියක් වෙන්න තිබුනා....
හදපු එකාට සිහි කල්පනාව නෑනේ....කොහොමද ආබාධිත පුද්ගලයෙන් අන්ධ පුද්ගලයෙක් කහ ඉරෙ රේස් දුවන්නේ කියලා හිතුනේ නැති එකනේ පුදුමේ....
මෙහේ නම් ඕවා හැම පාර මාරු වෙන තැනකම හයි කරලා තියෙනවා.. අපි කට්ටිය එකතු වෙලා පයින් යන වෙලාවට කරන්නේ අර පහුවෙන හැම එකක්ම ඔබා ගෙන යන එක..
කතාව නම් සහතික ඇත්ත
සමහර දවස් වලට සිග්නල් ඕෆ් කරල තියෙනව ඔතන
සිග්නල් නැතුව කැම්පස් එක ඉස්සරහින් පාර පයිනව කියන්නෙ මාරයට අත වනනව වගේ දවසට අඩුම ගානෙ 10 පාරක් වත් කරාස් ගාල බ්රේක් පාරවල් ඇහෙනවා මට ඉතින් ඔය සිස්ටම් එකත් කඩා ගත්තොත් ඉගාව ඉන්ටේක් එක එනකන් ඔක හදන්නෙ නෑ (ලන්කාවෙ පොදු සේවා හරිම ඉක්මන් නෙ )
මම හිතුවේ වෙන එකක්...දැං සනීපයිද...කහ පාට ගිහිල්ලද....
පැද්දි පැද්දි ඇවිත් නවත්තලා තිබුනු වාහන ටිකට යන්න කොළපාට වැටුනු ගමන් පාර මාරුවෙන්න බොත්තම කීපවතාවක්ම ඔබන අය දැන් ඕනතරම් දකින්න පුලුවනි නේද? බොත්තම ඔබන පරක්කුවෙන් වාහන නවත්තලා පාර මාරුවෙන්න දුන්නොත් පාරෙ වාහන යන්න වෙන්නෙ නෑ.
දෙක තුන වෙන්න කලින් විබාග අබාග ඉවර කරගන්නේකනං හොඳා නේද?
ඔය වාගේ තාක්සනික දේවල් ගැන පොදුවේ කාන්තා උදවියගේ කල්පනාව අඩුයි නේද? එහෙම නැත්නම් කටේ මාංස පේසි නිතරම වැඩීයෙන් වැඩ කරන හින්ද මොලේට ලේ යනව අඩුද :-)
කලා පීඨයනෙ :D
අපොයි.... අද හුගක් අයට නැත්තෙත් ඕක තමයි.තව මට පෙන්නන්න බැරි වැඩක් තමා පාර පනින කොට මහ පාර තමුන්ගෙ වගේ හිමීට යන එක.පැත්තක ඉදලා බලන් ඉන්න මට මෙහෙම තද වෙනවානම් වාහන වල යන අයට කොහොම තද වෙනවා ඇද්ද.
මං හිතුවෙ ඔබා අයිය ගැන පෝස්ටුවක් කියල.
මොනවා උනත් විශ්ව විද්‍යාල ළමයිනේ.... පව්නේ ...
නොදැනුවත්කම නිසා මෙය වන්නට ඇත ...... තව තව එබුවොත් ඉක්මනින් යන්නට හැකි වේවි කියා ....
Post a Comment