skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, December 30, 2011

අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්...

මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හා
ඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දා
සංසාරේ පැතු ආලේ හිමි හන්දා
හිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා

පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නා
සංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා
මගේ හිතේ සැප දුක දත් හිමි හින්දා
මීරිය දිවිය මී පැණි වන් රස වන්නා

කොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේ
ඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ
ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේ
පතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ
Posted by ස්වප්නා at 13:50
වර්ගීකරණය: සිතුවිල්ලක්

7 විවේචන:

බට්ටි said...

ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
තව අවුරුදු 100 ක් අලුත් ජෝඩුවට සතුටින් ජනවාරි 1 දා කිරිබත් කන්න වාසනාව ලැබේවා!

December 30, 2011 at 3:29 PM
Unknown said...

සුභ නව වසරක් ඔයාටත් අක්කා...

ඒ වගේම ඔයාගෙ අලුත් ජීවිතේට සුභ පතනවා.අපි අභීත අයියගෙ බ්ලොගෙන් ඔයාගෙ ෆොටො දැක්කානෙ.දෙන්නම ලස්සනට හිටියා..:))

December 30, 2011 at 3:50 PM
Abeetha Edirisinghe said...

දිවිය පුරා තනියම ඔබ ආ ගමනේ...
ආයුෂ නිමාවිය දැන් හිමිගේ සරණේ...
ඒවා වැඩක් නැත ලබනා නව වසරේ....
පතනෙමි කිරි සිනා නුඹේ ලොව වෙත මිතුරේ..... :D :D :D :D

December 30, 2011 at 5:44 PM
Dinesh said...

උදාවෙන 2012 ඔය දෙන්නටම සුභ වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ..

December 30, 2011 at 7:50 PM
සංකල්ප said...

චූටී ටීචර්ව අපි දැක්කෝ !!!!!!
අංජන අයියටයි චූටී ටීචර්යි (නිලූෂා) වාසනාවන්ත සුබ නව වසරක් වේවායි පතන්නෙමු !!!

December 30, 2011 at 9:40 PM
Anonymous said...

සුභ අළුත් අවුරුද්දක් වේවා...

January 1, 2012 at 8:49 AM
ස්වප්නා said...

ස්තුතියි :D

February 12, 2012 at 11:51 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ▼  December (2)
      • අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්...
      • මං ආදරෙයි !!
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio