skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, May 24, 2011

නිමේෂයක නිදහස්ව...


ඔරලෝසුවේ කටුව
නොනැවතී කරකැවේ
තත්පරේ කට්ට වගෙ
දුව දුවා හති ලමී

මහන්සිය මැද මගේ
ඔබෙ වදන් අවදි වේ
විඩා නිවනා සුවය
කොහොම ඒ හඬ උනේ

ඇසිල්ලක ලද ඉඩේ
සටහනක් තැබුවෙමී
ඔබට මගෙ ආදරේ
කොතරම්ද නොදනිමී
Posted by ස්වප්නා at 10:26
වර්ගීකරණය: සිතුවිල්ලක්

11 විවේචන:

රවින් said...

ලස්සනයි ස්වප්නා..short and sweet කියන්නේ මෙන්න මේ වගේ ඒවට..

May 24, 2011 at 12:47 PM
ස්වප්නා said...

ස්තුතියි :)

May 24, 2011 at 2:49 PM
සංකල්ප said...

ඇති යන්තන් ආදරේ කියලා හරි පෝස්ට් එකක් දැම්මා.කොහෙද ස්වප්නා අක්කේ ගිහින් උන්නේ. මේ දවස්වල වැඩ යැයි ????

May 24, 2011 at 5:35 PM
දිල් said...

ආදරේ කියන්නෙ ඒකම නේද...හරිම සුන්දර පද ටිකක්

May 24, 2011 at 6:27 PM
Dinesh said...

ලස්සනයි ස්වප්නා අක්කේ..

May 24, 2011 at 6:52 PM
``` Outsider``` said...

ඉන්ධන වලින් ජීවත් වීම..
ලස්සනයි..

May 25, 2011 at 8:32 AM
ස්වප්නා said...

@මධුරංග: ඔව් අනේ. පශ්චාත් උපාධි වැඩ :(

@දිල්: දිල් අතුරුදහන් වෙලා හිටිය නේද සෑහෙන්න කාලයක්. විස්තරේ කියෙව්වා ඔයාගෙ බ්ලොග් එකේ.. සතුටුයි ආයිත් දකින්න.

@Dinesh: ස්තුතියි

@Outsider:හී හී ඉන්ධන නැතුව දුවන්න බෑ නෙ :)

May 25, 2011 at 9:11 AM
TheRetroSalad said...

මම කැමතීයි.............!!!

May 25, 2011 at 12:47 PM
දුකා said...

ආදරේ තරම් සිතට සුව දෙන දෙයක් වේද මේ ලොව . . අපූරුයි ස්වප්නා . . . ඒ ආදරේ තරම දැනෙන්න ම ලියලා . . ලස්සනයි

May 28, 2011 at 3:15 AM
Abeetha Edirisinghe said...

ටකරන් කටහඩක්
කෙලෙස සුව ගෙනේදෝ....
කියා අදහනු බැරිය...
කුමක් සිදු වී ඇතිද...
සිතා ගැනුමට නොහැක....

June 10, 2011 at 9:35 PM
ස්වප්නා said...

:P :D

June 10, 2011 at 9:43 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ▼  May (3)
      • නිමේෂයක නිදහස්ව...
      • ආවොත් යා යුතුමය ...
      • (බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio