skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, May 19, 2011

ආවොත් යා යුතුමය ...




දිලුම් ඉස්පිරිතාලයේ බව මම දැන හුන්නෙමි.
ඒ කෙසේ වතුදු, දිලුම් සනීප වී ආවාද දන්නේ නැතැයි අමුතු සිතුවිල්ලක් මට ඊයේ පහල විය. මට දිලුම් හා සම්බන්ධ වීමට හුරු මූණු පොත හරහා නිසා, සැප සනීප විමසා පණිවිඩයක් දැම්මෙමි.
ඒ පණිවුඩයට යළි කිසි දිනක පිළිතුරක් නො එනු ඇත.

වෙසක් සඳ බැස යන්නට පෙර,
මගේ පණිවුඩය කියවන්නට පෙර,
දිලුම් යන්නට ගියේය.

දිලුම් හා සමඟම ඉපදුණු සොහොවුරා ඉපදී දිනකට පසු සියල්ල හැර ගියේය. ඊයේ දිලුම් ගියේය. අපි හැමෝම කවදා හෝ යා යුතුය.
ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්නට බැරිය.
නොගොස් එන්නට බැරිය.
එනමුත් හදිසියේම හැර යාම දුකකි.

අකල් මරණ වෙන්නේ පෙර කරුම නිසාය යැයි බුදු හිමියෝ දෙසූහ.
මතු මෙවන් අකල් හැර යාමක් නොවන්නට අපි හැකි හැටියකට අපේ මිතුරා වෙනුවෙන් පිං පමුණුවමු.
Posted by ස්වප්නා at 09:32
වර්ගීකරණය: සමාජ සිද්ධි

2 විවේචන:

``` Outsider``` said...

හ්ම්ම් දිලුම්ව පුද්ගලිකව දන්නෙ නැති වුණත් එයාගෙ බ්ලොග් කියවීමෙන් එයාව දැනගෙන හිටිය. ඉතින් එයාට පහුගිය දිනවල බ්ලොග් අවකාශයේ කවුරුත් වගේ සුවය ප්‍රාර්ථනා කලා.
ඒත් වෙලාව ආවම කවුරුත් යා යුතුයි. වේදනාවක් වුණත් ලෝක යථාර්තය එයයි.
ඉතින් දිලුම්ට යහපත් ජන්මයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.

May 19, 2011 at 9:44 AM
සංකල්ප said...

දිලුම් සොහොයුරාට නිවන් සුව පතන්නෙමු. ජාති ජාතිවත් මෙවන් අකල් වියෝ නොම වේවායි පතන්නෙමු !!!!!

May 22, 2011 at 7:17 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ▼  May (3)
      • නිමේෂයක නිදහස්ව...
      • ආවොත් යා යුතුමය ...
      • (බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio