skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, May 17, 2011

(බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...


වෙසක් දා පහන් වැට
වගේ හිත එළි වෙලා
පුන් සඳේ එළිය මැද
ඔබ හිඳී හිනැහිලා

පන්සලේ පිංකමේ
මටත් පිං පෙත් දෙවා
සිල් රකින හිමි මගේ
හිතට නිවනක් වෙලා

කූඩුවක් තාම නැත
මගෙ ගෙදර එල්ලලා
කූඩුවක් බඳිමු අපි
එන වෙසක් ළං වෙලා
Posted by ස්වප්නා at 12:57
වර්ගීකරණය: සිතුවිල්ලක්

6 විවේචන:

දේව් ගේ අඩවිය said...

සුභ වෙසගක් වේවා... සදරු මේ පලාතේ නම් ආවේ ඔන්න අද..... ආයේ එන්න හිතන් ෆලෝ කරගෙනම යනවා... අපේ පැත්තේ ඇවිත් යන්න එන්න ෆලෝ කරන් හොදේ

May 17, 2011 at 1:08 PM
ගීත් (සහෘදයා) said...

ස්වප්පගේ සප්නය
මතු වෙසගට ඉටුවන
කූඩුව උඩ එල්ලන
වහලය යට දෙන්නම

ලස්සන හැඩ වැඩ ඇති
කූඩුව වට රැලි රැලි
හඩ නගමින් සිලි සිලි
පැටවු කූඩු බැබලෙති

May 17, 2011 at 5:49 PM
ස්වප්නා said...

ස්තුතියි ගීත් :)
ලස්සනයි ඔයාගෙ කවි :)

May 18, 2011 at 2:12 PM
කතන්දර Kathandara said...

ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.

ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.

May 19, 2011 at 4:06 AM
සංකල්ප said...

ඒක හොදයි වෙසක් ලං වෙලා හරි කූඩු වෙන්න හිතුන එක. ඔන්න මමත් සුභ පැතුවා එහෙනම්.

May 24, 2011 at 7:29 PM
ස්වප්නා said...

හී හී.. ස්තුතියි

May 25, 2011 at 9:06 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ▼  May (3)
      • නිමේෂයක නිදහස්ව...
      • ආවොත් යා යුතුමය ...
      • (බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio