skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, March 31, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අදින් 4 පංතිය ඉවරයි. ඒ කියන්නෙ මේ වෙනකොට හතරේ පංතියේ තරම් සමතෙක් වෙන්න ඕනි :)

561.) සින්ධූපමාන
562.) හෙළිදරව්ව
563.) පිපිඤ්ඤා
564.) භික්ෂුව
565.) මුද්‍රණ
566.) රාජ්‍යය
567.) ශල්‍යකර්මය
568.) අව්‍යාජ
569.) භ්‍රමණය
570.) කෘතිම
571.) ව්‍යාකරණය
572.) බ්‍රාහ්මණ
573.) බහුශ්‍රැත
574.) සම්භාවනීය
575.) දුක්ඛදායක

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි.
Posted by ස්වප්නා at 19:11 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Wednesday, March 30, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )



අම්මාගේ රියදුරා වීමේ විපාක අනුව බොහෝ ඉරිදා දවස් වල අම්මාත් මමත් ටවුමට යනව ඔය ගෙදරට ඕනෙ කරන අනං මනං ටික අරන් එන්න.
ඔහොම ගිය බොහෝ දවස් වලට අපි සුදාටත් මොනව හරි අරගෙන තමයි එන්නෙ.

ඉතින් ඔහොම දවසක මම මෙයාට අර "POPIT" එකක් ගත්තා.
ගෙදර ආවට පස්සෙ වැට ලඟට ඇවිත්,

"සුදෝ...... ඔයා ඉන්නවද?....."

කියල කතා කරල එහෙම අර POPIT එක දුන්නයි කියමුකො.
සුදා දැන් හැරිල ගෙට යන ගමන්.

අපේ තාත්තා ලඟ පාත ඉඳල කියපි,

"සුදෝ... මටත් ඕනෙ"

සුදා ආපහු හැරුණා.

ඔන්න ඊට පස්සෙ වෙච්ච දේ.

සුදා: "අක්කෙ, ඔයා මාප්පත ගෙනාවෙ නැද්ද?"
මම : "නෑ නෙ :( "
සුදා: "මට විතරද ගෙනාවෙ?"
මම : "ඔව් නෙ"

මෙච්චර වෙලා මගේ දිහා හැරිලා කතා කර කර හිටපු සුදා, කිසි ගානක් නැතුව ආයිත් ගෙට හැරිල ඇතුලට යන ගමන් මෙන්න මෙහෙම කිව්ව.

"එහෙනං මීත පත්තෙ තොකලට් ගේනකොත මාප්පටත් එක්ක ගේන්න"

ඔන්න ඕකයි තත්වෙ !!
Posted by ස්වප්නා at 08:49 6 විවේචන
වර්ගීකරණය: රස කතාවක්

Sunday, March 27, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මේ වචන නම් අමාරු නැහැ නේද?

541.) සොරොව්ව
542.) සමුද්‍රය
543.) අභ්‍යවකාශය
544.) අර්ථාන්විත
545.) දේශානුරාගය
546.) කාලානුරූප
547.) සාහිත්‍යය
548.) සමූපකාරය
549.) ප්‍රවෘත්ති
550.) පුහුණුව
551.) මත්ස්‍යයා
552.) පිළිමතලාව
553.) කල්‍යාණ
554.) කුළුඳුල්
555.) පාර්ශ්වය
556.) ප්‍රදර්ශනය
557.) නිෂ්පාදනය
558.) වර්ගඵලය
559.) ක්ෂිතිජය
560.) අනුශාසක


පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 10:03 4 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Sunday, March 20, 2011

ප්‍රේමය දැකීම


සරලව,
ඉවසීමෙන් යුතුව,
තේරුම් ගනිමින්,
ආදරයෙන් අන්ධව,
නමුත් අවදියෙන්,
බදා ගැනීමට වඩා,
බෙදා ගන්නට කැමති,
දෙදෙනෙකු එක්කෙනෙකු නොව,
දෙදෙනෙකු බව දකින,
ඔබ දුටු වන,
ප්‍රේමය දුටිමි.
Posted by ස්වප්නා at 14:13 9 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

කාලෙකට පස්සෙ ආයිත් සිංහල පාඩම :)
ටීචර් නං කිසි කමකට නෑ නේ? :) තාම හතර වසරේ !!

521.) විද්‍යායතන
522.) ශාලාධිපති
523.) පුණ්‍යකාලය
524.) අත්‍යලංකාර
525.) ඉන්ද්‍රිය
526.) උපදේශය
527.) ජීවනෝපාය
528.) පරෝපකාරය
529.) යන්ත්‍රෝපකරණ
530.) පක්ෂීන්
531.) සංස්කෘතිය
532.) නම්‍යතාව
533.) හැකිළුණු
534.) බවුසරය
535.) පෞද්ගලික
536.) ගෞරවය
537.) බෞද්ධ
538.) භෞමික
539.) පාඨකයන්
540.) සෞන්දර්යය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 13:10 2 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Tuesday, March 8, 2011

මාර්තු අට

මාර්තු අටට ලියවිලි බෝ බව දනිමි
ඒ එක ලිවිල්ලක් කෙරුමට නොසිතුවෙමි
විසිතුරු නාඩගම් පාමින් තොඳොල් වෙවී
රූප පෙට්ටි විහිළු කරන හැටි දුටිමී

කාන්තා සමාජය ගැන කියන ලෙස
ඇවිත් සිටියෝය පරසිඳු කතුන් කැල
ඇඟෙන් බාගයක් එලියට දමාගෙන
නිළි නිවේදිකාවයි ගත්තේ බලන නෙත

ගෙදරද, පිටද, යන පාරේ තොටේදිද
කතුන් හට අවැඩ වෙන බව රහසක් ද
සාකච්ඡා සම්මන්ත්‍රණ වල පිහිට
නොවේ සදාචාරයමයි ඇවැසිකම

ගැහැනු පිරිමි නොව, යහ ගුණ, හරි වරද
තේරුන් ගන්ට හැකි නම් එකඟව හිතට
මාර්තු අටට විතරක් නොව කිසිදාක
කෑ ගොස්සන් නඟන්නට සිදු නොවනු ඇත
Posted by ස්වප්නා at 10:45 8 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ▼  March (6)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ප්‍රේමය දැකීම
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මාර්තු අට
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio