skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, November 24, 2010

අකීකරු හිමියනේ

පෙරදා බැඳුණු ආලේ සිහි නැති වීදෝ
පෙරදා කෙරුම් සිහි වී හිත වද දී දෝ
දරුවන් ලැබූ පසු මා වියපත් වී දෝ
පෙරදා සතුට යළි යළි ඕනෑ වී දෝ

පෝරුව මස්තකේ දෑඟිලි බැඳුණු දිනේ
මගෙ අත නොවෙයි හිතමයි මා පුද දුන්නේ
මට දැන් දැනේ, නෑ නුඹ පෙම අරුත් කලේ
මල් කැකුළියක් ගෙට ගන්ටයි ඕන කළේ

හිත ගත් නුඹේ ඈ හට නොකරමි නින්දා
රජ සිටු මැතිවරුත් තුන් කල් කළ හින්දා
මීසේ මීරි වෙන පව් දුක් දෙන හින්දා
කෑ කෝ ගසා වෙර ගමි නුඹ ගලවන්ටා

නුඹේ විකුම් දරුවන් කන නොවැටීයන්
නුඹේ ගමන් කිසි කෙනෙකුට නොපෙනීයන්
දුක උහුලන්ට මාගේ හිත දැඩි වීයන්
මතු සසරේ නිවැරදි වී හමු වීයන්
Posted by ස්වප්නා at 09:11
වර්ගීකරණය: සිතුවිල්ලක්

10 විවේචන:

``` Outsider``` said...

අපූරුයි පෙල ගැස්ම.

ඒත් කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් ජීවත් විය යුතු යැයි කියන දේ ගැටඵවක්. ආදරය කියන දේ එක් අයෙකුට පමණක් සීමා විය යුතු යැයි කියන එකත් ගැටඵවක්. එසේ බලාපොරොත්තු වීමත් ගැටඵවක්. මේ ඔක්කොම "මම" වටා ගොඩනැගෙන දේවල්. ඒත් ස්වභාවිකත්වය තුළ ඉඩ ඇත්තේ විවිධත්වයටයි. පරිණාමය සිදුවෙන්නේ ඒකාකාරී බවෙන් ඔබ්බටයි.

November 24, 2010 at 9:26 AM
ස්වප්නා said...

හාපෝ දුෂ්ටයා
විවාහය රඳා පවතින්නෙ විශ්වාසය සහ ආදරය මත. ඔය දෙක බිඳ වැටුණු දාට ඒ විවාහයෙන් පළක් නෑ.
එක හිතක් නැති මිනිස්සු මොකට බඳිනවද මන්දා. බැන්ඳා කියන්නෙ ඉතින් බැන්ඳම තමා. ආයි කොහෙද බෙදා ගැනීමක් තවත් කෙනෙක් එක්ක

November 24, 2010 at 9:35 AM
පබලු said...

අපුරුයි පද පෙළ...

මට දැන් දැනේ, නෑ නුඹ පෙම අරුත් කලේ
මල් කැකුළියක් ගෙට ගන්ටයි ඕන කළේ....

November 24, 2010 at 10:40 AM
Asela Kulathunga said...

Very Beauty full,
I Can't composition.
But I can feel it.

November 24, 2010 at 11:22 AM
``` Outsider``` said...

මේකයි මමත් කැමැති මිනිස්සු එහෙම වෙනස් නොවී ඉන්නවනම් පරමාදර්ශී ආදරයක ගිලිල. එහෙත් වෙනස්වීමයි ලෝක ස්වභාවය. ඒක නිසා ඔයා කියන විදියෙ පරමාදර්ශී ආදරයක් ගැන මමනම් විශ්වාස කරන්නෙ නෑ.
විවාහයට එය ගැටඵවක් නොවේ. එකිනෙකා රවටා ගැනීමට වඩා මේ තත්වයන් තේරුම් අරන් සිටියොත් අවංක බව රැක ගන්න පුඵවන් වෙයි මහන්සියක් නැතිවම.
මමනම් ඉතින් දුෂ්ඨයා තමයි..:D

November 24, 2010 at 3:37 PM
dinesh said...

බැන්දට පස්සෙ ඔන්න ඔය වාගෙ හිතන කෙල්ලක් හම්බ උනොත්නම් ෂෝක්...

November 24, 2010 at 4:24 PM
තිස්ස දොඩන්ගොඩ said...

"බැන්ඳා කියන්නෙ ඉතින් බැන්ඳම තමා. ආයි කොහෙද බෙදා ගැනීමක් තවත් කෙනෙක් එක්ක.." 100% එකඟයි... ආයේ මොනවද...!

November 24, 2010 at 8:54 PM
ස්වප්නා said...

ඒකනේ තිස්ස අයියා...

@dinesh: අපෝ ඔය ඕන තරං ඉන්නෙ

@outsider: තවමත් මම ඉන්නෙ මගේ මතයේ.. ඔයා කියන කතාවට මම එකඟ නෑ

ස්තුතියි හැමෝටම. ඇවිත් කියවලා අදහස් ප්‍රකාශ කලාට :)

November 25, 2010 at 7:24 AM
P. Wijekoon said...

අනිත්‍ය කිසි දෙයක් නිත්‍ය වෙන්නේ නැහැ ස්වප්නා. කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒත් විවාහයකදි විශ්වාසයයි, ආදරයයි විතරක් නෙවෙයි "අසීමිත" ඉවසීමකුත් අවශ්‍යයයි.
මැණික්(සුළඟ)

November 25, 2010 at 10:53 AM
Anonymous said...

අවංක බව ‍රැක ගන්නවනම් විවාහ ජිවිතයේ එන හැම ප්‍රශ්නයකටම් සාර්ථකව මුන දෙන්න පුලුවන්.විවාහ උනත් සිත වෙනතක ගිහින් නම් ඇදබැද තබා ගතයුතු නැහැ.සිත ගිය තැනකට යන්න දෙනවා මිසක්, මේ කවි පංතිය මගේ ජිවිතයට හුගක් සමීපයි,

November 25, 2010 at 8:14 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ▼  November (9)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අකීකරු හිමියනේ
      • වාසනාවේ කවි කොළය
      • අමාවක සඳ
      • වෙරළ ඔබ සිහිනෙකී
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අලුත යාළු වුණු ජෝඩුවක්
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio