skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, November 21, 2010

වාසනාවේ කවි කොළය

හිතන පතන දේ ලැබෙන්න
මහන්සියෙන් වැඩ කරන්න
වාසනාව අඳුරගන්න
හිතටත් ඉඩ ලබා දෙන්න

දුක් කඳුළැලි නිවාලන්න
ඇසට කඳුළ හුරු කරන්න
දුක දැනුණම නාඬ ඉන්න
හිත පොඩ්ඩක් දැඩි කරන්න

ලැබීමෙන්ම විතරක් නොව
දෙන දෙයිනුත් හිත පුරාම
සතුට ගලන බව දැනෙන්න
බෙදා ගන්න පුරුදු වෙන්න

ලැබෙන පුංචි දේ ගැන වුව
සතුටු වන්න පුරුදු වෙන්න
නොලැබෙන වස්තුව කුමටද
ඇලුම් බැඳුම් නැති කරන්න

වාසනාව වැරහැලි ඇඳ
ආ දා ඈ හඳුනගන්න
ලෝබය, ද්වේශය , මෝහය
නෙත් මානෙන් පන්න ගන්න
Posted by ස්වප්නා at 17:19
වර්ගීකරණය: සිතුවිල්ලක්

9 විවේචන:

ප්‍රාර්ථනා said...

දවසේ සිතුවිල්ල.. අරුත්බරයි..ලස්සනයි

November 21, 2010 at 6:41 PM
dinesh said...

ලස්සන පද පෙලක්.මුල් වැකි දෙකනම් අත්දු‍ටුවයි..("පෙල""ළ" හරිද මන්ද?)

November 21, 2010 at 7:27 PM
mali_89 said...

නියමයි.

November 21, 2010 at 8:09 PM
හිස් අහස said...

වාසනාව එයා එනකම් තමයි මම බලං ඉන්නේ .....

ලස්සනයි කවිය හිතේ වැදුනා .....

පිං සිද්ධ වෙනවා ස්වප්නා

ජයවේවා !!

November 21, 2010 at 11:18 PM
ස්වප්නා said...

ස්තුතියි හැමෝටම :)

@dinesh: ම්ම්ම්ම් හරි වගේ මට මතක.

November 22, 2010 at 8:23 AM
``` Outsider``` said...

හොඳයි හොඳයි එහෙම වෙන්නම්කො...

ලස්සනයි..

November 22, 2010 at 8:39 AM
ස්වප්නා said...

:P ස්තුතියි!

November 22, 2010 at 12:45 PM
ගීත් (සහෘදයා) said...

හානේ........ලස්සන විරිදු ටික....අනේ...
විරිදු කිවුවේ මම මේ ටික කියෙවුවේ විරිදු තනුවකට.. :D

ඩිං..ට්‍රැක ට්‍රැක ඩිං..ට්‍රැක ට්‍රැක....බුම්......

November 22, 2010 at 1:53 PM
ස්වප්නා said...

හික් :D

November 22, 2010 at 4:57 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ▼  November (9)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අකීකරු හිමියනේ
      • වාසනාවේ කවි කොළය
      • අමාවක සඳ
      • වෙරළ ඔබ සිහිනෙකී
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අලුත යාළු වුණු ජෝඩුවක්
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio