"මාව හොයාගෙන එන්ට එපා. ඔයා දුක් වෙන්නත් එපා."
මට දැඩි සීතලක් දැනේ. හිසේ සිට දෙපතුල දක්වාම කකියයි.
අමරසිරි පීරිස්ගේ ගී හඬ අල්ලපු ගෙදර රේඩියෝවෙන් ඇසේ.
"ඇය යන්න ගියා මැකිලා..
ගී ගයමින් හිඳ මා තුරුළේ
ඇය යන්න ගියා මැකිලා..."
පන්තියේ මා ඈ හඳුනා ගත්තේ දයාබර සහෝදර සිසුවියක හැටියටය. වැඩිහිටියන් වූ අප තවමත් විභාග කරමින් සිටීම
පිළිබඳව අපි අපටම සිනා සීමු. නමුත් අහම්බයකින් වූ සිදුවීමක් අපේ සබඳකම දුර දිග ගෙන ගියේය.
මම සමාජ ශාලා යෑමට ඇබ්බැහි වූවෙක් වීමි. අවේලාවේ යන ගමන් නතර කරන්නට ගෙදරින් කොතරම් උත්සාහ කලත්, මා අත ගැවසි මුදලුත්, මගේම නොසණ්ඩාලකමත් ඊට ඉඩ නොදිනි. සමාජ ශාලාවේ රාත්රියක, මා වෙනුවෙන් විවර වුණු දොරින්, කාමරයට ඇතුළු වුණු මම එක්වරම හිටි තැනම ගල් වීමි. ඒ ඈ මය. ඇය පත් අපහසුතාවය ඊට නොදෙවනි බව නොකිව මනාය.
අපි කතා කළෙමු. රැය පහන් වන තුරු කතා කළෙමු.
"මුලින් මම ආවෙ DJ floor එකේ ඉන්න විතරයි. ඉගෙන ගන්න, ගෙදර යවන්න, විය හියදම් බලා ගන්න ඇති තරම් ආදායමක් ලැබුණා. කවුරුත් දන්නෙත් නෑ. අපි දෙතුන් දෙනෙක්ම හිටියා. මෙහෙට එන වැදගත්ම කස්ටමර් කෙනෙක්ට මාව උවමනා වෙලා තිබ්බා. අයිතිකාරයට මිනිහගෙන් ගැලවිල්ලක් නෑ. මට අයිතිකාරයගෙන් ගැලවිල්ලක් නෑ. අන්තිමට මෙතන නතර උනා."
"මං හිතුවෙ මෙහෙ ඉන්න අය කැමැත්තෙන් මේ රස්සාව කරනවා කියල"
"කැමැත්තෙන් තමයි කරන්නෙ; අකමැති වෙලා වැඩක් නෑ"
"අපි හිතනවට වඩා දේවල් සංකීර්ණයි." මම තනිවම සිතීමි.
ඈ පන්ති නො ආ විට මම ඈ සෙවීමි. පිටතදී මුණ ගැසීමි.
ඈ වෙනදා මෙන් කෙළින් මා දෙස නොබලන්නීය. "ඔයා එන්න. පන්ති නෑවිත් ඉන්න එපා"
කිසිවකුට නවත්තන්නට බැරි වූ මගේ සමාජ ශාලා ගමන එතැනින්ම නතර විය. ඈ එතැනින් මුදා ගැනීම අපහසුය. ඈ එතැනින් මුදා ගෙනවිත් මට තියන්නට තැනක්ද නැත.
කෙසේ වුවත්, සරලවම අපි පෙම්වතුන් වීමු. එය සැබැවින්ම හින්දි ඡිත්රපටයක් මෙන් විය. මම කිසිදිනක අනාගතය ගැන නොසිතුවෙමි. අලුතෙන් සිතන්නටද දෙයක් නැත. හිතන්නට මට ඕනෑත් නැත.
පුවත් පතෙහි ඇගේ ඡායාරූපය දුටු මගේ ඉහ මොළ රත් විණි. "හඳුනා ගැනීමට සහාය වන්න"
දැන්නම් ඈට මගේ ජංගම දුරකථනයෙන් ඇමතීම ඥානාන්විත නොවේ.
මම පොදු දුරකථන කුටියකින් දුරකතන ඇමතිමක් ලබා ගතිමි.
ප්රතිචාරයක් නොමැත.
දින කිහිපයකට පසු මා නමට ලිපියක් ලැබිණි.
"මම අන්තිම තීරණේ ගත්තා. කිසි කෙනෙක්ට මාව හොයා ගන්න ලැබෙන්නෙ නෑ.මම යන්නම යනවා. මට ගෙදර යන්න බෑ. සල්ලි එව්වෙ මෙහෙමද අහලා අම්ම ලතෝනි තියනවා. නංගිලාට ලැජ්ජයි. තාත්තා මාව මරන්න හොයනවා. එයා තැබෑරුම් ගානෙ යනකොට අපිව මතක තිබ්බ නං මෙහෙම වෙන්නෙ නෑ. වෙච්ච දේවල් ආපස්සට යවන්න බෑ. මට ඉස්සරහට යන්නත් බෑ. හිර වෙලා ජීවත් වෙන්නත් බෑ.
ඔයා අඳුරගන්න ලැබුනට සංතෝසයි.....
මං ආදරෙයි.."
"අමාවක දවසට අහස කළුවර උනාට සම්පූර්ණ වැරැද්ද හඳේද?" මට කෑ ගසා අසන්නට සිතුණි.
Sunday, November 14, 2010
Subscribe to:
Post Comments (Atom)
7 විවේචන:
දුක හිතෙන කතාවක්..... මේක කියවගෙන යද්දී මට සින්හල ච්ත්රපටියක් මතක් උනා... ඉන්නේ කමල් අද්දර ආරච්ච් සමග සන්ගීතා වීරරත්න... හැබැයි මට නම හරියට මතක නැහැ... මොනව උනත් අනුවේදනීය කතාවක්.........
ලස්සන, දුක්බර කතාවක්..
වර්ගීකරණය: පුංචි කතාවක්....?
නෑ ස්වප්නා. මේක ලොකු කතාවක්. මේකෙදි ඔයාගේ මැදිහත්වීම වැදගත්. අඩුගානේ මේ නින්දිත කටයුත්තට එරෙහිව ඔයාට හැකි පමණින් යමක් කලා කියලා කවදා හරි හිත හදාගන්න වත් පුළුවන් වෙයි.
බොහොම ස්තුතියි අගය කිරීම් වලට.
ඔය ප්රශ්නෙ, පත්තරවල මූණු දාල විසඳන්න පුලුවන් එකක් කියල මම පිළිගන්නෙ නෑ.
ඒකයි මෙහෙම කතාවක් ලියන්න හිතුණෙ. අනික පුවත් පත් වාර්තාවක්ම මම දැක්කා මීට අවුරුද්දකට විතර කලින්,
ඔය සමාජ ශාලා වල නටන ගෑනු ළමයි ගැන ලියල තිබ්බ. සමහර අය ඒව කරන්නෙ ඇත්තටම වියදම හොයා ගන්න, ඉගෙනගන්න, ජීවත් වෙන්න. නැතුව ජොලියට නෙවෙයි.
ආර්ථික ප්රශ්න වලට හරි උත්තර හොයා ගන්නෙ නැතුව අරම වැඩ කලාම මිනිස්සු අසරණ වෙන්න ඇති කියල මට හිතුණා.
දිනේෂ් ට මතක "සප්ත කන්යා" වෙන්න ඕනෙ. ඒකෙ සංගීතා කඩවල් වලින් හොරකං කරන එක තමයි රස්සාව විදිහට කලේ.
පස්සෙ කමල් බැන්ඳත් එයාට ඒ පුරුද්ද නැති කර ගන්න බැරි උනා.
මේක කාලකණ්ණි රටක්. මිනිස්සුන්ට ජීවත්වීමේ අවකාශය හැමදාම නැති කරල තියෙන්නෙ. පොඩි මිනිහට ඔඵව උස්සන්න කවදාවත් ඉඩ දුන්නෙ නෑ. ඉතින් ජීවත් වෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙලා තමන් අකමැති පහත් දේවල් වල යෙදෙන්නෙ.
ඒත් ඒ මිනිස්සුන්ව මර්ධනය කරන්න මිසක් මිනිසුන් ඒ තත්වෙට වැටෙන ක්රමය වෙනස් කරන්න තරම් මිනිස්කමට ආදරය කරන අය අත නෙවෙයි මේ රට හැමදාම පැවතුණේ.
මේවා සමාජයේ වැරදි ... mmm
විශිෂ්ටයි...හැබයි මේක පුංචි කතාවක් කියල නම් කෙරුවට මේකෙ මහ විශාල අර්තයක් තියෙනවා...
මේක තම්න්ගෙ ජීවිතේ තිත්ත ඇත්ත වුනු කී දෙනෙක් අද අප අතරෙ ඉන්නව ඇද්ද....
මේ කතාවම මම තවත් තැනක මෙහෙම අහලා තියෙනවා...
"ලැම පමනක් පිටට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...."කියලා
Post a Comment