
දිලුම් ඉස්පිරිතාලයේ බව මම දැන හුන්නෙමි.
ඒ කෙසේ වතුදු, දිලුම් සනීප වී ආවාද දන්නේ නැතැයි අමුතු සිතුවිල්ලක් මට ඊයේ පහල විය. මට දිලුම් හා සම්බන්ධ වීමට හුරු මූණු පොත හරහා නිසා, සැප සනීප විමසා පණිවිඩයක් දැම්මෙමි.
ඒ පණිවුඩයට යළි කිසි දිනක පිළිතුරක් නො එනු ඇත.
වෙසක් සඳ බැස යන්නට පෙර,
මගේ පණිවුඩය කියවන්නට පෙර,
දිලුම් යන්නට ගියේය.
දිලුම් හා සමඟම ඉපදුණු සොහොවුරා ඉපදී දිනකට පසු සියල්ල හැර ගියේය. ඊයේ දිලුම් ගියේය. අපි හැමෝම කවදා හෝ යා යුතුය.
ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්නට බැරිය.
නොගොස් එන්නට බැරිය.
එනමුත් හදිසියේම හැර යාම දුකකි.
අකල් මරණ වෙන්නේ පෙර කරුම නිසාය යැයි බුදු හිමියෝ දෙසූහ.
මතු මෙවන් අකල් හැර යාමක් නොවන්නට අපි හැකි හැටියකට අපේ මිතුරා වෙනුවෙන් පිං පමුණුවමු.

4 විවේචන:
හ්ම්ම් දිලුම්ව පුද්ගලිකව දන්නෙ නැති වුණත් එයාගෙ බ්ලොග් කියවීමෙන් එයාව දැනගෙන හිටිය. ඉතින් එයාට පහුගිය දිනවල බ්ලොග් අවකාශයේ කවුරුත් වගේ සුවය ප්‍රාර්ථනා කලා.
ඒත් වෙලාව ආවම කවුරුත් යා යුතුයි. වේදනාවක් වුණත් ලෝක යථාර්තය එයයි.
ඉතින් දිලුම්ට යහපත් ජන්මයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
දිලුම් වෙනුවෙන් පල කල දැන්වීම තවමත් මගේ සයිට් එකෙන් ගැලෙව්වේ නැත. එහෙත් දැන් එයින්ද පලක් නැත. දිලුම් ඔබට නිවන් සුව!
ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා
"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.
සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........
http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html
දිලුම් සොහොයුරාට නිවන් සුව පතන්නෙමු. ජාති ජාතිවත් මෙවන් අකල් වියෝ නොම වේවායි පතන්නෙමු !!!!!
Post a Comment