වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ.
කොහොම කොහොම හරි මගේ මහත්තැන්, පංති ඉවර වෙලා මාව එක්කන් යන්න එනකං මම ඉතින් කොරන්නේ වඳුරු පැටිය වගේ ඔහේ වට පිටාවේ වෙන එකෝක දේවල් බලන් ඉන්න එක තමයි.
ගිය සෙනසුරාදාත් ඔන්න ඉතින් මහත්තැන් එනකං කියල මම කැම්පස් එකේ ගේට්ටුව ලඟම තියන බංකුවක වාඩි වෙලා උන්නා.
කොලඹ විශ්ව විද්‍යාලයේ, කලා පීඨය පැත්තට වෙන්න තියන ගේට්ටුව ඉස්සරහම නොවෑ පාර පනින්න පහසු වෙන්න හදල තියන මාර්ග සංඥා ලාම්පුත් සවි කරලා ථියෙන්නෙ. කවුරුත් දන්නවනෙ, තමන්ට පාර මාරු වෙන්න ඕනෑ උනාම අර සංඥා කණුව ලඟට ගිහින් බොත්තම තද කරන්නයි තියෙන්නෙ. එතකොට ටික වෙලාවකින් වාහන යාම නවත්තන්න රතු පාට වැටිලා, පාර හරහා යන්න කොළ පාට වැටෙනවා.
ඔන්න ඉතින් පාර මාරු වෙන්න ගෑණු දරුවො තුන් දෙනෙක් ආව. පච මල්ල හලන ගමන්, එක ගෑනු ළමයෙක් අනේ අර කණුව බදාගෙන, සරුවාංගයම සලිත කර කර, එක අතකින් අර බොත්තම එක දිගට ඔබාගෙන ඔබාගෙන ගිය කැත කමට මට හිනත් ගියා.
අනේ ඉතින් මෙව්වා පොදු දේපළ නේද. කොල වැටෙනකංම ඔය බොත්තම තද කරන්න ඕනි නැති විත්තිය එතනින් මීට කලින් පාර මාරු වෙච්ච ඕනි කෙනෙක් දන්නවා ඇති. ඒ පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලය අපි පොඩ්ඩක් ඉවසීමෙන් ලබා දීම විතරයි කළ යුත්තේ. ඔය විදිහට පොදු දේපළ පරිහරණය කලාම, ඉක්මනින්ම අබලන් වෙන මේ පද්ධති නැවත සකස් කරන්නට යන්නෙත් අපේ සල්ලිම තමයි.
උගත් කමයි, සාමාන්‍ය දැනීමයි දෙකම මේ ළමයින්ට තියනව නං කොච්චර හොඳද? නේද?
Monday, April 2, 2012
Subscribe to:
Posts (Atom)