skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, December 30, 2011

අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්...

මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හා
ඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දා
සංසාරේ පැතු ආලේ හිමි හන්දා
හිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා

පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නා
සංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා
මගේ හිතේ සැප දුක දත් හිමි හින්දා
මීරිය දිවිය මී පැණි වන් රස වන්නා

කොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේ
ඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ
ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේ
පතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ
Posted by ස්වප්නා at 13:50 7 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Tuesday, December 13, 2011

මං ආදරෙයි !!


පරණ කන් දෙකට
එකම එක වතාවක්වත් නොකියපු
"මං ආදරෙයි!!!"
අලුත් අඟට
කී වතාවක් නං කියන්න ඇද්ද?

අලුත් අඟේ
පැටලෙන්න කලින්
එකම එක වතාවක්වත්
පරණ කන් දෙකට
"මං ආදරෙයි!!!"
කියන්න හිතුණා...

මං ආ..................................දරෙයි
අම්මේ ! තාත්තේ !
Posted by ස්වප්නා at 23:13 28 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ▼  December (2)
      • අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්...
      • මං ආදරෙයි !!
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio