skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, May 24, 2011

නිමේෂයක නිදහස්ව...


ඔරලෝසුවේ කටුව
නොනැවතී කරකැවේ
තත්පරේ කට්ට වගෙ
දුව දුවා හති ලමී

මහන්සිය මැද මගේ
ඔබෙ වදන් අවදි වේ
විඩා නිවනා සුවය
කොහොම ඒ හඬ උනේ

ඇසිල්ලක ලද ඉඩේ
සටහනක් තැබුවෙමී
ඔබට මගෙ ආදරේ
කොතරම්ද නොදනිමී
Posted by ස්වප්නා at 10:26 11 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Thursday, May 19, 2011

ආවොත් යා යුතුමය ...




දිලුම් ඉස්පිරිතාලයේ බව මම දැන හුන්නෙමි.
ඒ කෙසේ වතුදු, දිලුම් සනීප වී ආවාද දන්නේ නැතැයි අමුතු සිතුවිල්ලක් මට ඊයේ පහල විය. මට දිලුම් හා සම්බන්ධ වීමට හුරු මූණු පොත හරහා නිසා, සැප සනීප විමසා පණිවිඩයක් දැම්මෙමි.
ඒ පණිවුඩයට යළි කිසි දිනක පිළිතුරක් නො එනු ඇත.

වෙසක් සඳ බැස යන්නට පෙර,
මගේ පණිවුඩය කියවන්නට පෙර,
දිලුම් යන්නට ගියේය.

දිලුම් හා සමඟම ඉපදුණු සොහොවුරා ඉපදී දිනකට පසු සියල්ල හැර ගියේය. ඊයේ දිලුම් ගියේය. අපි හැමෝම කවදා හෝ යා යුතුය.
ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්නට බැරිය.
නොගොස් එන්නට බැරිය.
එනමුත් හදිසියේම හැර යාම දුකකි.

අකල් මරණ වෙන්නේ පෙර කරුම නිසාය යැයි බුදු හිමියෝ දෙසූහ.
මතු මෙවන් අකල් හැර යාමක් නොවන්නට අපි හැකි හැටියකට අපේ මිතුරා වෙනුවෙන් පිං පමුණුවමු.
Posted by ස්වප්නා at 09:32 2 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

Tuesday, May 17, 2011

(බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...


වෙසක් දා පහන් වැට
වගේ හිත එළි වෙලා
පුන් සඳේ එළිය මැද
ඔබ හිඳී හිනැහිලා

පන්සලේ පිංකමේ
මටත් පිං පෙත් දෙවා
සිල් රකින හිමි මගේ
හිතට නිවනක් වෙලා

කූඩුවක් තාම නැත
මගෙ ගෙදර එල්ලලා
කූඩුවක් බඳිමු අපි
එන වෙසක් ළං වෙලා
Posted by ස්වප්නා at 12:57 6 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ▼  May (3)
      • නිමේෂයක නිදහස්ව...
      • ආවොත් යා යුතුමය ...
      • (බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio